වතිකානයේ සිස්ටීන් දේවස්ථානයේ දුම් කවුළුව තුළින් පසුගිය මැයි 8 වැනිදා සුදු පැහැ දුමාරය නික්ම යද්දී ලෝකයට නව පාප් වහන්සේ කෙනෙකු තෝරා ගත් බවට වූ සුබ පණිවිඩය ලැබිණි. මේ ඡන්ද විමසීමේ ප්‍රතිඵලය තුළින් ඇමරිකාවේ උපන් නමුත් ලතින් ඇමරිකානු රටවල් ඔස්සේ සිය ජීවිතයේ අක්මුල් විහිදුවාලූ 69 හැවිරිදි කාදිනල් රොබර්ට් ෆ්රාන්සිස් ප්‍රෙවොස්ට් නව පාප් වහන්සේ ලෙස තේරී පත් විය. 14 වැනි ලියෝ ලෙස සිය නාමය තෝරා ගත් උන් වහන්සේ වසර දෙදහසක ඉතිහාසය පුරා ඇමරිකා එක්සත් ජනපදයෙන් තේරී පත් වූ පළමු පාප් වහන්සේ බවට සිය නාමය වාර්තා අතරට රැගෙන ආවේය. වතිකානයේ මේ තීරණය ලොව පුරා වූ කතෝලිකයන් තුළ මහත් ආශ්වාදයක් සේම විස්මයක් ඇති කරන්නට ද හේතු වූ බව පෙනෙන්නට තිබුණි.
පේරු රාජ්‍යය තුළ එතුමා දිළින්දන්ගේ නිහතමානී සේවකයකු ලෙස සහ දිව්‍යමය ප්‍රේමය හිමි නායකයකු ලෙස කීර්ති නාමයක් හිමි කර ගත් අතර අවසානයේ උතුරු පේරු හි ප්‍රධාන නගරයක් වූ චික්ලායෝ හි බිෂොප්වරයා බවට ද පත් විය. සංස්කෘතිකමය බෙදීම් එක් කරන්නට, මේ භූමිය තුළ පූජකවරයකු ලෙස මුහුණ දෙන්නට ඇති අභියෝගයන් පිළිබඳ අවබෝධ කරගන්නට සහ ප්‍රජාවගේ ජීවිත පෝෂණය කරන්නට තිබූ අපූරු හැකියාව නිසා එතුමා ලතින් ඇමරිකාව තුළ මහත් ප්‍රසිද්ධියට පත් විය.
1955 සැප්තැම්බර් 14 වැනිදා ඇමරිකා එක්සත් ජනපදයේ චිකාගෝ ප්‍රාන්තයේ ඉලිනොයිස් හි උපත ලද රොබර්ට් ප්‍රෙවොස්ට් ඉතා භක්තිමක් කතෝලික (‘කතෝලික’ යනු ග්‍රීක බසින් බිඳී ආ වදනක් වන අතර එහි අරුත වන්නේ විශ්වීය හෝ සියල්ල ඇතුළත් යන්න) පවුලක් තුළ හැදී වැඩුණු අයෙක් විය. ඉතා කුඩා කාලයේ පටන්ම ආගමික ජීවිතය කෙරෙහි ඇල්මක් දැක් වූ එතුමා සාන්ත ඔගස්ටින් නිකාය සමග එක් වූ අතර 1982 වසරේ දී පූජකවරය හිමි කර ගත්තේය. සිය පූජකවරයේ මුල් සමය ඇමරිකා එක්සත් ජනපදයටම සීමා වූයේ නැත. ඒ වෙනුවට එතුමා සිය ධර්මදූත මෙහෙවර යොමු කළේ ලතින් ඇමරිකානු රටක් වූ පේරු රාජ්‍යයටය. සිය ජීවිතයෙන් දශක දෙකකට ආසන්න කාලයක් එතුමා ගත කළේ එහිය.
