දුම්රිය රියැදුරන් පිරිසක් අද වර්ජනයක

දුම්රිය රියැදුරන් අද(06) දහවල් 12 සිට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර තිබේ.

ලොකෝමෝටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන වියන්දූව මහතා ප්‍රකාශ කළේ, පානදුර හා මොරටුව අතර සංඥා පද්ධතියේ දෝෂය නිවැරදි නොකිරීම හේතුවෙන් එම පියවර ගන්නාලදි.

මොරටුව, මෝදර ප්‍රදේශයේදි දුම්රිය පීල්ලක් කැඩී යාම හේතුවෙන් සාගරිකා දුම්රිය ඊයේ(05) එම ස්ථානයේ නතර කරනලදි.ඒ, එය දුටු පුද්ගලයෙකු දැඩි වෙහෙසක් දරා දුම්රිය නතර කරන ලෙසට සංඥා කිරීමත් සමගයි.එම අවස්ථාවේ දුම්රිය මාර්ගය තාවකාලික වසා දමා කිබුණි.

එසේ තිබියදී පානදුර සිට කොළඹ කොටුව බලා තවත් දුම්රියක් ධාවනය කෙරි ඇති අතර සංඥාවලින් පෙන්නුම් කර තිබුණේ, බාධාවකින් තොරව දුම්රිය ඉදිරියට ධාවනය කළ හැකි බව අගවන කොළ පැහැති ආලෝකයයි.එහිදි දුම්රිය අනතුරක් සිදුවීමට යාම වැලැකුණේ අදාළ දුම්රියේ රියැදුරුගේ විමසිලිමත් බව හේතුවෙනි.

කාලීන පුවත්