පාකිස්ථානය සහ ඉන්දියාව වහාම ක්‍රියාත්මක වන පරිදි සටන් විරාමයකට එකඟ වී තිබේ.ඒ අනුව සියළුම ආකාරයේ ගුවන්, නාවුක හා ගොඩබිම් සියළු යුද මෙහෙයුම් අත්හිටවීමට දෙරට එකඟ වි ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එසේම පාකිස්ථාන නියෝජ්‍ය අගමැති ඉෂාක් ඩාර් ද X ගිණුමේ සටහනක් තබමින් මේ බව සදහන් කර ඇත.ඉන්දියාව සහ පාකිස්ථානය කඩිනම් සටන් විරාමයකට එකඟවී ඇති බව, අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්ද සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් සඳහන් කර තිබේ.
ඉන්දියාව සහ පකිස්ථානය “ගොඩබිම, ගුවන සහ මුහුදේ සියලුම වෙඩි තැබීම් සහ හමුදා ක්‍රියාමාර්ග නවත්වන” බව ඉන්දීය විදේශ ලේකම් වික්‍රම් මිස්රි පවසා ඇත.