පේරු රාජ්‍යය තුළ එතුමා දිළින්දන්ගේ නිහතමානී සේවකයකු ලෙස සහ දිව්‍යමය ප්‍රේමය හිමි නායකයකු ලෙස කීර්ති නාමයක් හිමි කර ගත් අතර අවසානයේ උතුරු පේරු හි ප්‍රධාන නගරයක් වූ චික්ලායෝ හි බිෂොප්වරයා බවට ද පත් විය. සංස්කෘතිකමය බෙදීම් එක් කරන්නට, මේ භූමිය තුළ පූජකවරයකු ලෙස මුහුණ දෙන්නට ඇති අභියෝගයන් පිළිබඳ අවබෝධ කරගන්නට සහ ප්‍රජාවගේ ජීවිත පෝෂණය කරන්නට තිබූ අපූරු හැකියාව නිසා එතුමා ලතින් ඇමරිකාව තුළ මහත් ප්‍රසිද්ධියට පත් විය. ඇමරිකා එක්සත් ජනපදයේ උපතක් හිමි වුව ද එතුමා පේරු හි ගත කළ කාලය තුළින් අත්පත් කර ගත් ගෝලීය අනන්‍යතාව, වර්තමානයේ දී පාප් වහන්සේ තෝරා ගැනීම කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ බැව් පැහැදිලිය.

2014 වසරේ දී ෆ්රාන්සිස් පාප් වහන්සේ විසින් ප්‍රෙවොස්ට් පූජකවරයාව රෝමයට කැඳවා වතිකානයේ බිෂොප් සභාවේ සාමාජිකත්වය ඇතුළු ප්‍රධාන තනතුරු කිහිපයකටම පත් කරනු ලැබිණි. වසර 2023 දී එතුමා බිෂොප්වරුන් සඳහා වූ කාර්ය මණ්ඩල ප්‍රධානියා (Prefect of the Dicastery for Bishops) පත් කරනු ලැබූ අතර ලොව වටා වූ දියෝකීසයන් (diocese – බිෂොප්වරයකුගේ පරිපාලන කලාපය) සඳහා බිෂොප්වරු තෝරා ගැනීමේ වගකීම එහි දී දරන්නට සිදු විය. පූජකත්වයේ රැකවරණය, නිහතමානීබව සහ පරිපූර්ණත්වය ඔස්සේ ලොව පුරා බිෂොප්වරු පරිපාලනය කිරීම තුළින් ලත් අත්දැකීම සහ කීර්තිනාමය ෆ්රාන්සිස් පාප් වහන්සේගේ තුළ මහත් ආශ්වාදයක් ඇති කරන්නට හේතු වූ බව පෙනුණි.
කෙසේ නමුත් එතුමාව පාප් වහන්සේ ලෙස තෝරා පත් කර ගැනීම පහසුවෙන් ගත් තීරණයක් වූයේ නැත. ඇමරිකා එක්සත් ජනපදය වැනි ගෝලීය වශයෙන් බලවත් රටකින් පාප් වහන්සේ කෙනෙකු තෝරා ගැනීම සම්බන්ධව බොහෝ කාලයක් තිස්සේ වතිකානය තුළ පැවතියේ දෙගෙඩියාවකි. එයට හේතුව වූයේ පල්ලිය ඇමරිකා එක්සත් ජනපද දේශපාලනය සමග පැටලීමක් සිදු වේ යැයි හෝ ගෝලීය මට්ටමින් ඇමරිකානු ආධිපත්‍යයක් ඇති වේ යැයි පැවති පූර්ව නිගමනය නිගමනය ය. පාප් වහන්සේ තෝරා ගැනීමේ ඡන්දය විමසන අවස්ථාවේ පවා ඇමරිකානුවකු තෝරා ගැනීම තුළින් වැරදි පණිවිඩයක් ලෝකයට ලැබෙනු ඇතැයි ඇතැම් කාදිනල්වරු අදහස් දැක්වූ බවට වාර්තා වී තිබේ.

