
මේ කතා කරන්නේ පෙළපොත්වල වැරදි ඇතුළත් කිරීම් ගැන නොවේ. ඒවා සිදුවුණේ කෙසේද, දඬුවම් මොනවාද යන්න මෙයට අදාළ නැත. එය අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් කාර්යයකි.
වර්තමානයේ දැනුම ලබා ගැනීමට අද කාලයේ ළමයින්ට අන්තර්ජාලය නැතුවම බැරිය. විදේශ රටවල ළමයින්ට මනා පාලනයකින් යුතුව, විශේෂ මෘදුකාංග හරහා අසභ්‍ය දේ පෙරීමෙන් පසු දුරකථන හෝ ලැප්ටොප් භාවිත කිරීමට ඉඩ ලබා දී ඇත.
ඒ සඳහා අපට වුවද නොමිලේ ලබා ගත හැකි මෘදුකාංග රාශියක් පහතින් විස්තර කර ඇත.

අප රටේ එවැනි දේවල් අනුගමනය නොකර ළමයින්ට සුපිරි දුරකථන ලබා දෙන්නේ කවුද? ඒවා තිබෙන නිසා නේද ඔය අසභ්‍ය වෙබ් අඩවිවලට ළමයින් පිවිසෙන්නේ? ඒවාට පිවිසීමට වෙබ් ලිපින (URL) හෝ කේත (QR කේත) අපේ ළමයින්ට අවශ්‍ය නැත.
දෙමවුපියන් හෝ ගුරුවරුන් තම දුරකථනයේ ගැටලුවක් ඇති වූ විට මුලින්ම අමතන්නේ දරුවාටය. ඔහු එය හරිගස්සා දෙයි. වයස අවුරුදු 3-4 වන විට ගේම් ගසන්න අඬමින් දුරකථන අතට ඉල්ලා ගන්නා ඔවුන්, වයස අවුරුදු 10-12 වන විට අන්තර්ජාල විශේෂඥයෝ ය.
වෙබ් අඩවි ටයිප් කරන්නේ ගුරුවරු හෝ දේශපාලකයන්ය යන මිථ්‍යාව ඇත. අන්තර්ජාලය ගැන දෙමවුපියන් සහ ගුරුවරුන් තම දැනුම් මට්ටම අනුව ළමයින්ව ඇගයීමට ලක් කර, ඔවුන් මේ කරන විකාරය ගැන සිනා නොවී සිටීමට බැරිය. අද කාලයේ ළමුන් පරිගණක, දුරකථන අතින් ඔය සැමට වඩා ඉතා දියුණුය. යථාර්ථය එයයි. එයට මුහුණ දිය යුතුය.

දේශපාලඥයන්, ගුරුවරුන්, දෙමාපියන් සිතා සිටින්නේ වෙබ් ලිපින නැතුව අසභ්‍ය පිටුවලට යා නොහැකි බවය.
ඔය අකුරු ගසමින් කාලය නාස්ති නොකර, ගූගල් සෙවුමට පිවිස වචනයක් දෙකක් යොදා දහස් ගණන් අසභ්‍ය පිටු තත්පරයක් තුළ ලබා ගන්නට ඔවුන්ට හැකිය. තම මිතුරන්ගෙන් ලැබෙන ආභාෂය එයට මහෝපකාරී වේ.
පාසල්වල සුහුරු පන්ති කාමරවලට පරිගණක සපයා පහත සඳහන් ළමා ආරක්ෂක මෘදුකාංග යොදා ළමයින් ආරක්ෂා කළ හැකි අතර, නිවසේදී ළමයින්ට දුරකථන ලබා දී ඇත්නම්, එවැනි ආරක්ෂක මෘදුකාංග දන්නා කෙනෙකු ලවා ඒවාට දමා, ඉන්පසු දුරකථන අතට දෙන්න.
මේ ගැන රජයට, දෙමාපියන්ට බල කළ යුතුය. පාසල් පොත් පිටු ඉරා දමවමින්, විශ්වාස භංග ගෙනෙමින් මේ කරන දේහි යටි අරමුණ ළමයින් යහමගට ගැනීම සඳහා ළමයින් වෙනුවෙන් නොවන බව කාටත් පැහැදිලිය.

