සුළි කුණාටුවෙන් සිදුවූ විනාශයෙන් පසු ඇතිවූ අභියෝගවලට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකාව සිදු කළ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමට ප්‍රමුඛත්වය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ.
හදිසි මූල්‍යයන පහසුකම (RFI) යටතේ ශ්‍රී ලංකාව මේ ඉල්ලීම සිදුකර තිබෙන අතර ඒ අනුව මේ සඳහා ප්‍රමුඛත්වය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර ඇතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපජෙර්ජියෝ මහතා ප්‍රකාශ කරයි.
මෙම හදිසි මූල්‍යයන පහසුකම (RFI) යටතේ ඇති සහාය ශ්‍රී ලංකාවේ විස්තීර්ණ (EFF) අරමුදල් පහසුකම යටතේ ලබාදෙන ණය පහසුකමට අමතරව ලබාදෙන මූල්‍ය පහසුකමක් බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.
විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ ශ්‍රී ලංකාවේ පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට සාකච්ඡා නැවත ආරම්භ කිරීමට 2026 වසර ආරම්භයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ද එම අරමුදල කියා සිටී.
සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් රට යථා තත්ත්වයට පත්කිරීම සඳහා ශ්‍රී ලංකාව ඉල්ලා සිටින අමෙරිකානු ඩොලර් මිලියන 200ක පමණ කඩිනම් මූල්‍යාධාරය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදු කරමින් සිටින බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියා සඳහන් කරයි.