ශ්‍රී ලංකාවේ අවුරුදු 15 ත් 29ත් යන වයස් කාණ්ඩ අතර HIV ආසාදිතයන් වැඩිවීමේ ප්‍රවණතාවක් ඇති බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ.වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්.HIV යනු ලෝකය තුළ ඇති දැඩි ව්‍යසනයක් ඇති කරන දරුණුතම ලිංගාශ්‍රිත වෛරස අතුරින් ප්‍රධාන වෛරසයක්.
ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට ඍජුවම ප්‍රහාර එල්ල කර ශරීරය දුර්වල කිරීම මෙමඟින් සිදුවන අතර කැස්සක්, හෙම්බිරිස්සාවක් වැනි කුඩා හෝ රෝගයක් වැළඳීමෙන් මරණය පවා සිදුවීම මෙහි ඇති භයානකම තත්ත්වයයි.ගතවූ ජනවාරි සිට මාර්තු දක්වා හඳුනාගත් නව ආසාදිතයන් ද ඇතුළුව මේ වනවිට මෙරට තුළ HIV ආසාදිතයන් 6,740ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙනලදි.
2024 වසරේදී නව HIV ආසාදිතයන් 824ක් හඳුනාගත් අතර ඉන් වැඩිම පිරිස කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇති බවට අනාවරණ වී තිබේ.ශ්‍රී ලංකාව, HIV ව්‍යාප්තිය අඩු මට්ටමක පවතින රටක් ලෙස සැලකුණත්, පසුගිය වසරේදී නව ආසාදිතයන් වාර්තා වීමේ සැලකිය යුතු වැඩිවීමක් තිබීම අනතුරුදායක බව සෞඛ්‍ය අංශ පෙන්වා සඳහන් කරයි.
බොහෝ පාර්ශ්වයන්හි අදහස නම් පාසල් දරුවන් පවා මේ තත්ත්වයට ගොදුරුවෙමින් පවතින බැවින් පාසල් අධ්‍යාපනයේ සිට මේ පිළිබඳ දැනුම සමාජගත කළ යුතු බවයි.