දේශපාලඥයන්, ගුරුවරුන්, දෙමාපියන් සිතා සිටින්නේ වෙබ් ලිපින නැතුව අසභ්‍ය පිටුවලට යා නොහැකි බවය.
ඔය අකුරු ගසමින් කාලය නාස්ති නොකර, ගූගල් සෙවුමට පිවිස වචනයක් දෙකක් යොදා දහස් ගණන් අසභ්‍ය පිටු තත්පරයක් තුළ ලබා ගන්නට ඔවුන්ට හැකිය. තම මිතුරන්ගෙන් ලැබෙන ආභාෂය එයට මහෝපකාරී වේ.

පාසල්වල සුහුරු පන්ති කාමරවලට පරිගණක සපයා පහත සඳහන් ළමා ආරක්ෂක මෘදුකාංග යොදා ළමයින් ආරක්ෂා කළ හැකි අතර, නිවසේදී ළමයින්ට දුරකථන ලබා දී ඇත්නම්, එවැනි ආරක්ෂක මෘදුකාංග දන්නා කෙනෙකු ලවා ඒවාට දමා, ඉන්පසු දුරකථන අතට දෙන්න.
මේ ගැන රජයට, දෙමාපියන්ට බල කළ යුතුය. පාසල් පොත් පිටු ඉරා දමවමින්, විශ්වාස භංග ගෙනෙමින් මේ කරන දේහි යටි අරමුණ ළමයින් යහමගට ගැනීම සඳහා ළමයින් වෙනුවෙන් නොවන බව කාටත් පැහැදිලිය.
අසභ්‍ය වෙබ් අඩවිවලට දරුවන්ගේ ප්‍රවේශය සීමා කිරීම සඳහා නීති සහ තාක්ෂණික ක්‍රමවේද භාවිත කරන රටවල් බහුලව පවතී. ප්‍රධාන රටවල් වන්නේ ඕස්ට්‍රේලියාව, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ ඉන්දියාව වැනි රටවල්ය. ඒවායේ දරුවන් ආරක්ෂා කිරීමට පහත පරිදි දැඩි නීති ඇති කර ඒවා ක්‍රියාත්මක කර ඇත.

• ඕස්ට්‍රේලියාවේ eSafety Commissioner කාර්යාලය මගින් අසභ්‍ය අන්තර්ගතයන් වෙබ් අඩවිවලින් ඉවත් කිරීමට නියාමනය කරයි.
• එක්සත් රාජධානියේ Online Safety Act (2023) යටතේ, සමාජ මාධ්‍ය සහ වෙබ් සේවාවන්හි වයස් සීමාවන් ක්‍රියාත්මක කිරීමට සිදු වේ.
• එක්සත් ජනපදයේ COPPA (Children’s Online Privacy Protection Act) යටතේ වයස 13ට අඩු දරුවන්ගේ දත්ත ආරක්ෂණය සහ අන්තර්ගත සීමාවන් ඇත.
• ඉන්දියාවේ IT Rules 2021 යටතේ වෙබ් සමාගම්වලට දරුවන්ට අසභ්‍ය අන්තර්ගතයන් පෙන්වීම තහනම් කර ඇති අතර, AI භාවිතයෙන් වයස් සනාථකරණය කළ යුතුය.
තාක්ෂණිකව DNS අවහිර කිරීම්, SafeSearch ක්‍රමවේදයන් සහ මාපිය පාලන යෙදුම් (Google Family Link, Apple Screen Time) භාවිත වේ. මේ ගැන පහතින්ම විස්තර කර ඇත.
දරුවන්ට අන්තර්ජාලයේ අනතුරුදායක අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා වීමට භාවිත වන තාක්ෂණික ක්‍රමවේද බහුලය. මූලික තාක්ෂණික ක්‍රම:
• මාපිය පාලන මෘදුකාංග (Parental Control Apps) වන Google Family Link, Apple Screen Time සහ Qustodio මගින් වෙබ් අඩවි, යෙදුම් සහ භාවිත කාලය අවහිර කළ හැකිය.
