අද සිට ක්‍රියාත්මක වීමට නියමිතව තිබූ වැට් බදු ක්‍රමවේදය ජූලි දක්වා කල්යයි

වැට් බදු සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින් විසින් නිකුත් කළ යුතු විශේෂිත බදු ඉන්වොයිස් පත්‍ර ක්‍රියාත්මක කිරීමේ දිනය මාස තුනකින් දීර්ඝ කිරීමට දේශීය ආදායම් කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, මීට පෙර 2026 අප්‍රේල් 01 වැනිදා එනම් අද සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ මෙම නව ක්‍රමය 2026 ජූලි 01 වැනිදා දක්වා කල් දමා ඇති බවයි.

අද දින සිට ක්‍රියාත්මක වීමට නිමිතව තිබූ බදු නීතිය සහ එමඟින් ආර්ථිකයට සිදුවන බලපෑම් සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථීක විද්‍යා දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා මෙලෙස පැහැදිලි කරනලදි.

“මේ කල්දැමීම පිටුපස සාධක කිහිපයක් තිබිය හැක. එකක් තමා අපි දන්නවා මේ අවස්ථාව වෙන විට ගෝලීය ඛනිජතෙල් මිල ඉහළ යෑම තුළ දේශීය වශයෙන් මිල ඉහළ ගොස් තියෙනවා. ගෑස් මිල ඉහළ ගොස් තියෙනවා. විදුලි මිල ඉහළ ගොස් තියෙනවා. මේ එක්ක ඉදිරියට තවත් භාණ්ඩ හා සේවා මිල ගණන් ඉහළ යෑමට නියමිතයි. මෙවැනි සේවාවල මිල ඉහළ දැමීම විශේෂයෙන්ම තනි පුද්ගලයෝ විදියට ඩිජිටල් ෆැල්ට්ෆෝම් පාවිච්චි කරගෙන යන ආර්ථික කටයුතු ඒ වගේම ස්වයං රැකියා වගේ දේවල්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මානතකරුවෝ ලබාගන්නා ඩිජිටල් සේවා කියන දේවල්වල තවත් නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමට තුඩු දෙන ආකාරයේ මිල වැඩිකිරීම් ඇති වීමට හැකියාව තියෙනවා මේ වැට් බද්ද අයකිරීම තුළ. රජය ඒ අනුව කල්පනා කරා වෙන්න පුළුවන් තියෙන තත්ත්වය තුළ මෙවැනි බද්දක් අය කළහොත් එය විශේෂයෙන්ම ආර්ථික කටයුතුවලට අහිතකර බලපෑමක් ඇතිවිය හැකි කියන දේ මත වෙන්න පුළුවන් මේක තාවකාලිකව කල්දැම්මේ.”

කාලීන පුවත්