අවුරුදු උත්සව වල කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම වගේම බොරු කීමේ තරඟයත් වෙනස් කරන්න බැරිද?

මෙවර පැවැත්වෙන අලුත් අවුරුදු උත්සවයන්හි දී ආබාධිත පුද්ගලයන් පිළිබඳ සමාජය තුළ සංකල්පමය වෙනසක් ඇති කිරීම ඉදෙසා “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”, “වාසනා මුට්ටිය බිඳීම සහ සගයාට කිරි කැවීම” ලෙස වෙනස් කළ බව සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසා තිබේ.සමාජ සමානාත්මතා සංකල්පය පිළිබඳ ගෝලීය උනන්දුවක් පළ වන වර්තමානයේ මෙම තීරණය මඟින් රාජ්‍ය අමාත්‍ය වරයා “පහසු ළකුණක්’ අත් කර ගැනීම සම්බන්ධ කිසිදු ආරෝවක් අප තුළ නැත.එහෙත්, අතීත සිංහල අලුත් අවුරුදු සමයේ දක්නට ලැබුණු ජන කෙළි( Folk Play ) වෙනුවට නවීන ක්‍රීඩා ( Sports) සහ මළල ක්‍රීඩා( Athletics) ඉසව් වලින් සැකසුණු දේශීයත්වයට; පෙරදිගට වඩා බටහිර සංස්කෘතියට නැඹුරු ආකෘතියකින් යුතු නූතන අලුත් අවුරුද්ද තුළ රැඳුණු තවත් නිශේධනීය තරඟයක් තිබේ.එනම් බොරු කීමේ තරඟයයි.”විහිළුවට වත්,සෙල්ලමට වත් බොරුවක් කියන්න එපා” යනුවෙන් වැඩිහිටියන් ගෙන් අවවාද නොලත් දරුවකු අප සමාජයේ නොමැති තරම් ය.එහෙත්, එම නියමය සිංහල අලුත් අවුරුදු උළෙළක දී වත් නොකැඩිය යුතු බව අප ගේ වැටහීම ය.එමෙන්ම එය ඉතා පහසුවෙන් කළ හැකි දෙයකි.එනම් බොරු කීමේ තරඟය බේගල් කීමේ තරඟය හෝ බේගල් තරඟය ලෙසින් වෙනස් කිරීම පමණි.

ඉටු නොකිරීමේ අදහස පෙරදැරිව යම් බොරු පොරොන්දුවක් දීම ද මුසාවාද ගණයට අයත් වන බව පවසන බුදු දහමින් අනාවරණය කෙරේ. කුමන හේතුවක් මත හෝ පසුකලෙක ඒ එම පොරොන්දුව ඉටු කළ ද ඉහත සඳහන් කරුණු සතර මුල් කොට ඉහත පොරොන්දුව දුන් තැනැත්තාට මුසාවාද අකුශලය සිදු වන බව බුදු දහමේ සඳහන් ය. නමුදු බොරු යන යුගල පදයෙහි දෙවන කොටස වන බේගල් යන්නෙන් හැඳින්වෙනුයේ බොරු නොවේ. හුදෙක් අන්‍යයන් පිනවීමේ, රසවත් කිරීමේ හා දැනුවත් කිරීමේ අදහසින් ප්‍රකාශ කරනු ලබන අභව්‍යාත්මක ප්‍රකාශයන් ය. එහි දී එම බේගල් අසන්නෝ ද ඒවායේ ඇති රසය උකහා ගෙන යම් යම් දේ සම්බන්ධයෙන් දැනුවත් වනු මිස ඒවා සත්‍ය වශයෙන් විශ්වාස නොකරති.

