සති අන්ත දිර්ඝ නිවාඩුවත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට සංචාරකයන් විශෘල පිරිසක් නුවරඑළියට පැමිණ ඇති බව නුවරඑළිය සංචාරක හෝටල් හිමියන්ගේ සංගමයේ නිළදාරියෙකු පවසනලදි.
එම සංචාරකයින්ගෙන් නුවරඑළිය නගරයේ පිහිටි සංචාරක හෝටල් නිවාඩු නිකේතන සම්පුර්ණයෙන්ම වෙන් කරගෙන ඇති බවත්, නුවරඑළියට පැමිණෙන සංචාරකයන්ගේ ආරක්ෂාවට විශේෂ ආරක්ෂිත වැඩ පිලිවෙළක් නුවරඑළිය පොලිසිය විසින් දියත් කර ඇති අතර, නුවරඑළිය මහ නගර සභාව මගින්ද සංචාරකයන්ට අවශ්‍ය යටිතල පහසුකම් ලබා දී ඇත.