ලෝකයේ බොහෝ දෙනාගේ සිහිනය වන්නේ ආර්ථික වශයෙන් දියුණු, ධනවත් රටක ජීවත් වීමය. බටහිර ලෝකයේ හෝ වෙනත් දියුණු ආර්ථිකයන් ඇති රටවල කිසිදු දුෂ්කරතාවකින් තොරව, සුඛෝපභෝගී සහ සුවපහසු ලෙස ජීවිතයක් ගත කිරීමට හැකි බවට සමාජයේ ගැඹුරින් මුල් බැසගත් පොදු මතයක් පවතී. මේ නිසාම අපේ රටේ ද බොහෝ දෙනෙක්, විශේෂ තරුණ ප්‍රජාව එවැනි දියුණු රටක ජීවත් වී ජීවිතය එවැනි රටක ගොඩ නගා ගෙන ස්ථිර වශයෙන් එවැනි රටක ජීවත් වන්නට සිහින දකිති. කෙසේ වෙතත්, මෙම මතය සත්‍යයෙන් බොහෝ දුරස් බව, සංඛ්‍යා ලේඛන සහ සමාජ විද්‍යාත්මක පර්යේෂණ මගින් පැහැදිලිව පෙන්වා දෙයි. දියුණු ආර්ථිකයන් ඇති රටවල පවා සැලකිය යුතු ජන පිරිසක් දුප්පත්කම, ආදායම් විෂමතාව, දැරිය නොහැකි ජීවන වියදම සහ මානසික සෞඛ්‍ය අභියෝග වැනි බරපතළ ගැටලුවලින් පීඩා විඳිති. සැබෑවටම, ධනවත් රටක ජීවත් වීම යනු සෑම කෙනෙකුටම සැපවත් ජීවිතයක් හිමි වීමක් නොවේ.
ප්‍රධාන කරුණු කිහිපයක් ගැඹුරින් විමසා බැලීම තුළින් අපට මේ සත්‍යය අවබෝධ කර ගත හැකිය.
ඉන් එකක් වන්නේ ධනය සහ දරිද්‍රතාව අතර පරතරය හෙවත් ආදායම් විෂමතාව ය. ධනවත් රටවල ප්‍රධාන අභියෝගයක් වන්නේ ආදායම් විෂමතාව ය. ලෝක බැංකුව (World Bank) සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය (United Nations) වැනි ප්‍රමුඛ පෙළේ ආයතන විසින් සිදු කරන ලද අධ්‍යයන මගින් හෙළි වී ඇත්තේ, බොහෝ දියුණු රටවල ආදායම හා ධනය ධනවත්ම 1% හෝ 10% අතර කේන්ද්‍රගත වී ඇති බවය. මෙය “දරිද්‍රතාව” යන්න පිළිබඳ අපගේ සම්ප්‍රදායික අවබෝධයට වඩා වෙනස් තත්ත්වයකි. අඩු ආදායම්ලාභී රටක දරිද්‍රතාව මනිනු ලබන්නේ දෛනික ආදායම ඩොලර් කිහිපයකට සීමා වීම වැනි නිරපේක්ෂ මිනුම් දඬු (absolute poverty) මතය. එහෙත්, ධනවත් රටක දරිද්‍රතාව යනු රටේ සාමාන්‍ය ආදායමට සාපේක්ෂව (relative poverty) අඩු ආදායමක් ලැබීමය.
ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි එක්සත් ජනපදයේ, ඇතැම් පවුල්වලට නිවාස, ආහාර සහ සෞඛ්‍ය පහසුකම් වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මහත් අරගලයක් කිරීමට සිදුවී තිබේ. උසස් මට්ටමේ, අපක්ෂපාතී සමීක්ෂණ පැවැත්වීම පිළිබඳ ලොව පුරා මහත් ගෞරවයක් දිනා ඇති වොෂිංටනයේ පිහිටි Pew පර්යේෂණ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, දියුණු ආර්ථිකයන් ඇති රටවල බොහෝ පිරිසක් පවසන්නේ ධනවත්ම පුද්ගලයන්ට දේශපාලනික බලය වැඩිපුර තිබීම ආදායම් විෂමතාවට ප්‍රධාන හේතුවක් බවයි.
