දුම්රිය මගීන්ට විශේෂ දැනුම්දීමක්

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය අවලංගු වීම් සහ වේලාවන් සංශෝධනයක් අදත් සිදුවන බව, දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. ඒ, දොඩන්දූව සහ බූස්ස දුම්රිය ස්ථාන අතර මාර්ග අලුත්වැඩියාවක් හේතුවෙනි.

දුම්රිය සාමාන්‍යාධිකාරී රවීන්ද්‍ර පද්මප්‍රිය මහතා පැවසුවේ, අද (24) උදෑසන 5.15 ට ගාල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වන දුම්රිය අවලංගු කළ බවයි. මරදාන සිට ගාල්ල බලා දහවල් 12.10 ට ධාවනය වීමට නියමිත දුම්රිය ද, අවලංගු කරනලදි.

කාලීන පුවත්