ජනපති ගේ “‘රී බිල්ඩින් ශ්‍රී ලංකා”අරමුදල “හෙල්පින් හම්බන්තොට” හෝ “ඉටුකම’ වගේ වෙයිද?

ආපදා කළමනාකරණය සඳහා 2005 පනත ප්‍රකාර නීත්‍යානුකූල ක්‍රමවේද පවතිද්දී, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වග නොකියන ‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’ නමින් වෙනම අරමුදලක් පිහිටුවීම ‘හෙල්පින් හම්බන්තොට’ හෝ ‘ඉටුකම’ අරමුදල් වැනි වංචා සහගත තත්ත්වයකට පත්විය හැකි බව බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.“‘රී බිල්ඩින් ශ්‍රී ලංකා’අරමුදලේ වෙබ් අඩවියේ කමිටු සාමාජිකයින්ගේ විස්තර තිබුණත්, මේ වන විට එකතු වී ඇති මුදල් ප්‍රමාණය සඳහන් වෙන්නේ නැහැ. ජනාධිපතිවරයාගේ ෆේස්බුක් පිටුව රජයේ නිල වෙබ් අඩවියක් නෙමෙයි. මේවා පාර්ලිමේන්තුවට වගකියන අරමුදල් බවට පත් විය යුතුයි.”ඔහු වැඩි දුරටත් පවසයි.මේ අතර ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් 7 අතර ඇති සෞඛ්‍ය ගිවිසුම මේ දක්වාම රටට හෙළි නොකිරීම බරපතල ගැටලුවක් බව ද මන්ත්‍රීවරයා පවසයි. ඉන්දියාවෙන් ගෙන්වන ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ප්‍රශ්න පවතින පසුබිමක, මෙම ගිවිසුම හරහා කොපමණ ඖෂධ ප්‍රමාණයක් ගෙන්වීමට එකඟ වී ඇත්දැයි ජනතාව දැනගත යුතු බව ද ඔහු අවධාරණය කරයි.එමෙන්ම විපක්ෂයේ සිටියදී එවක පාලකයන් බරපතල ලෙස විවේචනය කළ අනුර දිසානායක මහතාට, අද තමන් කියූ දේවල් පවා මතක නොමැති බවත් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී මවන සිහින බිම් මට්ටමේ ක්‍රියාත්මක වනු දැකීම විපක්ෂයේ බලාපොරොත්තුව බවත්, එය ඉටු කිරීමට රජයට බලපෑම් කරන බවත් මුජිබර් රහුමාන් මන්ත‍්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

කාලීන පුවත්