අත්‍යාවශ්‍ය ආහාර මිල පහත වැටීමේ වාසිය ජනතාවට නැහැ පිටකොටුව තොග වෙළදපොලේ පරිප්පු, සුදු සිනී ඇතුළු අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල තවදුරටත් පහත වැටී ඇති බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසන මුත් එහි වාසිය තම අතට පත් නොවන බවට පාරිභෝගිකයෝ මැසිවිලි නඟති.
පසුගිය දිනවල රුපියල් 375 ට පමණ පැවති පරිප්පු කිලෝවක මිල මේ වන විට රුපියල් 350 දක්වා පවත වැටී ඇති අතර රුපියල් 290 ට පමණ පැවති සුදු සිනී කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 225 දක්වා අඩු ව ඇති බව අත්‍යාවශ්‍ය ආනයනකරුවන්ගේ සංගමය කියා සිටියි.තිරිඟු පිටි කිලෝග්‍රෑමයක තොග මිල රුපියල් 250 දක්වා පහත වැටී ඇත.