Facebook, Facebook Messenger සහ Instagram සමාජ මාධ්‍ය සේවා ලොව පුරා බිඳ වැටෙයි

ලොව පුරා ෆේස්බුක්, මැසෙන්ජර් සහ ඉන්ස්ට්‍රග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය සේවා හදිසි බිද වැටීමකට ලක්ව තිබේ.විදෙස් මාධ්‍ය වාර්තා කළේ මෙටා සමාගම සිය ෆේස්බුක්, වෙළඳ දැන්වීම් තිරය ඔස්සේ එම බිද වැටීම සම්බන්ධව පළ කර ඇති බවයි.

මෙටා සමාගමේ සන්නිවේදන අංශයේ උප සභාපති සහ නිල ප්‍රකාශක ඇන්ඩි ස්ටෝන් පැවසුවේ, සිය සමාගමේ සේවාවන් වෙත ප්‍රවේශ වීමට අපහසුතා පවතින බවට වාර්තා වන බවයි.

ඔහු සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කලේ එය යථා තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

කාලීන පුවත්