අ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පුත්තලම නගරය සහ තදාසන්න ප්‍රදේශ රැසක් දැඩි ගංවතුර තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ. මේ හේතුවෙන් පුත්තලම දුම්රිය මාර්ගයේ ගමනාගමන කටයුතු හලාවත දුම්රිය ස්ථානය දක්වා සීමා කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව ඊයේ (13) පියවර ගත්තේය.දින කිහිපයක් තිස්සේ ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් නිලාඩි ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ කොටස් කිහිපයක් සම්පූර්ණයෙන්ම ජලයෙන් යට වී ඇති අතර, ප්‍රදේශයේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් පවතින බව වාර්තා වේ.මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන් මගී ආරක්ෂාව සැලකිල්ලට ගෙන ඊයේ සවස් කාලයේ සිට දුම්රිය ධාවනය හලාවත දක්වා සීමා කෙරිණි. ඒ අනුවඅද උදෑසන ධාවනය වීමට නියමිතව තිබූ සියලුම දුම්රියන් පුත්තලම වෙනුවට හලාවත දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කරනු ඇත.හලාවත සහ පුත්තලම අතර දුම්රිය මෙහෙයුම් යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් තීරණය කරනු ලබන්නේ ගංවතුර තත්ත්වය බැසයාම සහ කාලගුණික වෙනස්වීම් මතය.පවතින අවදානම් තත්ත්වය සලකා හලාවත සහ පුත්තලම අතර දුම්රිය මාර්ගය භාවිත කරන මගීන්ට සිය ගමන් ආරම්භ කිරීමට පෙර දුම්රිය කාලසටහන් සහ නවතම තොරතුරු පරීක්ෂා කර බලන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා සිටියි.