• DNS අවහිරකරණ සේවාවන් වන OpenDNS Family Shield හෝ CleanBrowsing මගින් අසභ්‍ය හෝ හිංසන අන්තර්ගතයන් මට්ටමකින් අවහිර කරයි.
• උපාංග-අන්තර්ගත තාක්ෂණික වින්‍යාසකරණය සහ AI (Image Recognition AI) භාවිතයෙන් Net Nanny හෝ Norton Family වැනි මෘදුකාංග නුසුදුසු රූප හඳුනාගෙන අවහිර කරයි.
• අන්තර්ජාල පරිශීලක (Browser) මට්ටමේ SafeSearch (Google) සහ YouTube Restricted Mode මගින් සෙවුම් ප්‍රතිඵල හා වීඩියෝවලින් නුසුදුසු දේ ඉවත් කරයි.
දරුවන් සඳහා ගැලපෙන මාපිය පාලන යෙදුම්වල ලැයිස්තුවක් මෙසේ වේ.
ප්‍රධාන යෙදුම්:
• Google Family Link: Android සහ iOS උපාංගවල තිර කාල සීමාවන්, යෙදුම් අනුමැතිය, ස්ථානය නිරීක්ෂණය කිරීම සහ වෙබ් අන්තර්ගත සීමාවන් සපයයි.
• Apple Screen Time: iOS උපාංගවල භාවිත කාලය, යෙදුම් සීමාවන් සහ අසභ්‍ය අන්තර්ගත අවහිර කිරීම් සඳහා භාවිත වේ.
• Kids360: දරුවන්ට රසවින්දනය වන කාර්යයන් මගින් තිර කාලය ලබා දෙන අතර, යෙදුම් අවහිර කිරීම් සහ ස්ථාන නිරීක්ෂණය ලබා දෙයි.
වෙනත් යෙදුම්:
• Kidslox: තිර කාල පාලනය, වෙබ් සහ යෙදුම් නිරීක්ෂණය සඳහා සුදුසුය.
• Kids Place Parental Control: Kids Mode ලෙස ක්‍රියා කරමින් අනුමත නොකළ යෙදුම් සහ තිර කාලය සීමා කරයි.
• Qustodio සහ OurPact: බහු-උපාංග සහය, වෙබ් අවහිර කිරීම් සහ විස්තරාත්මක වාර්තා සපයයි.
වයස අනුව මාපිය පාලන යෙදුමක් තෝරා ගැනීමට දරුවාගේ සංවර්ධන මට්ටම සහ අවශ්‍යතා අනුව තෝරන්න.
• කුඩා දරුවන් (වයස 5ට අඩු): මෙම වයසේදී දැඩි සීමාවන් සහ සරල අවහිර කිරීම් අවශ්‍යයි.
o Google Family Link: තිර කාල සීමාවන්, යෙදුම් අනුමැතිය සහ සරල වෙබ් අවහිර කිරීම් ලබා දෙයි; මෙය වයස 13ට අඩු දරුවන් සඳහා විශේෂිතව නිර්මාණය කර ඇත.
o Kids Place: Kids Mode ලෙස ක්‍රියා කරමින් අනුමත නොකළ යෙදුම් සම්පූර්ණයෙන් අවහිර කරයි.
• මධ්‍යම වයස (වයස 6-12): වෙබ් අන්තර්ගත පාලනය සහ භාවිත වාර්තා අවශ්‍ය වේ.
o Qustodio: වෙබ් අවහිර කිරීම්, තිර කාල පාලනය සහ විස්තරාත්මක වාර්තා සපයයි; වයස් කාණ්ඩ 3කට බෙදා ගැලපෙන ලෙස සකස් කළ හැක.
o Kidslox: යෙදුම් නිරීක්ෂණය සහ සරල දැක්මක් ඇති බැවින් මෙම වයසට සුදුසුය.
