උ.පෙළ ‘Z’ ලකුණු නිකුත් වෙයි

2024 වර්ෂයේ පැවැති උසස් පෙළ විභා­ගයේ ප්‍රති­ඵල අනුව 2024/2025 අධ්‍ය­යන වර්ෂ­යට සිසුන් 42,172ක් විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය ලබා ඇතැයි විශ්ව­වි­ද්‍යාල ප්‍රති­පා­දන කොමි­ෂන් සභාව සඳ­හන් කරයි.

2024/2025 අධ්‍ය­යන වර්ෂ­යට අදාළ විශ්ව­වි­ද්‍යාල කඩ­ඉම් ලකුණු පෙරේදා (25) රාත්‍රියේ නිකුත් කෙරිණ. 2024 වර්ෂයේ දී උසස් පෙළ විභා­ගය සඳහා සිසුන් 285,289ක් පෙනී සිටි අතර ඉන් 177,920ක් විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශ­යට මූලික සුදු­සු­කම් සපුරා ඇත.

සිසුන් 90,670ක් විශ්ව­වි­ද්‍යාල ප්‍රවේ­ශය සඳහා අය­දුම් කළ බවත් කොමි­ෂන් සභාව සඳ­හන් කරයි.

කාලීන පුවත්