නිදසුනක් ලෙස, එක්සත් ජනපදයේ පවා මිලියන ගණනක් ජනතාවට දරිද්‍රතා මට්ටමට පහළින් ජීවත් වීමට සිදුවී තිබේ. ලෝකයේ විශාලතම ආර්ථිකය හිමි එක්සත් ජනපදයේ, ඇතැම් පවුල්වලට නිවාස, ආහාර සහ සෞඛ්‍ය පහසුකම් වැනි මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා මහත් අරගලයක් කිරීමට සිදුවී තිබේ. උසස් මට්ටමේ, අපක්ෂපාතී සමීක්ෂණ පැවැත්වීම පිළිබඳ ලොව පුරා මහත් ගෞරවයක් දිනා ඇති වොෂිංටනයේ පිහිටි Pew පර්යේෂණ ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව, දියුණු ආර්ථිකයන් ඇති රටවල බොහෝ පිරිසක් පවසන්නේ ධනවත්ම පුද්ගලයන්ට දේශපාලනික බලය වැඩිපුර තිබීම ආදායම් විෂමතාවට ප්‍රධාන හේතුවක් බවයි. එමෙන්ම, UNICEF වාර්තාවකට අනුව, ධනවත් රටවල් 41ක් අතරින් අඩකට ආසන්න සංඛ්‍යාවක, ළමුන් පස් දෙනෙකුගෙන් එක් අයෙක් දුප්පත්කමෙන් පෙළෙන බව හෙළි වී ඇත. මෙය, දියුණු රටවල සිටින සෑම පුරවැසියෙකුටම සුවපහසු ජීවිතයක් හිමි නැති බවට හොඳම සාක්ෂියකි.
අපට සලකා බැලිිය හැකි ඊළඟ කාරණය වන්නේ ඉහළ ජීවන වියදම සහ එහි බලපෑමය. ධනවත් රටවල ඉහළ වැටුප් ලැබුණ ද, එම වැටුප්වලින් සපයාගත හැකි සැබෑ වටිනාකම හෙවත් ක්‍රය ශක්තිය (purchasing power) බොහෝ විට ඉහළ ජීවන වියදම හේතුවෙන් සීමා වේ. ස්විට්සර්ලන්තය හෝ ඕස්ට්‍රේලියාව වැනි රටවල ආදායම් මට්ටම් ඉහළ වුව ද, නිවාස, ප්‍රවාහනය, ආහාර සහ සෞඛ්‍ය සේවා සඳහා විශාල මුදලක් වැය කිරීමට සිදුවීම නිසා සාමාන්‍ය පුරවැසියෙකුට පවා ආර්ථික වශයෙන් ස්ථාවර වීම අභියෝගයක් බවට පත්ව තිබේ.
උදාහරණයක් ලෙස, ඇතැම් දියුණු රටවල නිවාස මිල ගණන් අසාමාන්‍ය ලෙස ඉහළ ගොස් තිබේ. නාගරික ප්‍රදේශවල සාමාන්‍ය වැටුපකින් නිවසක් මිලදී ගැනීම හෝ කුලියට ගැනීම ඉතා දුෂ්කර කාර්යයකි. මෙහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ පවුල්වලට සහ තරුණ තරුණියන්ට තම ආදායමෙන් විශාල කොටසක් නිවාස සඳහා වැය කිරීමට සිදුව තිබේ. මෙය ඉතිරි කිරීමේ සහ ආයෝජනය කිරීමේ හැකියාව සීමා කරන අතර, ඔවුන්ව ආර්ථික අවදානමකට තල්ලු කරයි. මෙම තත්ත්වය නිසා, නිවසක් හිමි කර ගැනීම වැනි ජීවිතයේ මූලික අරමුණු පවා දියුණු රටවල බොහෝ දෙනෙකුට සිහිනයක් පමණක් බවට පත්ව ඇත.
මානසික සෞඛ්‍යය අර්බුදය අපට මෙහිදී සලකා බැලිය හැකි හා සලකා බැලිය යුතු වැදගත්ම කාරණයකි. ආර්ථික වශයෙන් සමෘද්ධිමත් රටවල ජීවත්වීමෙන් ලැබෙන සාර්ථකත්වයන් මධ්‍යයේ වුව ද, මානසික සෞඛ්‍ය ගැටලු වැඩිවෙමින් පවතින බව පර්යේෂණ මගින් හෙළිව තිබේ. “The Mental State of the World Report” වැනි වාර්තාවලට අනුව, මානසික අවපීඩනය හෙවත් විෂාදය (depression), කාංසාව (anxiety) සහ ආතතිය (stress) වැනි ගැටලු ධනවත් රටවල තරුණ පරම්පරාව අතර විශේෂයෙන් ඉහළ මට්ටමක පවතී.