• යෞවනයන් (වයස 13+): නිරීක්ෂණයට වැඩි ඉඩක් දෙමින් සමබරතාවයක් ලබා දෙන්න.
o Google Family Link: ස්ථාන නිරීක්ෂණය සහ යෙදුම් වාර්තා ලබා දෙන අතර, වැඩිහිටි වෙනස්කම් සඳහා ගැලපෙයි.
o Net Nanny: AI මගින් රූප හඳුනාගැනීම මගින් බුද්ධිමත්ව අවහිර කිරීම් සපයයි; යෞවනයන්ගේ ස්වාධීනත්වයට ගැලපෙන ලෙස සකස් කළ හැක.
අප දැන් ශ්‍රී ලංකාවේ දරුවන් සඳහා ක්‍රියාත්මක වන අන්තර්ජාල ආරක්ෂාව ගැන සොයා බලමු.
ශ්‍රී ලංකාවේ දරුවන්ට අසභ්‍ය වෙබ් අඩවිවලට පිවිසීම වැළැක්වීම සඳහා රජයේ දැනට පවතින පියවර සීමිත ය.
• තාක්ෂණික අවහිර කිරීම්: TRCSL (ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව) මගින් අනතුරුදායක වෙබ් අඩවි (අසභ්‍ය වෙබ් අඩවි ඇතුළුව) ISP මට්ටමින් අවහිර කිරීමේ නියාමන ක්‍රියාත්මක වුවත්, ළමා ආරක්ෂාව සඳහා විශේෂ DNS පෙරහන් හෝ ජාතික මාපිය පාලන පද්ධතියක් තවමත් සංවර්ධන මට්ටමක පවතී. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) මගින් අන්තර්ජාල ළමා ආරක්ෂණ වැඩසටහන් ඇති නමුත් ඒවා ප්‍රධාන වශයෙන් අධ්‍යාපනික සහ නීති සම්බන්ධ වේ.
• නීතිමය පියවර: ළමා ආරක්ෂණ පනත් යටතේ අසභ්‍ය අන්තර්ගතයන්ට එරෙහිව පොලිස් ක්‍රියාමාර්ග ගැනීම සිදු වේ, උදාහරණයක් ලෙස දුරකථන පරීක්ෂාවන් මගින් අපරාධකරුවන් හඳුනාගැනීම.
• රජය Hutch වැනි අන්තර්ජාල සේවා සපයන්නන් (ISP හෙවත් සමාගම්) සමඟ එක්ව දරුවන්ට අන්තර්ජාල සීමාවන් ප්‍රවර්ධනය කරයි, නමුත් අනිවාර්යයෙන්ම වයස තහවුරු කිරීම් හෝ පාසල් මට්ටමේ අන්තර්ජාල පෙරහන් තවමත් ජාතික මට්ටමින් ක්‍රියාත්මක නොවේ.
ශ්‍රී ලංකාවේ ISPs (අන්තර්ජාල සේවා සපයන්නන්) සඳහා TRCSL යටතේ අනුගමනය කළ යුතු ප්‍රධාන නියෝග කිහිපයක් ඇත.
• අන්තර්ගත අවහිර කිරීම්: TRCSL මගින් නියම කරන ලද අනතුරුදායක වෙබ් අඩවි (අසභ්‍ය, සූදු, හිංසන අන්තර්ගතයන් ඇතුළුව) ISP මට්ටමින් DNS හෝ IP මට්ටමින් අවහිර කළ යුතුය. මේ ගැන විස්තර පහතින් ඇත. ජාතික ළමා ආරක්ෂක අධිකාරිය (NCPA) සමඟ එක්ව අනුගමනය කළ යුතු අවහිර කිරීම් ලැයිස්තුවක් පවතී.
