සැප්තැම්බර් 28 වැනිදාට ලෝක ජලභීතිකා දිනය නිමිත්තෙන් ලොව පුරා විවිධ වැඩසටහන් සංවිධානය වෙමින් පවතී. මේ 28 වැනි ඉරිදා ශ්‍රී ලංකාවේ ද මානුෂීය පදනමකින් යුතු සුවිශේෂී වැඩසටහනක් පැවැත්වීමට නියමිතය. සැමරීමේ අරමුණ වන්නේ මිනිස් සමාජයේම වරදින් මහ මඟට ඇද වැටුණු අසරණ සුනඛයන් හට පිහිටා රක්ෂාව සලසන සත් පුරුෂයන් අගැයීමට ලක් කිරීම මුල් කොට ගැනීමයි.
මෙම උත්සවය සැප්තැම්බර් 28 වන දින පෙ.ව 9.00 සිට 11.00 තෙක් අනුරාධපුර පැරණි බස් නැවතුම් පළ අසල නැණූප ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ. පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර සහ සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය හේමාලී කොතලාවල යන අයවලුන්ගේ විශේෂ ආරාධිත දායකත්වය මෙයට හිමි වේ.
“අනුරාධපුරය ආදරය කරුණාව සපිරි සුන්දර නගරයක්” යන සංකල්පය යථාර්ථයක් බවට පත් කිරීම සඳහා උර දී හිඳින අනුරාධපුර මහ නගර සභාව, මානුෂීය ක්‍රම මඟින් සත්ව ගහන කළමනාකරණය සඳහා වන පශු වෛද්‍ය සංසදය, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සමඟ Justice for Animals සංවිධානය විසින් මෙම උත්සවය සංවිධානය කරනු ලබයි.
ලෝක ජලභීතිකා දිනය සැප්තැම්බර් 28 වැනිදාට යෙදී ඇත්තේ ජලභීතිකා රෝගයට එරෙහිව ලොව ප්‍රථම එන්නත සොයා ගත් ප්‍රංශ ජාතික ක්ෂුද්රජීව විද්‍යාඥයෙකු වූ ලුවී පාස්චර්ගේ අභාවය සිදුව ඇත්තේ ද මෙදිනම වන බැවිනි.
ජලභීතිකා රෝගය යනු මාරාන්තික වෛරස් ආසාදනයකි. මෙය ස්නායු පද්ධතියට හානි කරන අතර, වෛරසය ආසාදනය වූ සතෙකුගේ කෙළ, සපා කෑම් හෝ සීරීම් මගින් වෙනත් සතුන්ට හෝ මිනිසුන්ට සම්ප්‍රේෂණය වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) දත්තවලට අනුව, වාර්ෂිකව ලොව පුරා පුද්ගලයන් 59,000 ක් පමණ මෙම රෝගය නිසා මිය යන අතර, ඉන් වැඩිම බලපෑමක් එල්ල වන්නේ ආසියාවේ සහ අප්‍රිකාවේ අවදානම් සහිත ප්‍රජාවන්හි වෙසෙන දරුවන්ට ය.
ජලභීතිකා රෝගය පිළිබඳ කතා කිරීමේ දී අපගේ මූලික අවධානය යොමු වන්නේ සුනඛයන් වෙතටය. එයට හේතුව නම්, මිනිසුන්ට රෝගය බෝවන අවස්ථාවන්ගෙන් 99% ක්ම සිදුවන්නේ සුනඛයන්ගේ සපා කෑම් මගින් වීමය. එබැවින්, ජලභීතිකා තුරන් කිරීමේ ගෝලීය ඉලක්කයේ මූලික අවධානය යොමු වන්නේ සුනඛයන් මගින් මිනිසුන්ට බෝවන ජලභීතිකා තුරන් කිරීම කෙරෙහිය.
කෙසේ වෙතත්, ජලභීතිකා වෛරසය බෝකිරීමේ හැකියාව ඇති වෙනත් සතුන් වර්ග ද සිටිති. උතුරු ඇමරිකාවේ සහ යුරෝපය ගතහොත් වවුලන්, රැකුන් (Raccoons), හිවලුන්, සහ උරුලෑවන් වැනි සතුන් තුළ මෙම වෛරසය පවතී. වෙනත් කලාප පිළිබඳ අවධානය යොමු කළ හොත් වවුලන්, වඳුරන් සහ බළලුන් වැනි ක්ෂීරපායින් සතුන් ද ඇතැම් කලාපවලදී මිනිසුන්ට රෝගය බෝකිරීමට හේතු වී ඇත.
මෙයින් පැහැදිලි වන්නේ සුනඛ ජලභීතිකා තුරන් කළ පසුව වුවද, වවුලන් වැනි සතුන්ගෙන් මිනිසුන්ට රෝගය වැළඳීමේ කුඩා අවදානමක් තවදුරටත් ලොව පුරාම පවතින බවයි. එම නිසා, සියලුම ක්ෂීරපායි සතුන්ගෙන් ප්‍රවේශම් වීම වැදගත් ය.