බොරු – බේගල් යනු සිංහල භාෂාවේ එන යුගළ පදයකි. එනිසා තවමත් අප සමාජයේ බොහෝ දෙනකු දකිනුයේ බොරුව සහ බේගලය නිවුන් සොයුරන් ලෙසිනි. එහෙත්, පොදුවේ ගත් කල බේගලය යනු සත්‍ය නොවූ ප්‍රකාශ වශයෙන් හැඳින්විය හැකි වුවද බොරුව සහ බේගලය අතරේ සමානතා අබිබවන වෙනස්කම් හා පරස්පරතා තිබේ. අසන්නවුන් රවටන වංචනික ලෙස කරනු ලබන ප්‍රකාශයන් බොරුව නමින් හැඳින්වෙන අතර බුදු දහමේ මෙය මෘෂාවාදය හෙවත් මුසාවාදය ලෙසින් හැඳින්වෙයි. බුදු දහමේ දැක්වෙන අන්දමට අකුසල කර්මයක් වන මුසාවාදය සම්පූර්ණ වීමට කරුණු හතරක් සම්පූර්ණ විය යුතු ය. පවසන කරුණ සත්‍යයෙන් තොර වීම, අන්‍යයන් රැවටීමේ අදහස, රැවටීමේ උත්සාහය, එසේ කී දෙය සත්‍යයක් වශයෙන් අනෙකා හෝ අන්‍යයන් වටහා ගැනීම යනු ඒ කරුණු සතර ය. එමෙන්ම ඉටු නොකිරීමේ අදහස පෙරදැරිව යම් බොරු පොරොන්දුවක් දීම ද මුසාවාද ගණයට අයත් වන බව පවසන බුදු දහමින් අනාවරණය කෙරේ. කුමන හේතුවක් මත හෝ පසුකලෙක ඒ එම පොරොන්දුව ඉටු කළ ද ඉහත සඳහන් කරුණු සතර මුල් කොට ඉහත පොරොන්දුව දුන් තැනැත්තාට මුසාවාද අකුශලය සිදු වන බව බුදු දහමේ සඳහන් ය. නමුදු බොරු යන යුගල පදයෙහි දෙවන කොටස වන බේගල් යන්නෙන් හැඳින්වෙනුයේ බොරු නොවේ. හුදෙක් අන්‍යයන් පිනවීමේ, රසවත් කිරීමේ හා දැනුවත් කිරීමේ අදහසින් ප්‍රකාශ කරනු ලබන අභව්‍යාත්මක ප්‍රකාශයන් ය. එහි දී එම බේගල් අසන්නෝ ද ඒවායේ ඇති රසය උකහා ගෙන යම් යම් දේ සම්බන්ධයෙන් දැනුවත් වනු මිස ඒවා සත්‍ය වශයෙන් විශ්වාස නොකරති. එනිසා එය මෘෂාවාද හෙවත් මුසාවාද සීමාවෙන් ඔබ්බෙහි ඇති දෙයක් බව ඔබට වැටහෙනු ඇත.මගේ පෞද්ගලික මතය යනු බේගලය මනෝරථ දෙඩීම්( Fancy talk ) පමණි.
අතීත ගැමි සමාජයේ බොරු කාරයන් පොදු ගර්හාවකට ලක් වුවද බේගල් කාරයන් සඳහා යම් පිළිගැනීමක් තිබිණ. මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ගේ ‘අපේ‘ ගම කෘතියෙහි එන අන්දො අයියා හෙවත් බේගල් ගේ චරිතය තමන් සැබැවින් ඇසූ දුටු අපූරු චරිතයක් බව වික්‍රමසිංහයන් පසුව කියා තිබිණ. දකුණු පළාතේ ගමක වාසය කළ දරුවකුගේ ද්‍රෂ්ඨි කෝණයෙන් ලියැවුණු ගත් අපේ ගම කෘතියෙන් දකුණේ පිටිසර ගමක ඇතුලාන්තය මනාව නිරීක්ෂණය කොට තිබීම පැසසුම් කටයුතු ය. 1940 වසරේදී පළමු වරට මුද්‍රණය වූ අපේ ගම සිංහල පාඨක ජනතාව අතර විශේෂයෙන් ළමා පරපුර අතර බෙහෙවින් ප්‍රචලිත වූ කතා සංග්‍රහයකි. මේ වන විට පිටපත් ලක්ෂ ගණනක් දරුවන් අතට පත්ව තිබේ.

 

“අනේ හාමිනේ; මෙතනට සිරීපාදේ අතේ දුරින් වගේ පේනවා. අනේ සාදු සාදු” ඔහු යළි හඬ නඟන්නට විය.
