සනත් නිශාන්තගේ බිරිඳ;චමරී පාර්ලිමේන්තුවට ?

පසුගිය දා හදිසි අනතුරකින් අභාවප්‍රාප්ත වූ රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ බිරිඳ නීතිඥ චමරී පෙරේරා මහත්මිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී වරියක වශයෙන් දේශපාලනයට පිවිසීමේ හැකියාවක් පවතින බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි. ඇය ක්‍රියාකාරී දේශපාලනයට කැඳවා ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විශේෂ උනන්දුවක් දක්වන බව ද පැවසෙයි.ඔහු පවසා ඇත්තේ චමරී පෙරේරා මහත්මිය නීතිඥ වරියක වීම හා දිගු කලක් තිස්සේ සනත් නිශාන්ත මහතාගේ පෞද්ගලික ලේකම් වරිය ලෙස කටයුතු කිරීම මත ඇය ක්‍රියාකාරී දේශපාලනය සඳහා මූලික සුදුසුකම් සපුරා ඇති බවය.මේ අතර දැනට පාර්ලිමේන්තුවේ සිටින නීතිඥ පොහොට්ටු මන්ත්‍රීවරයෙකු ඉල්ලා අස්වී එම ධුරය සනත් නිශාන්තගේ බිරිඳට ලබාදීම පිළිබඳ සාකච්ඡාවක් පවතින අතර ඒ වෙනුවෙන් ඔහුට විශාල ප්‍රතිලාභයක් ලබා දෙන බව ද තහවුරු නොවූ ආරංචි වලින් පැවසෙයි.

කාලීන පුවත්