ලෝක ජලභීතිකා දිනයක් ඇතිකොට වාර්ෂිකව එය සැමරීම වැදගත් වන්නේ මේ සම්බන්ධව අප තුළ වූ අවධානය අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බැවිනි. ලෝක ජලභීතිකා දිනය යනු හුදෙක් උත්සවයක් නොව, ගෝලීය සෞඛ්‍ය ප්‍රශ්නයක් සඳහා වූ සාමූහික ක්රියාමාර්ගයකි.
මෙම දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානය (UN) විසින් පිළිගෙන ඇති අතර, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) ඇතුළු ප්‍රධාන ආයතනවල සහයෝගය ඇතිව ලොව පුරා රටවල් 150කට වැඩි සංඛ්‍යාවක සමරනු ලබයි.
ලොව පුරා මෙම දිනය විවිධාකාරයෙන් සැමරීම සිදුකරයි. එයින් එකක් වන්නේ සුනඛ එන්නත්කරණ ව්‍යාපාරය යි. රෝගය බෝවන චක්‍රය බිඳ දැමීමට සුනඛ ගහනයෙන් 70%කට වඩා එන්නත් කිරීමේ දැවැන්ත වැඩසටහන් ක්‍රියාත්මක කිරීම මෙහිදී සිදු වේ. අධ්‍යාපනික වැඩසටහන් තවත් ආකාරයකි. පාසල් සහ ප්‍රජා මට්ටමින් රෝගය වැළැක්වීමේ ක්‍රම (විශේෂයෙන් සපා කෑ විට කළ යුතු ප්‍රථමාධාර සහ වහාම රෝහල් ගතවීමේ වැදගත්කම) පිළිබඳව දැනුවත් කිරීම මෙහිදී සිදු වේ. ‘One Health’ නම් සංකල්පය ඔස්සේ සිදුවන ප්‍රවේශ ප්‍රවර්ධනය තවත් එක් ආකාරයකි. මිනිස්, සත්ව සහ පරිසර සෞඛ්‍ය අංශයන් එක්වී රෝග පාලන උපාය මාර්ග ක්‍රියාත්මක කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් යොමු වීම මෙහිදී සිදු කෙරේ.
මානුෂීය ක්‍රම මඟින් පමණක් සුනඛ ගහණ කළමනාකරණය විය යුතු ය යන නවීන සංකල්පය මත පිහිටා හිඳින සැමට මෙම අවස්ථාවට එක් වන මෙන් සංවිධායකයෝ ඉල්ලා සිටිති. මෙයින් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාව තුළ ජලභීතිකා තුරන් කිරීම යනු රෝගය තුරන් කිරීම මිස, අතීතයේ මෙන් අමානුෂික ලෙස සුනඛයින් ඉවත් කිරීම නොවන බවයි.
වර්තමාන ගෝලීය සහ ශ්‍රී ලාංකේය උපාය මාර්ගය වන්නේ සුනඛයන් මරා දැමීම නවතා දමා රෝගය පාලනය කිරීමයි. මෙම උපාය මාර්ගය පදනම් වන එක් ආකාරයක් වන්නේ මහා පරිමාණයෙන් සිදුකෙරෙන එන්නත්කරණය ය. වසරකට වරක් එන්නත් ලබා දීමෙන් සුනඛයන්ගෙන් රෝගය මිනිසුන්ට බෝවීම සම්පූර්ණයෙන්ම නැවැත්විය හැකිය. ඊළඟ ක්‍රමය වන්නේ සත්ව ගහනය මානුෂීයව කළමනාකරණයයි. වන්ධ්‍යාකරණය සහ නිසි රැකවරණය ලබා දීම මගින් සුනඛ ගහනය පාලනය කිරීම මෙහිදී සිදු වේ.
ජලභීතිකා රෝගය මුලින්ම පාලනය කිරීමට උත්සාහ කළ අතීතයේදී, බොහෝ රටවල් අනුගමනය කළේ අද වන විට සාර්ථක නොවන බවට පිළිගත් ක්‍රමවේදයන් ය. ඉන් ප්‍රධානතම ක්‍රමයක් වන්නේ සුනඛයන් ඉවත් කිරීම (Culling) නම් ක්‍රමයයි. ජලභීතිකා මරණ ඉහළ මට්ටමක පැවති කාලවලදී, ලෝකයේ බොහෝ රටවල මෙන්ම ශ්‍රී ලංකාවේද අයාලේ යන සුනඛයන් මරා දැමීම මේ ක්‍රමය ඔස්සේ ක්‍රියාත්මක විය. මෙහි ඇති අකාර්යක්ෂමතාව වන්නේ සුනඛයන් මරා දැමීමෙන් ගහනය තාවකාලිකව අඩු කළද, එම සතුන් වෙනුවට ඉක්මනින්ම එන්නත් නොකළ තරුණ සුනඛයන් පැමිණ ගහනය යළි පිරවීම නිසා රෝගය පැතිරීම නැවතත් ඉහළ යාමය. එමෙන්ම මෙයින් මානුෂීය ගැටලු මතුවෙයි. මෙම ක්‍රමය අමානුෂික වූ අතර, රජයේ වැඩසටහන් කෙරෙහි ජනතාව තුළ තිබූ විශ්වාසය හා සහයෝගය බිඳ දැමීමට ද හේතු විය.