රොබට් හැරිස් නම් ලේඛකයාගේ නවකතාවක් ඇසුරින් 2024 වසරේ දී නිර්මාණය කර ලද Conclave නම් සිනමා නිර්මාණය තුළින් සිස්ටීන් දේවස්ථානය තුළ පැවැත්වෙන පාප් වහන්සේ තෝරා ගැනීමේ රහසිගත ඡන්දය පිළිබඳ ප්‍රේක්ෂකයා තුළ අපූරු වූ චිත්‍රයක් මවන්නට හේතු වී තිබේ. මෙය පසුගිය වසරේ තිරගත වුව ද නව පාප් වහන්සේ කෙනෙකු තෝරා ගැනීමේ ඡන්දය පැවැත්වුණු 2025 වසරේ එය වඩාත් ජනප්‍රිය වන්නට පටන් ගැනුණි. මෙය හුදෙක් ප්‍රබන්ධයක් වුව ද මේ ඡන්දයේ දී කාදිනල්වරු මුහුණ දෙන සදාචාරාත්මක සහ දේශපාලනිකමය අරගලයන් පිළිබඳ ගැඹුරින් කතා කරනු දකින්නට හැකිය. ඇදහිල්ල, රහස්‍යභාවය, අනාගත අභිලාෂයන් සහ හෘද සාක්ෂිය අතර සිදුවන ගැටුම මැනවින් පිළිබිඹු වෙයි. එයින් ලබා දෙන්නට උත්සාහ කරන පණිවිඩය වන්නේ පල්ලියේ සැබෑ නායකත්වය, සත්‍යය සහ දයාව සමගින් වඩ වඩාත් වර්ධනය විය යුතු බවය.

එමෙන්ම පාප් වහන්සේ තෝරා ගැනීමේ ඡන්දය ආසන්න වෙමින් පවතින විට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් උපහාසයෙන් මෙන් පවසන ලද, “ඊළඟ පාප් වහන්සේ වෙන්න මටත් ඕනෑවටත් වඩා සුදුසුකම් තියෙනවා’ යන ප්‍රකාශය ද නව පාප් වහන්සේ ඇමරිකා එක්සත් ජනපදයෙන් පත්වීමත් සමග කරළියට පැමිණි තිබේ. කෙසේ නමුත් මේ ප්‍රකාශය තුළ ඇත්තේ ට්‍රම්ප් ජනපතිවරයාගේ ඇති ‘කයිවාරු ගැසීමේ’ පුරුද්ද තුළින් තමාව උත්කර්ෂයට නංවා ගැනීමේ උත්සාහයක් මිස අනාගත පාප් වහන්සේ පත් වන්නේ ඇමරිකානුවකු බවට වූ පූර්ව දැනීමකින් නොවන බැව් පෙනෙන්නට තිබේ. අනෙක ලෝක බලවතකු වූ ඇමරිකා එක්සත් ජනපදය වැනි රටකින් පාප් වහන්සේ කෙනෙකු තෝරා පත් කර ගැනීමට වතිකානය දක්වන දෙගෙඩියාව ද එම ප්‍රකාශය තුළින් සියුම්ව පිළිබිඹු වේ.

කෙසේ නමුත් ඇමරිකානුවකු වුව ද ප්‍රෙවොස්ට්ගේ නිහඬ ප්‍රතිපත්තිය, දේවධර්මය පිළිබඳ වූ ගැඹුරු දැනුම සහ ජාත්‍යන්තරයේ වූ පිළිගැනීම අවසානයේ ඔහු නව පාප් වහන්සේ ලෙස තෝරා පත් කර ගැනීමේ තීරණය පහසුවෙන් ගැනීමට උපකාරී වූ බව පෙනුණි. පේරූ රාජ්‍යයේ බොහෝ කාලයක් ජීවත් වීම, ව්‍යක්ත ලෙස ස්පඤ්ඤ බස හැසිරවීමේ හැකියාව, ධර්මදූත සේවය සහ වතිකානය තුළ දීර්ඝ කාලයක් සේවය කිරීම තුළින් ජාතිකත්වය නිසා නොව සංස්කෘතිය ඔස්සේ පල්ලියේ සත්‍යවාදී මිනිසකු ලෙසට එතුමා තුළ කීර්තිනාමයක් ගොඩ නැගී තිබිණි.