• දත්තවල ආරක්ෂාව සහ ගුණාත්මකභාවය: ISPs සේවා මට්ටම පිළිබඳ සංඛ්‍යාන ලබා දීම, ගනුදෙනුකරුවන්ගේ දත්ත ආරක්ෂා කිරීම සහ පරිශීලක රහස්‍යතාව ආරක්ෂා කිරීම අනිවාර්යයි. බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා තථ්‍ය තත්ත්වය ප්‍රකාශ කිරීම සහ සිම් කාඩ් අයථා භාවිතය වැළැක්වීමේ පනතට අනුව බලපත්‍ර ලබා ගැනීම.
• ළමා ආරක්ෂණය විශේෂිත: Hutch, Dialog වැනි ISPs මගින් මාපිය පාලන පෙරහන් හෝ පවුලට සුදුසු සැලසුම් ප්‍රවර්ධනය කිරීමට යෝජනා කර ඇති නමුත්, ජාතික මට්ටමින් අනිවාර්ය පවුලට සුදුසු DNS (උදා: OpenDNS Family Shield) ක්‍රියාත්මක කිරීමක් තවමත් සීමිතය.
උද්ඝෝෂණ පැවැත්විය යුත්තේ මේවා ක්‍රියාත්මක කරවීමටය.
මාපිය පාලන පෙරහන්, OpenDNS Family Shield සහ පවුලට සුදුසු සැලසුම් යනු දරුවන්ට අනතුරුදායක වෙබ් අන්තර්ගතයන්ගෙන් ආරක්ෂා කිරීමේ තාක්ෂණික ක්‍රමවේද ය.
• මාපිය පාලන පෙරහන් (Parental Control Filters): මෙම පෙරහන් මගින් වෙබ් අඩවි, යෙදුම් හෝ අන්තර්ගත කාණ්ඩ (අසභ්‍ය, හිංසන) ISP, රවුටර හෝ එවැනි උපාංග මට්ටමින් අවහිර කරයි. ඒවා AI රූප හඳුනාගැනීම හෝ අවහිර කළ කෙටිමං ලැයිස්තු භාවිත කරමින් ක්‍රියා කරයි.
• OpenDNS Family Shield: නොමිලේ DNS පෙරහන් සේවාවක් වන මෙය අසභ්‍ය දේ, විකල්ප මාර්ග වෙබ් අඩවි (proxy sites), තොරතුරු සොරකම් (phishing) සහ නුසුදුසු අන්තර්ගතයන් යන කාණ්ඩ 4 අවහිර කරයි.
– ක්‍රියාත්මක කිරීම: රවුටර DNS සැකසුම්වල primary DNS 208.67.222.123, secondary 208.67.220.123 ලෙස වෙනස් කර Save කරන්න. මෙය සියලුම උපාංගවලට බලපායි; ලියාපදිංචි වීමක් අවශ්‍ය නැත. දන්නා කෙනෙකු ලවා පහසුවෙන් කර ගත හැකි දෙයකි.
• පවුලට සුදුසු සැලසුම් (Family-Safe Plans): ISP (උදා: Hutch, Dialog) විසින් ලබා දෙන සීමිත අන්තර්ගත ඇතුළත් බ්‍රෝඩ්බෑන්ඩ්/මොබයිල් සැලසුම් වන අතර, මාපිය පාලන ඒකාබද්ධ කර ඇත.
– ක්‍රියාත්මක කිරීම: ISP app හෝ customer care හරහා family plan activate කරන්න; එය OpenDNS වැනි පෙරහන් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක කරයි.
ඉහත වචන පැහැදිලි කිරීම් මෙසේය.
• අන්තර්ජාල සේවා සපයන්නා (Internet Service Provider – ISP): ISP යනු පාරිභෝගිකයන්ට අන්තර්ජාල සම්බන්ධතාවය ලබා දෙන සමාගම් වන අතර, එය බ්‍රෝඩ්බෑන්ඩ්, මොබයිල් දත්ත හෝ WiFi සේවා ලෙස සපයයි. ශ්‍රී ලංකාවේ SLT-Mobitel, Dialog Axiata, Hutch සහ Airtel වැනි සමාගම් ISP ලෙස ක්‍රියා කරයි.
