දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයට අයත් කොයිම්බටූර් නම් ප්‍රදේශය කපු රෙදි පිළි නිෂ්පාදනයෙන් ඉමහත් ප්‍රසිද්ධියට පත් ප්‍රදේශයකි.කොයිම්බතූර්හි රෙදිපිළි ඉතිහාසය දිගු හා පුරාවෘත්ත සහිත එකක් වන අතර එහි මූලයන් 19 වන සියවසේ මුල් භාගය දක්වා දිව යයි. නගරයේ උපායමාර්ගික පිහිටීම සහ බහුල කපු වගාව, විශේෂයෙන් බ්‍රිතාන්‍ය යුගයේ දී රෙදිපිළි නිෂ්පාදනය සඳහා ස්වාභාවික මධ්‍යස්ථානයක් බවට පත් කොට තිබේ.එහි රෙදිපිළි කර්මාන්තයට හිමි ආධිපත්‍යය නිසා කොයිම්බතූර් “දකුණු ඉන්දියාවේ මැන්චෙස්ටර්” ලෙස හැඳින්වේ.
දහනව වන සියවසේ අග භාගය වනවිට කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොටගෙන මේ ප්‍රදේශයේ විශාල සමාජ ආර්ථික පුනර්ජීවනයක් ඇති විය. ඉන් එහි ජීවත් වූ ධනේෂ්වර පැලැන්තිය තව තවත් තරවූහ. එහි ප්‍රතිඵලය වූයේ කපු රෙදිපිළි නිෂ්පාදනය මුල්කොට ස්වාමි-සේවක දෙකොටසක් බෙදී ඔවුන් අතර සමාජ පරතරය තව තවත් පුළුල් වීමයි.
මෙහිදී ශ්‍රමය වගුරවන්නවුන් හට ඉතා සුළු වැටුප් ගෙවා වැඩි කොටස තමන් සතු කරගත් හාම්පුත්තු සේවක කාරකාදීන්ගෙන් එල්ල වන විරෝධය මැඩපැවැත්වීමට කදිම උපායක් යෙදූහ. එනම් එවක එහි විසූ හින්දු පූජකයන් වෙතට ගොස් කම්කරුවන්ගේ දේව භක්තිය වැඩි කරවන මෙන් ඉල්ලා සිටීමයි.
යමෙකු තුළ ආගමික භක්තිය අවිචාරවත් ලෙස ඉස්මතු වීම වැඩිවීමට සාපේක්ෂව ඒ තැනැත්තා තුළින් ලෝකය හා සමාජය දෙස යථාර්ථවාදීව බැලීමේ හැකියාව අවප්‍රමාණ වන බව මෙම කපටි හා සූක්ෂම හාම්පුත්තු දැන සිටියහ. ඒ අනුව තම සේවකයින්ට වැටුප් ගෙවිය යුතු මුදලින් කොටසක් හින්දු පූජකයන්ට දුන් හාම්පුත්තු ඒවායින් හින්දු කෝවිල් සහ දේව ප්‍රතිමා ඉදි කරවීමට දිරි දුන්හ.
ඉන්පසු හාම්පුතුන් තමන්ට එල්ල කරන දැඩි පීඩනයට එරෙහිවීමට අදහස් නොකළ කම්කරුවන් කළේ කෝවිල්වලට ගොස් එහි පූජකයන් ලවා ඒ ඒ දෙවිවරුන්ට යාතිකා කරවා ගැනීම ය. එහිදී එම පූජකයන් පවසන ස්තෝත්‍ර ආදිය ඇසීමෙන් මනැස් හිරිවට්ටවා ගත් සේවකයෝ තම හාම්පුතුන් සඳහා පෙර සේම සේවය ලබාදුන්හ.
