පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ සීතල යුද්ධය ඇරඹේ

ලෝක කුස­ලාන පාපන්දු තර­ගා­ව­ලියේ ත්‍රාස­ජ­නක, නාට්‍ය­මය සහ සිදු­වීම් සහිත කණ්ඩා­යම් අදි­යර නිමා­වට පත්වූ අතර, අව­සන් කණ්ඩා­යම් 32 අතර වටය අද අලු­යම සිට ආරම්භ විය. වත්මන් ශූර ආර්ජ­න්ටි­නාව මූලික වටයේ තරග තුනම ජය­ගෙන සිය­යට සිය­යක සාර්ථ­ක­ත්ව­යක් සමඟ පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ අදි­ය­රට අප­රා­ජි­තව පිවිස ඇත. මෙක්සි­කෝව හා ප්‍රංස­යද මූලික වටයේ අප­රා­ජි­තව පිළි­ම­ළුන් පිටු­දැ­කීමේ අදි­ය­රට පිවිසි කණ්ඩා­යම් වෙති.

ජර්ම­නිය, බ්‍රසී­ලය, පෘතු­ගා­ලය, එංග­ල­න්තය සහ යුරෝ­පීය ශූර ස්පාඤ්ඤය පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ අදි­ය­රට පිවි­සි­යද, ඔවුන්ට ඔවුන්ගේ දක්ෂතා පිළි­බ­ඳව සම්පූ­ර්ණ­යෙන්ම සෑහී­ම­කට පත්වී­මට නොහැකි වී තිබේ. විශේ­ෂ­යෙන්ම ලෝක පාපන්දු ශූරතා 4ක් දිනා සිටින ජර්ම­නිය ඔවුන්ගේ අව­සන් තර­ග­යේදී ඉක්ව­දෝ­ර­යට 2-1ක් ලෙස පරා­ජය වී කණ්ඩා­යම් අදි­යර අව­සන් කිරීම කාගේත් කතා­බ­හට ලක් විය.

පිළි­ම­ලුන් පිටු­දැ­කීමේ කණ්ඩා­යම් 32 වට­යේදී ආර්ජ­න්ටි­නා­වට ලබන 4 වැනිදා කේප් වර්ඩ් පිල හමු­වන අතර. එය පහසු තර­ග­යක් වනු ඇතැයි විශ්වා­සය වේ. අන­තු­රුව කණ්ඩා­යම් 16 වට­යේදී ඔවුන්ට හමු­වන්නේ ඔස්ට්‍රේ­ලියා හා ඊජි­ප්තුව අතර තර­ගයේ ජය­ග්‍රාහී කණ්ඩා­යම වේ. එබැ­වින් විශ්ලේ­ෂ­ක­යන්ට අනුව, ආර්ජ­න්ටි­නා­වට අව­සන් හතර දෙනා අත­රට පැමි­ණී­මට පහසු මාර්ග­යක් විවෘත වී ඇත.

කෙසේ වෙතත්, අව­සන් පූර්ව වට­යේදී විශාල තර­ග­කාරී තත්ත්ව­යක් බලා­පො­රොත්තු විය හැකි අතර, එහිදී ආර්ජ­න්ටි­නා­වට බ්‍රසී­ලය, එංග­ල­න්තය, නෝර්වේ හෝ අයි­වරි කෝස්ට් වැනි ශක්ති­මත්ම කණ්ඩා­ය­ම්ව­ලින් එක­කට මුහුණ දීමට සිදු­වනු ඇත. 32 වටයේ තරග සට­හන අනුව යුරෝ­පීය සුපිරි බල­ව­තුන් අතර සටන වේග­වත් වෙමින් පවතී. ප්‍රංසය, ජර්ම­නිය, ස්පාඤ්ඤය, පෘතු­ගා­ලය, නෙද­ර්ල­න්තය සහ බෙල්ජි­යම වැනි කණ්ඩා­යම් සිය­ල්ලම එකම කොට­සක සිටින බැවින්, ආර­ම්භයේ සිටම දැඩි තර­ග­කා­රී­ත්ව­යක් පව­තිනු ඇත.

මෙවර පාපන්දු ලෝක කුස­ලා­නයේ කාණ්ඩ ශූර­යන් ලෙස මෙක්සි­කෝව, ස්විට්ස­ර්ල­න්තය, බ්‍රසී­ලය, අමෙ­රි­කාව, ජර්ම­නිය, නෙද­ර්ල­න්තය, බෙල්ජි­යම, ස්පාඤ්ඤය, ප්‍රංශය, ආර්ජ­න්ටි­නාව, කොලො­ම්බි­යාව සහ එංග­ල­න්තය ඉදි­රි­යට පැමිණි අතර, කාණ්ඩ­වල දෙවැනි ස්ථානයේ දකුණු අප්‍රි­කාව, කැන­ඩාව, මොරො­ක්කෝව, ඔස්ට්‍රේ­ලි­යාව, අයි­වරි කෝස්ට්, ජපා­නය, ඊජි­ප්තුව, කේප් වර්ඩ්, නෝර්වේ, ඔස්ට්‍රි­යාව, පෘතු­ගා­ලය සහ ක්‍රොඒ­ෂි­යාව සිටිති.

 

කාලීන පුවත්