ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී පිලිප් ඩී. කරු­ණා­රත්න සමුගනී

අඩ සිය­ව­ස­කටත් වැඩි කාලයක් තිස්සේ නාට්‍ය නිෂ්පාදක වරයකු.ගීත,නව කතා.කෙටි කතා රචකයකු,චිත්‍රපට තිරනාටක හා දෙබස් රචකයකු සිනමා විචාරකයකු සේම පුව­ත්පත් කලා­වේ­දි­යෙක් සහ ජ්‍යෙෂ්ඨ කතු­ව­ර­යෙකු ලෙස කලා සහ මාධ්‍ය ක්ෂේත්‍රයේ විවිධ භූමිකා නියෝ­ජ­නය කළ ජ්‍යෙෂ්ඨ මාධ්‍ය­වේදී පිලිප් ඩී. කරු­ණා­රත්න මහතා (85) ඊයේ (22) අභාවප්‍රාප්ත විය.ඒ මහ­තාගේ දේහය මේ වන විට පන්නි­පි­ටිය, පරණ පාරේ, අංක 53/1 නිවෙසේ තැන්පත් කර ඇති අතර, අව­සන් කට­යුතු හෙට (24) බදාදා සවස 5.00ට පන්නි­පි­ටිය පොදු සුසාන භූමි­යේදී සිදු කිරී­මට නිය­මි­තය.

කාලීන පුවත්