සැබැවින්ම එම පොල් ගස මතට නැඟුණු විට ශ්‍රී පාදස්ථානය දර්ශනය වන බව පැවසීම මුළුමනින්ම අසත්‍යයකි. එය සත්‍යයක් සේ පිළිගන්නා කිසිවකුත් නැත. ඒ පොල් කඩන්නා තම විශිෂ්ටතම පරිකල්පන ශක්තිය මෙහෙයවා අනියමින් ප්‍රකාශ කොට සිටියේ තමන් නැඟි පොල් ගස ඉතා උස බැවින් තමන්ගේ “බැලය” හෙවත් කුලිය සම්බන්ධ යම් විශේෂයක් කරන ලෙස ය. සැබැවින්ම එය කෙතරම් අපූරු සොඳුරු ව්‍යංගාත්මක සන්නිවේදනයක්ද?

අප කුඩා කාලයේ අප ගම් ප්‍රදේශයේ; එනම් ගණේමුල්ලේ අනුන්ගේ ගෙවතුවල පොල් ගෙඩි කඩා කුලියට ජීවත් වන පුද්ගලයෙක් සිටියේ ය. සිහින් උස් සිරුරකින් යුතු ඉතා අහිංසක ඇවතුම් පැවතුම් වලින් යුතු ඔහු ගමේ කාට වුව අතිශය ප්‍රිය මනාප පුද්ගලයෙක් විය.
දිනක් අප නිවසට අද්දර ඉඩමක උස පොල් ගසකට නැඟ පොල් කඩමින් සිටි ඔහු ගස මුදුනේ සිට “හාමිනේ හාමිනේ” යනුවෙන් කෑ ගසමින් ඒ ගස අද්දර සිටි එම නිවෙස් ගෘහනිය අමතනු මට ඇසිණ. එබැවින් මම ද ඊට මහත් උනන්දුවෙන් කන් දුනිමි “මොකද බං?” ඇය ද නොරිස්සුම් සහගත බවක් පළ කරමින් ඇසුවා ය.
“…. අනේ හාමිනේ හාමිනේට බොහොම පින් මට මේ කරපු උදව්වට අනේ සාදු සාදු” ඔහු දිගටම හඬ නඟන්නට විය. ඉන් මගේ සේම ඒ කාන්තාව ගේ කුතුහලය; විමතිය දෙගුණ තෙගුණ වූ බව රහසක් නොවේ.
“මොකක්ද බං; උඹ ඔය කියන්නේ; කියන කෙහෙම්මලක් තේරෙන්න කියපන්කෝ” ගස අද්දර සිටි ඒ කාන්තාව ද කෑගැසුවා ය. “අනේ හාමිනේ; මෙතනට සිරීපාදේ අතේ දුරින් වගේ පේනවා. අනේ සාදු සාදු” ඔහු යළි හඬ නඟන්නට විය.
සැබැවින්ම එම පොල් ගස මතට නැඟුණු විට ශ්‍රී පාදස්ථානය දර්ශනය වන බව පැවසීම මුළුමනින්ම අසත්‍යයකි. එය සත්‍යයක් සේ පිළිගන්නා කිසිවකුත් නැත. ඒ පොල් කඩන්නා තම විශිෂ්ටතම පරිකල්පන ශක්තිය මෙහෙයවා අනියමින් ප්‍රකාශ කොට සිටියේ තමන් නැඟි පොල් ගස ඉතා උස බැවින් තමන්ගේ “බැලය” හෙවත් කුලිය සම්බන්ධ යම් විශේෂයක් කරන ලෙස ය. සැබැවින්ම එය කෙතරම් අපූරු සොඳුරු ව්‍යංගාත්මක සන්නිවේදනයක්ද?

