ශ්‍රී ලාංකික පිරිසකගේ විරෝධය මැද තවත් ශ්‍රී ලාංකික පිරිසක් බොලොඤ්ඤා හි උද්ඝෝෂණ

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරයට අදාළව පරීක්ෂණ විධිමත් හා කඩිනම් කරන්නැයි, ඉල්ලමින් ශ්‍රී ලාංකිකයින් පිරිස ඉතාලියේ බොලොඤ්ඤා නගරයේදී හා තවත් ස්ථාන කිහිපයක ඊයේ(12) සාමකාමී උද්ඝෝෂණයක් පැවැත්වීය.රාජ්‍ය නොවන සංවිධානයක් මඟින් සංවිධානය කළ ජී 20 අන්තර් ආගමික සමුළුව ඊයේ ඉතාලියේ දී පැවති අතර අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද මීට එක් විය.මේ අතර ඉතාලියේ වෙසෙන තවත් ශ්‍රී ලාංකිකයන් පිරිසක් මෙම උද්ඝෝෂණය එරෙහිව අදහස් පළ කළහ .ඔවුන් ප්‍රකාශ කොට සිටියේ මෙම උද්ඝෝෂණය එල්ටීටීය ඇතුළු ත්‍රස්තවාදී සහ රාජ්‍ය විරෝධී කණ්ඩායම් වල අවශ්‍යතා මත සංවිධානය කරන ලද්දක් බවය.එහෙත් මෙම උද්ඝෝෂකයන් පවසා සිටියේ දැනට බොලොඤ්ඤා නගරයට පැමිණ හිඳින ශ්‍රී ලංකා බුද්ධි අංශ සාමාජිකයන් විසින් මෙම උද්ඝෝෂණයට එක් වූවන් ගේ ශ්‍රී ලංකාවේ වෙසෙන ඥාතීන් ත්‍රස්තවාදය වැළැක්වීම පනත යටතේ අත් අඩංගුවට ගන්නා බවට උද්ඝෝෂකයන් අතරේ බොරු ආරංචි පතුරුවා තිබූ බවය.මෙම පසුබිම පිළිබඳ ව තොරතුරු කල් ඇතිවම “විනිවිද”ඊයේ අනාවරණය කරන ලදී.

කාලීන පුවත්