අනිද්දා සුළි කුණාටුවක් ?

මේ වන විට ශ්‍රී ලංකාවට ඊසාන දෙසින්, ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය තවදුරටත් වර්ධනය වෙමින් බස්නාහිරට බරව වයඹ දිශාවට ගමන් කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මෙම පද්ධතිය අද (25 )පෙ.ව. 5.00 ට පමණ මඩකලපුවේ සිට කිලෝමීටර් 850 ක් පමණ දුරින් පිහිටා තිබූ බවත් එමෙන්ම මෙම අඩු පීඩන කලාපය අද දිනයේදී ගිනිකොණ දිග සහ ඊට යාබද මධ්‍යම-බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේදී පීඩන අවපාතයක් දක්වා වර්ධනය වනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එසේම මෙම පද්ධතිය හෙට ( 26) දින ගැඹුරු පීඩන අවපාතයක් දක්වා 27 වන දින සුළි කුණාටුවක් දක්වා තව දුරටත් වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

කාලීන පුවත්