මීට වසර ගණනාවකට පෙර අප ගම් ප්‍රදේශයේ කුඩා තේ කඩයක් ඉදිරියේ දාම් අදිමින් සිටි කිහිප දෙනාගෙන් එක් අයකු “අන්න ජේමිස් අප්පු අපායේ ඉඳන් රෙජිස්ටර් තැපෑලෙන් ලියුමක් එවල ලු’ යනුවෙන් කීය. ජේමිස් අප්පු යනු ඊට මඳ කලෙකට පෙර මිය ගිය අප ගම් ප්‍රදේශයේ සිටි කුප්‍රකට පුද්ගලයෙකි.” ඔන්න අපේ නායක හාමුදුරුවොත් අපායේ ඉස්සරහ පේලියෙම වැඩ ඉන්නවා කියලා ජේමිස් අප්පු ලියලා එවලා” ”ඔහු කීයේ ඊට මාස ගණනකට පෙර අපවත් වූ ධනවත් කමින් දාහෙන් පංගුවක වත් සිල්වත් කමක් නොතිබූ නා හිමි නමක පිළිබඳව ය. එකෙනෙහිම එහි සිටි කිසිවකු එතැන සිටි තවත් අයකු නෙත් කොනින් පෙන්වා සිටියේ යම් අනතුරු සංඥාවක් ලෙසිනි. ඒ පෙන්වනු ලැබූ තැනැත්තා ඒ නා හිමියන්ගේ සමීපතමයෙකි. ඒ සංඥාව දුටු සැණින් දාම් අදින්නාගේ ගේ හඬ යළි අවදි විය. “අපායේ වැටුණු උන්ව වුණත් ගොඩ ගන්න පුළුවන් මහා පින් බලයක් නෙ අපේ නායක හාමුදුරුවන්ට තියෙන්නේ. මං හිතන්නේ උන්නාන්සේ ඒකටම තමයි අපායට වඩින්න ඇත්තෙ; දිවිය ලෝකෙ ඉඳලා” හෙතෙම පටස් ගා කියා දැම්මේය. සැබැවින්ම ඔහුගේ එම පරිකල්පන ශක්තිය හමුවේ මට මා පිළිබඳවම ලජ්ජාවක් ඇති විය. තමන්ට හෝ අසන්නාට කිසිදු වැදගැම්මකට නොමැති යමක් පැවසීම බුදු දහමට අනුව සම්ඵප්‍රලාප හෙවත් හිස් වදන් කීමට අයත් වන බව පෙනේ. එහෙත් මතුපිටින් සරල බවක් පැවැතිය ද ඇතුළතින් කිසියම් අරුතක් හරයක් පළ කරන බේගලය සම්ඵප්‍රලාප ගණයට ද අයත් වෙතැයි කිසිවකුටත් කිව නොහැක. සාමාන්‍ය ව්‍යවහාරයේ දී බේගල් වශයෙන් නම් කළ ද අසන්නවුන් තුළ කිනම් හෝ සාධනීය බලපෑමක් ඇති කරවීම පිණිස මවන ලද අතිශයෝක්තීන් ආගමික සාහිත්‍යාංගයන් තුළ ද දක්නට තිබේ. බේගල් වශයෙන් සඳහන් නොවුණ ද අප කවුරුත් දන්නා පන්සිය පනස් ජාතකයේ එන සතුන් කතා කිරීම ආදී අභව්‍යාත්මක පුවත් ඊට කදිම නිදසුනකි. ලොව නන් දෙසින් අසන්නට ලැබෙන උපමා කතා අතරේ ද මෙබඳු හරවත්, අරුත්බර කතා පුවත් ඕනෑ තරම් තිබේ. එහෙත්, ඒවා සමාජයට අතිශයින් වැදගත් වන්නේ ඉන් පැවසෙන කරුණු වලින් ඉස්මතු වන සුවිශිෂ්ට පුද්ගල සහ සමාජ යථාර්ථයන් නිසා ය. මේ සියලු තත්ත්වයන් යටතේ බේගල් දොඩන්නවුන් ගේ කතා මගින් රසයක් උත්ප්‍රාසයක් සේම යම් ජීවිතාදර්ශයක් ලබා ගැනීමට අතීත ගැමි සමාජය පුරුදුව සිටියහ. එයින් ඔව්හු තම ජීවිතවලට යම් යහපතක් උදා කර ගත්හ.