– කාර්යයන්: ජාල යටිතල පහසුකම් (ෆයිබර් ඔප්ටික් කේබල්, ටවර්) මගින් අන්තර්ජාලයට සම්බන්ධ කිරීම. DNS සේවාදායකයන්, IP ලිපින සහ අන්තර්ගත පෙරහන් (අසභ්‍ය අවහිර කිරීම්) කළමනාකරණය. පවුලට සුදුසු සැලසුම් ලබා දීමෙන් දරුවන්ට ආරක්ෂිත අන්තර්ජාල භාවිතය සපයයි.
• සූදු: සූදු යනු අන්තර්ජාලය තුළ gambling හෝ online betting වෙබ් අඩවි සඳහා භාවිත වන සිංහල පදයකි.
– අර්ථය: මෙම වෙබ් අඩවිවල ප්‍රධාන වශයෙන් පෝකර්, කැසිනෝ ක්‍රීඩා, ක්‍රීඩා ඔට්ටු ඇල්ලීම වැනි සූදු ක්‍රියාකාරකම් පවතී. TRCSL මගින් මෙම අනතුරුදායක අන්තර්ගතයන් ISP මට්ටමින් අවහිර කිරීමට නියෝග කර ඇති බැවින් දරුවන්ට ඒවායින් ආරක්ෂා වීමට උපකාරී වේ.
– ශ්‍රී ලංකාවේ තත්ත්වය: සූදු අවහිර කිරීම් අසභ්‍ය අන්තර්ගතයන් සමඟ එක්ව TRCSL ලැයිස්තුවක ඇතුළත් වන අතර, OpenDNS Family Shield වැනි පෙරහන් මගින් ඒවා ස්වයංක්‍රීයව අවහිර වේ. මෙය දරුවන්ගේ මූල්‍යමය හා මානසික ආරක්ෂාවට වැදගත් වේ.
ඇත්තටම සිය දරුවන් අන්තර්ජාල අපචාර සඳහා යොමු වී නරක මිතුරන් ඇසුරෙන් නරක දේවල් වලට පුරුදු වීම වැළැක්වීම සඳහා වගකීම කාගේද? රජය පමණක් නොව, දෙමාපියන්, ගුරුවරුන්, ගිහි, පැවිදි සහ සමාජ මාධ්‍ය යන සැමටම වගකීමක් ඇත.

1. දරුවන්ට තම සමාජ තත්ත්වය පෙන්වීමට ඉහළම තත්ත්වයේ අන්තර්ජාල දුරකථන ලබා දීම දෙමාපියන් විසින් නොකළ යුතුම ක්‍රියාවකි.
2. පාසල් බෑග් තුළ දමා දුරකථන රැගෙන එන දරුවන් ඕනෑ තරම් ඇත. ඒවා එකින් එක සෝදිසි කිරීම ප්‍රායෝගික නැත. විදුහල්පති සහ ගුරුවරු මේ ගැන තද විමසිල්ලෙන් පසු විය යුතුය.
3. අන්තර්ජාල පහසුකම් පාසලෙන් ලබා දිය යුතු අතර, නිවසේදී ද අවශ්‍ය වන නිසා, ඒ සඳහා භාවිත කරන පරිගණක සඳහා ඉහත සවිස්තරාත්මකව කියා ඇති ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කිරීම ගැන උපදෙස් ගුරුවරු සහ දෙමාපියන්ට වේලාවක් ලබා දී ඉගැන්විය යුතුය.
දරුවන්ගේ හැදියාව සඳහා කළ යුතු දේ ගැන රජයට බල කරන ක්‍රම රාශියක් තිබියදී, පිටුවක මුද්‍රිත අකුරු පස්සේ යාම විහිළුවකි.
රටේම ප්‍රශ්න තිබියදී වරද කොතනද කියා නොසොයා, ඒවාට විසඳුම් නොසොයා, එකිනෙකාට වරද පටවා ගනිමින් මේ කරන විකාරය නවත්වන්න.
විශේෂඥ වෛද්‍ය ආර්.එන්.ජී. රාජපක්ෂ
තොරතුරු අන්තර්ජාලය ඇසුරිනි.