එතුමා පාප් වහන්සේ ලෙස පත් වීමත් සමග තෝරා ගත්තේ 14 වැනි ලියෝ යන නාමයයි. මෙයට පෙර ලියෝ නමින් සිටි පාප් වහන්සේලා, විශේෂයෙන් 13 වැනි ලියෝ පාප් වහන්සේ සමාජ සාධාරණත්වය සහ සේවක අයිතිවාසිකම් වෙනුවෙන් ක්‍රියාශීලී ලෙස පෙනී සිටි අයෙක් විය. මේ නාමය තුළින් බොහෝ විට බෙදුණු ලෝකයක් තුළ කතෝලික සමාජමය ඉගැන්වීම් නව්‍යකරණය සහ වර්තමානයේ පවතින ප්‍රධාන පෙළේ ගැටලු වූ සංක්‍රමණය, දේශගුණය වෙනස් වීම, දරිද්‍රතාව සහ ආගම දේශපාලනයෙන් සහ මහජන ආයතනවලින් වෙන් විය යුතුය යන නිරාගමික ආකල්පය ආමන්ත්‍රණය කිරීම පිළිබිඹු විය හැකි බව විචාරක අදහස් තුළින් පැහැදිලි වේ.
මුල්ම ඇමරිකානු පාප් වහන්සේ ලෙස එතුමා ලෝකයට පෙන්වා දෙන්නේ බලයේ සංකේතයක් නොව මහාද්වීප, සංස්කෘතීන් සහ ඇදහිල්ල සහිත ප්‍රජාවන් එකිනෙක එක් කරන සංකේතයකි. නිහතමානීකම, ගැඹුරු ඇදහිල්ල සහ සීමා මායිම් ඉක්මවා ජීවිත කාලයක් මුළුල්ලේම සේවය කිරීම තුළින් සන්නද්ධව, සංකීර්ණ සහ වේගයෙන් වෙනස්වන ලෝකයක් තුළ බිලියන 1.3 කට අධික කතෝලිකයන් රැක බලා ගැනීමේ ප්‍රධාන එඬේරාගේ දැවැන්ත අභියෝගයට 14 වැනි ලියෝ පාප් වහන්සේ දැන් මුහුණ දී සිටිති.
14 වැනි ලියෝ පාප් වහන්සේ පාප් පදවියට පත් වන්නේ සැලකිය යුතු අන්දමේ අභියෝගයන් රැසක් පවතින වටපිටාවක් තුළය. බටහිර රටවල පල්ලියට පැමිණෙන පිරිස් අඩුවෙමින් පැවතීම, දේශපාලනය පිළිබඳ ජනතා අදහස් දැඩිව බෙදී පැවතීම, පල්ලිය තුළ සාම්ප්‍රදායික සහ ප්රගතිශීලී කණ්ඩායම් අතර පවතින බල අරගලය එකී අභියෝග අතරින් කිහිපයකි. චිකාගෝවේ වීදිවල සිට පේරු හි නාගරික ප්‍රජාව දක්වා වූ ගමන, ලෝක කතෝලික නායකත්වයේ ඉහළම තැනකට එතුමාට ළඟා වන්නට උපකාරී වී තිබේ. පල්ලියට දැඩි අවශ්‍යතාවක් ලෙස පවතින ගෝලීය දැක්ම ඇති කරන්නට නව පාප් වහන්සේට හැකි වනු ඇතැයි බොහෝ දෙනෙකු තුළ විශ්වාසයක් පවතී.
මුල්ම ඇමරිකානු පාප් වහන්සේ ලෙස එතුමා ලෝකයට පෙන්වා දෙන්නේ බලයේ සංකේතයක් නොව මහාද්වීප, සංස්කෘතීන් සහ ඇදහිල්ල සහිත ප්‍රජාවන් එකිනෙක එක් කරන සංකේතයකි. නිහතමානීකම, ගැඹුරු ඇදහිල්ල සහ සීමා මායිම් ඉක්මවා ජීවිත කාලයක් මුළුල්ලේම සේවය කිරීම තුළින් සන්නද්ධව, සංකීර්ණ සහ වේගයෙන් වෙනස්වන ලෝකයක් තුළ බිලියන 1.3 කට අධික කතෝලිකයන් රැක බලා ගැනීමේ ප්‍රධාන එඬේරාගේ දැවැන්ත අභියෝගයට 14 වැනි ලියෝ පාප් වහන්සේ දැන් මුහුණ දී සිටිති.
නිරංජන් චාමින්ද කරුණාතිලක