මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අධිවේගී මාර්ගයේ ධාවනය වන බස් රථ අද (10) සිට පූර්ව කාර්මික පරීක්ෂාවට ලක්කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය එක්ව මෙම වැඩපිළිවෙළ ආරම්භ කර තිබෙන බවද නියමු ව්‍යාපෘතියක් වශයෙන් අද සිට මෙම පරීක්ෂාවන් සිදුකරන බවද මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් (කාර්මික) අරුණ බතීගම පවසනලදි.