අකුණු වලින් පරිස්සම් වෙන්න – කාලගුණයෙන් නිවේදනයක්

ප්‍රබල අකුණු පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර තිබේ.

ඒ අනුව උතුරුමැද, නැගෙනහිර, ඌව පළාත් සහ වවුනියාව, මුලතිව් දිස්ත්‍රික්කවලට ප්‍රබල අකුණු ඇති විය හැකි බවට දැනුම් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි ඇති වනවිට එම ප්‍රදේශවල තාවකාලික තද සුළං ද ඇති විය හැකියි.

අකුණු අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම්දෙයි.

කාලීන පුවත්