වර්තමාන ගෝලීය සහ ශ්‍රී ලාංකේය උපාය මාර්ගය වන්නේ සුනඛයන් මරා දැමීම නවතා දමා රෝගය පාලනය කිරීමයි. මෙම උපාය මාර්ගය පදනම් වන එක් ආකාරයක් වන්නේ මහා පරිමාණයෙන් සිදුකෙරෙන එන්නත්කරණය ය. වසරකට වරක් එන්නත් ලබා දීමෙන් සුනඛයන්ගෙන් රෝගය මිනිසුන්ට බෝවීම සම්පූර්ණයෙන්ම නැවැත්විය හැකිය. ඊළඟ ක්‍රමය වන්නේ සත්ව ගහනය මානුෂීයව කළමනාකරණයයි. වන්ධ්‍යාකරණය සහ නිසි රැකවරණය ලබා දීම මගින් සුනඛ ගහනය පාලනය කිරීම මෙහිදී සිදු වේ.
ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ජලභීතිකා රෝගය තුරන් කළ රටක් නොවන නමුත්, පසුගිය දශක කිහිපය තුළ ලබා ඇති ප්‍රගතිය විශිෂ්ටය. ඉන් එකක් වන්නේ මරණ සංඛ්‍යාව අඩුවීමය. 1970 දශකයේදී වසරකට වාර්තා වූ මිනිස් මරණ 300 ඉක්මවූ සංඛ්‍යාව, අඛණ්ඩ එන්නත්කරණ සහ නිවාරණ වැඩසටහන් හේතුවෙන් වර්තමානයේ 10කට අඩුවෙන් පවත්වා ගැනීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකාව 2030 වන විට සුනඛයන් මගින් මිනිසුන්ට බෝවන ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමේ ගෝලීය ඉලක්කයට කැපවී සිටී.
ගෝලීය වශයෙන් ගත් කල, රටවල් ගණනාවක් සුනඛයන් මගින් මිනිසුන්ට බෝවන ජලභීතිකා රෝගය සාර්ථකව තුරන් කර තිබේ. බොහෝ සංවර්ධිත කලාප, දශක ගණනාවක දැඩි එන්නත්කරණ සහ දේශසීමා නීතිරීති මගින් මෙම ජයග්‍රහණය ලබා ගෙන තිබේ. සම්පූර්ණ කලාපයම ජලභීතිකාවෙන් නිදහස් කර ගත් රටවල් ලෙස බටහිර යුරෝපය, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, ජපානය සඳහන් කළ හැකිය. එමෙන්ම තනි රටවල් ලෙස ජලභීතාකව සාර්ථව තුරන් කරගත් රටවල් ලෙස ඇමරිකා එක්සත් ජනපදය (2007 සිට සුනඛ ජලභීතිකා වලින් නිදහස්), කැනඩාව සඳහන් කළ හැකිය. සුනඛයන්ගේ බෝවන ජලභීතිකාව තුරන් කිරීම සම්බන්ධව ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමතය ලැබූ ප්‍රථම රට වන්නේ මෙක්සිකෝව ය.
ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් ජලභීතිකා රෝගය තුරන් කළ රටක් නොවන නමුත්, පසුගිය දශක කිහිපය තුළ ලබා ඇති ප්‍රගතිය විශිෂ්ටය. ඉන් එකක් වන්නේ මරණ සංඛ්‍යාව අඩුවීමය. 1970 දශකයේදී වසරකට වාර්තා වූ මිනිස් මරණ 300 ඉක්මවූ සංඛ්‍යාව, අඛණ්ඩ එන්නත්කරණ සහ නිවාරණ වැඩසටහන් හේතුවෙන් වර්තමානයේ 10කට අඩුවෙන් පවත්වා ගැනීමට හැකි වී තිබේ. ශ්‍රී ලංකාව 2030 වන විට සුනඛයන් මගින් මිනිසුන්ට බෝවන ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන් තුරන් කිරීමේ ගෝලීය ඉලක්කයට කැපවී සිටී.
මෙම ලෝක ජලභීතිකා දිනය, රෝගය නිවාරණය කර ගැනීම සඳහා පුද්ගලයන්, ප්‍රජාවන්, පශු වෛද්‍යවරුන් සහ සෞඛ්‍ය නිලධාරීන් එක්ව කටයුතු කළ යුතු බවට අපට බලවත් පණිවිඩයක් ලබා දෙයි. එන්නත්කරණය, කඩිනම් ප්‍රතිකාර සහ මානුෂීය සත්ත්ව කළමනාකරණය තුළින් ජලභීතිකා රෝගය මුළුමනින්ම තුරන් කිරීමේ ඉලක්කය ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයටම ළඟා කර ගත හැකි වනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක