ශ්‍රී ලංකාවට පහසු ජයක්

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ඊයේ (13) පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 06 ක පහසු ජයක් ලැබීමට සමත් විය.

අබුඩාබිහිදි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශය කණ්ඩායමට ආරාධනා කරනලදි.

ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශය කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 5ක් දැවී ලකුණු 139ක් රැස් කිරීමට සමත්වුණි.

එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 140ක ඉලක්කයක් හිමිවූ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 04ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 140ක් ලබා රැස්කරමින් සිය ජයග්‍රහණය ශ්‍රී ලංකාව සතු කර ගන්නාලදි

මෙම ජයග්‍රහණයත් සමග ‘B’ කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකාවට හැකිවිය.

කාලීන පුවත්