ඉන්දු ලංකා මඟී බෝට්ටු සේවය තාවකාලිකව නතර කෙරේ මේ දිනවල බෙංගාල බොක්ක ආශ්රිත මුහුදු ප්‍රදේශයේ පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු හි නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී ප්‍රවාහන බෝට්ටු සේවය තාවකාලිකව නවතා තිබේ.
අද (26) සිට එළඹෙන දෙසැම්බර් මාසය දක්වා එම මගී යාත්‍රා සේවය තාවකාලිකව නතර කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.මෙම නෞකා සේවය පසුගිය 2023 වසරේ ඔක්තෝබර් මස 14 වන දින ආරම්භ කරන ලද අතරශ්‍රී ලංකාවේ සිට සහ ඉන්දියාවේ සිට දෛනිකවසංචාරකයින්, ව්‍යාපාරිකයින් සහ විදේශිකයින් ඇතුළු විශාල පිරිසක් මෙම නෞකාව ඔස්සේ ගමන් කරති.