දෙවියන් කියන්නේ ඔබේ දෙවියන් කෝවිලක ගල්, ලෝහ හෝ මැටි පිළිරුවකින් නොදැක ඔබ තුළින්ම දැකීමට පුරුදු විය යුතු බවයි.කිසියම් කෙනෙක් ඔබට නපුරක්, අයහපතක්, අසාධාරණයක් කරනවා නම් පළමුව ඔබේ හෘද සාක්ෂිය තුළ වැඩ සිටින ඔබේම දෙවියන්ගෙන් අසන්න. එවිට ඔබ කුමක් කළ යුතු දැයි ඔබේ දෙවියන් ඔබට කියාවි. එසේ නොකොට ඔබ කෝවිල් වෙතට ගොස් ඒවායේ ඇති දෙවිවරුන්ගේ ප්‍රතිමා ඉදිරියේ කොතෙක් වැඳ වැටුණත්, බාරහාර වුණත්, කන්නලව් කළත් වැඩක් වෙන්නේ නෑ.
මේ අතරතුර දිළිඳු පැලැන්තියේම පවුලකින් බිහි වූ තරුණයෙක් හින්දු කෝවිලක සේවයට බැඳී පසුව එහි පූජකවරයෙකු බවට පත්විය. මනා දේහධාරී කඩවසම් තරුණයෙකු වූ ඔහුට තම ඥාති මිත්‍රාදීන් විඳින දුක යථාර්ථවාදී ලෙස දැකගැනීමේ සිහි නුවණක් තිබිණි. එහෙත් පූජකයෙකු වූ නිසා කම්කරු ප්‍රජාව දුක් විඳින සැබෑ හේතුව යථාර්ථවාදී ලෙස ඔවුන්ට වටහාදීමේ හැකියාවක් ඔහුට නොතිබිණි. එබැවින් ඔහු තම ආගම ද නොකෙළෙසා ඊට යථාර්ථවාදී අර්ථකථනයක් දෙන්නට කටයුතු කළේය.
‘‘මට දෙවියන්ගේ හඬ ඇසී තිබෙනවා. දෙවියන් පවසන දේ මට වැටහී තිබෙනවා. දෙවියන් කියන්නේ ඔබේ දෙවියන් කෝවිලක ගල්, ලෝහ හෝ මැටි පිළිරුවකින් නොදැක ඔබ තුළින්ම දැකීමට පුරුදු විය යුතු බවයි.කිසියම් කෙනෙක් ඔබට නපුරක්, අයහපතක්, අසාධාරණයක් කරනවා නම් පළමුව ඔබේ හෘද සාක්ෂිය තුළ වැඩ සිටින ඔබේම දෙවියන්ගෙන් අසන්න. එවිට ඔබ කුමක් කළ යුතු දැයි ඔබේ දෙවියන් ඔබට කියාවි. එසේ නොකොට ඔබ කෝවිල් වෙතට ගොස් ඒවායේ ඇති දෙවිවරුන්ගේ ප්‍රතිමා ඉදිරියේ කොතෙක් වැඳ වැටුණත්, බාරහාර වුණත්, කන්නලව් කළත් වැඩක් වෙන්නේ නෑ. ඒ සියලු දෙවිවරුන්ගේ පිහිට ඔබට ලැබෙන්නේ ඔබේ හෘද සාක්ෂියේ දෙවියන් පුබුදුවා ගෙන ඔබේ හෘද සාක්ෂියට අනුව කටයුතු කළොත් පමණයි. නිරතුරුවම ඔබට ආසාධාරණකම් කරන්නවුන් උදෙසා දෙවියන් යැදීමට වඩා ඒ අසාධාරණකම්වලින් අත්මිදීමේ ක්‍රම ගැන ඔබේ හෘද සාක්ෂියේ දෙවියන්ගෙන් අසා ඒ අනුව කටයුතු කරන්න.’’