මෙයට හේතු වී ඇත්තේ අධික තරඟකාරීත්වය, රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ අවිනිශ්චිතතාව, සමාජ හුදෙකලාව සහ ඉහළ ජීවන වියදම නිසා ඇතිවන ආර්ථික පීඩනය වැනි කරුණු බව පෙනෙන්නට තිබේ. ධනවත් රටවල මානසික සෞඛ්‍ය සේවා සඳහා පහසුකම් පුළුල්ව පැවතුණ ද, යමෙක් මානසික් අර්බුද සඳහා ප්‍රතිකාර ගැනීමට පෙළඹීම තුළින් ඔහුට හෝ ඇයට යම් අපකීර්තියක් සිදුවේ යැයි සිතන ප්‍රවණතාවක්, එවැනි මතයක් පැතිර තිබීම හේතුවෙන් බොහෝ දෙනා ප්‍රතිකාර ලබා ගැනීමට මැලි වෙති. නිව්යෝර්ක් නගරයේ ඇති සමාජ සුබසාධන අරමුදලක් වන Commonwealth Fund විසින් කරන ලද අධ්‍යයනයකට අනුව, එක්සත් ජනපදයේ මානසික ගැටලු පවතින පුද්ගලයන්ගෙන් 40%කට පමණ ප්‍රතිකාර ලබාගැනීමට නොහැකි වී ඇත්තේ මුදල් නොමැති වීම හෝ වෙනත් බාධක නිසායෙ
මීට අමතරව, තවත් කරුණු කිහිපයක් මෙම මතය තහවුරු කරයි.
ඉන් එකක් වන්නේ ආහාර අනාරක්ෂිතභාවය ය. දියුණු රටවල වුව ද ආහාර අනාරක්ෂිතභාවය (food insecurity) බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ. ඇතැම් දියුණු රටවල ජනගහනයෙන් 8% සිට 20% දක්වා ප්‍රමාණයක් ප්‍රමාණවත් ආහාර ලබාගැනීමේ අපහසුතාවන්ට මුහුණ දෙති. මේ නිසා, “ආහාර බැංකු” (food banks) වැනි සංවිධාන දියුණු රටවල ද ඉතා වැදගත් සේවාවක් සපයයි.
ධනවත් රටවල් යනු සෑම කෙනෙකුටම සුවපහසු ජීවිතයක් හිමි වන පාරාදීසයක් නොවන බව මෙම කරුණු මගින් පැහැදිලි වේ. ආර්ථික සමෘද්ධිය තිබුණ ද, ඉහළ ජීවන වියදම, ආදායම් විෂමතාව සහ සමාජීය අභියෝග නිසා විශාල පිරිසක් අරගල කරමින් සිටිති. සැබෑ සංවර්ධනයක් යනු දළ දේශීය නිෂ්පාදිතය (GDP) වැනි ආර්ථික දර්ශක පමණක් නොව, රටේ සියලුම පුරවැසියන්ගේ සමාජ, ආර්ථික සහ මානසික යහපැවැත්ම සමතුලිතව පවත්වාගෙන යාම බව මෙම තත්ත්වය මගින් පෙන්වා දෙයි.
තවත් කාරණයක් වන්නේ ළමා සුභසාධනය ය. UNICEF වාර්තාවන්ට අනුව, ආර්ථික වශයෙන් දියුණු රටවල සිටින සියලුම දරුවන්ට සුවපහසු ළමා කාලයක් හිමි නොවේ. දියුණු රටවල් 41ක් අතරින්, තුනෙන් එකකට වඩා වැඩි රටවල ළමුන් අතර තරබාරුකම (obesity) බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තිබේ.
ධනවත් රටවල් යනු සෑම කෙනෙකුටම සුවපහසු ජීවිතයක් හිමි වන පාරාදීසයක් නොවන බව මෙම කරුණු මගින් පැහැදිලි වේ. ආර්ථික සමෘද්ධිය තිබුණ ද, ඉහළ ජීවන වියදම, ආදායම් විෂමතාව සහ සමාජීය අභියෝග නිසා විශාල පිරිසක් අරගල කරමින් සිටිති. සැබෑ සංවර්ධනයක් යනු දළ දේශීය නිෂ්පාදිතය (GDP) වැනි ආර්ථික දර්ශක පමණක් නොව, රටේ සියලුම පුරවැසියන්ගේ සමාජ, ආර්ථික සහ මානසික යහපැවැත්ම සමතුලිතව පවත්වාගෙන යාම බව මෙම තත්ත්වය මගින් පෙන්වා දෙයි. ධනවත් රටවල ජීවත් වන සෑම පුද්ගලයෙකුම සතුටින් හෝ සුවපහසුවෙන් ජීවත් නොවන බව අවබෝධ කර ගැනීම, ලෝකයේ සැබෑ සමාජ ආර්ථික යථාර්ථය තේරුම් ගැනීමට අත්‍යවශ්‍ය වේ.
නිරංජන් චාමින්ද කරුණාතිලක