මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට මේ දිනවල අධික වර්ෂාපතනයක් ඇදහැලෙමින් පවතියි.
නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය සඳහන් කළේ ඒ හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ එක් වාන් දොරටුවක් විවෘත කර ඇති බවයි.
ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් අධික වැසි පැවතිය හොත් ජලාශයේ සෙසු වාන් දොරටු ද ස්වයංක්‍රීයව විවෘත වන බවත් එමනිසා කොත්මලේ ජලාශයේ වේල්ලට පහළින්, කොත්මලේ ඔය දෙපස පදිංචිකරුවන්ට සැළකිලිමත්ව සිටින ලෙසත් ආපදා කළමනාකරණ ඒකකය ජනතාවට දැනුම්දී තිබේ.