පසුව දේව පණිවිඩය ජනතාව අතරේ පතුරුවන්නකු ලෙසින් ප්‍රකට වූ මේ තරුණ පූජකයාගේ මතවාද එවක තරුණ පිරිස් ඉමහත් ආදරයෙන් වැළඳගත්හ. එමෙන්ම ඔහු පැවසූ ඒ නව දේව නියමය කොයිම්බටූර්හි ජනතාව අතරේ සීඝ්‍රයෙන් ප්‍රචලිත විය. එහි අවසන් ප්‍රතිඵලය වූයේ තමන්ට හාම්පුතුන්ගෙන් ලැබෙන වැටුප් හා දීමනා මඳවීම පිළිබඳව වගේ වගක් නොමැතිව සිටි තරුණ පිරිස් වැඩි වැටුප් හා දීමනා ඉල්ලා අරගල කිරීමට පෙළඹීමයි. තම සේවක තරුණයන්ගේ සිතුවිලි මෙලෙස එක්වරම වෙනස්වීමට හේතු විමසා සිටි එම හාම්පුතුන් ඊට එම තරුණ පූජකයාගේ ඉගැන්වීම් මුල්වී ඇති බව දැනගන්නට ලැබිණි.පසුව ඔවුන් ඒ සම්බන්ධයෙන් එහි හින්දු කෝවිල් භාරව සිටි පූජකරුවන්ට දන්වන ලදි. එහි අවසන් ප්‍රතිඵලය වූයේ ඒ තරුණ පූජකවරයා ආගම් ද්‍රොහියකු සේ සළකා එම සියලු කෝවිල්වලින් නෙරපා හැරීමයි. එහෙත් ඉන් අධෛර්යමත් වනු වෙනුවට තවදුරටත් ධෛර්යමත් වූ ඔහු සංචාරක දේශකයෙකු වශයෙන් ඒ ප්‍රදේශයේ ගමක් ගමක් පාසා සැරිසරමින් දෙසුම් පවත්වන්නට වූයේ සිය දහස් ගණන් තරුණ පිරිස් තම අනුගාමිකයන් බවට පත් කරගනිමිනි.
නුඹලාගේ දුක්වේදනා වෙනුවෙන් යාදිති, කන්නලව් ඇසීමටත්, පුද පඬුරු බාරගැනීමටත් ඒ ස්වාමිගේ දේවාත්මය දැන් සූදානමින් සිටියි. එනිසා දැන් නුඹලා කළ යුත්තේ අතීතයේ ලෙසින්ම කෝවිල්වලට පැමිණ කලින් දෙවිවරුන්ට වඳින පුදන කන්නලව් කරන අතරේ ඔබේ ඒ අලුත් දෙවියාට දකන්නලව් කොට බාරහාර විම පමණි.
මෙසේ තම අනුගාමිකයන් සමඟ සංචාරක දේශකයෙකු ලෙස කටයුතු කරන අතරේ මෙම තරුණ පූජකයා හිටිහැටිගේ අභිරහස් ලෙස මිය ගියේය. ඇතැමෙකු කියා සිටියේ සතුරු බලවේග විසින් ඔහුට වස දී මරණයට පත්කළ බවකි.එහෙත්, එම පූජකයාගේ මරණයෙන් පසුව එවක එහි ආධිපත්‍යය ගෙන සිටි පූජක පැලැන්තිය එහි වැසියන්ට මෙසේ කීහ.
‘‘නුඹලාගේ දුක්වේදනා වෙනුවෙන් යාදිති, කන්නලව් ඇසීමටත්, පුද පඬුරු බාරගැනීමටත් ඒ ස්වාමිගේ දේවාත්මය දැන් සූදානමින් සිටියි. එනිසා දැන් නුඹලා කළ යුත්තේ අතීතයේ ලෙසින්ම කෝවිල්වලට පැමිණ කලින් දෙවිවරුන්ට වඳින පුදන කන්නලව් කරන අතරේ ඔබේ ඒ අලුත් දෙවියාට දකන්නලව් කොට බාරහාර විම පමණි.’’
දකුණු ඉන්දියාවේ ග්‍රාමීය දෙවිවරුන් සම්බන්ධ විශිෂ්ඨතම පර්යේෂණයක යෙදුණු හෙන්රි වයිට්හෙඩ් ගේ ජනශ්‍රැති එකතුවකින් ගොනු කරගත් ඉහත සඳහන් සත්‍ය වෘත්තාන්තය එදා ඉන්දියාවට සේම වර්තමාන ශ්‍රී ලංකාවටද විවිධාකාරයෙන් ගලපා ගත හැකි වනු ඇතැයි මට සිතෙයි.
තිලක් සේනාසිංහ