මතුපිටින් බලන විට අතිශය අභව්‍යාත්මක සංසිද්ධීන් පෙළක එකතුවක් පන්සිය පනස් ජාතකය තුළ ගොනුවී ඇත.මෝඩ උපාසකයන් සඳහා ලියැවුණු බව ඇතැමුන් පවසන එම වෘත්තාන්ත හා උපමා කතාවන් හි ඇති දාර්ශනික අගය ඉතා සියුම් ලෙස වටහා ගත යුතු ය.පන්සිය පනස් ජාතකයට අයත් චේතිය ජාතකයෙන් පැවසෙන අන්දමට මේ ලෝකයට, සමාජයට බොරුව හඳුන්වා දී ඇත්තේ චේතිය රජතුමා නම් නරපතියකු විසිනි. ඔහු එසේ බොරුව හඳුන්වා දෙනුයේ තම රාජ්‍ය බලය අයුතු ලෙස භාවිතා කිරීමේ අවශ්‍යතාව පදනම් කර ගනිමිනි. එමෙන්ම දේශපාලනික වශයෙන් යම් ව්‍යාජ ස්ථාවරයක රැඳෙන දේශපාලනඥයන්ට ඉන් අත් මිදීමේ හැකියාවක් නැත. මක්නිසාද එමඟින් තම නොමනා පැවැත්මට බාධා එල්ලවන බැවිනි.එමෙන්ම චේතිය රජතුමා විසින් ලොව මුල්ම බොරුව ප්‍රකාශ කිරීමටත් පෙරම ඔහු බොරු කීමට සැරසෙන බව ජනතාව දැන සිටි බව මෙම චේතිය ජාතකයෙන් පැහැදිලි වේ. ඒ අනුව ඔවුන් සැදී පැහැදී සිටිනුයේ ඒ බොරුව කුමක් දැයි අසා දැන ගැනීමට මිස ඉන් රැවටීමට නොවේ. එසේ වරක් බොරුවක් කී චේතිය රජතුමා හෙවත් දේශපාලනඥයා ඒ බොරුව දෙවන, තෙවන, සිව්වන ආදී වශයෙන් නැවත නැවත පවසන විට කෙමෙන් ව්‍යසනකාරී ඉරණමකට පත්වෙයි. එහෙත්, තමන්ට එසේ බොරු කීමෙන් අත්වන බිහිසුණු ඉරණම පිළිබඳ හැඟීමක් ඔහු තුළ ඇති නොවේ. අවසානයේ එම බොරුව සත්වෙනි වතාවටත් කී චේතිය රජතුමාට සිදුවනුයේ ජනතාව ඉදිරියේදීම පණ පිටින් අපා ගත වීමටය. ඒ අනුව ජනතාව හමුවේ බොරු කියන දේශපාලනඥයන් ජනතාව බලාසිටියදීම ‘අපා ගත වීම’ එදාට මෙන්ම අදට ද එකසේ පොදු සනාතන දහමක් බව අතිශයින් පැහැදිලිය.ඒ අනුව පන්සිය පනස් ජාතකය තුළ දක්නට ලැබෙන මෙම කතා ප්‍රවෘත්තීන් තුළ යම් බේගල් ආකෘතියක් දක්නට ලැබුණ ද ඒවා තුළින් උද්වහනය වන සමාජ යථාර්ථය මඟින් එදා මෙදා තුර දේශපාලනඥයන් ගේ ක්‍රියා පිළිබඳව ජනතාවට දෙන පණිවිඩය සුළුපටු යැයි සිතිය හැකිද?සිංහල අලුත් අවුරුදු උත්සව වල එන “කණා මුට්ටිය බිඳීම සහ අන්ධයාට කිරිකැවීම”යන තරඟ නාමයන් මෙන්ම බොරු කීමේ තරඟය බේගල් කීමේ තරඟය හෝ බේගල් තරඟය ලෙසින් වෙනස් කළ යුතු බව අප සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් ඇතුළු ආණ්ඩු පක්ෂයේ දේශපාලඥයන් ගෙන් ඉල්ලා සිටිනුයේ එම පසුබිමේ සිට ය.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර