ශ්‍රී ලංකාවට බලපෑ ‘දිට්වා’ සුළි කුණාටුවෙන් ආපදාවට පත්වූවන්ගේ සහන කටයුතු වෙනුවෙන් මුදල් ආධාර පහසු කරවීම සඳහා ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය විසින් නව නිල වෙබ් අඩවියක් හඳුන්වා දී තිබේ.
මෙම නිල වෙබ් අඩවිය “ස්ටෑන්ඩ් විත් ශ්‍රී ලංකා” (Stand With Sri Lanka) ලෙස නම් කර ඇති අතර, එහි ලිපිනය https://donate.gov.lk/ වෙයි.
ගෝලීය ප්‍රජාව, විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ ලොව පුරා සිටින පුරවැසියන් විසින් මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් නිවේදනය කර ඇති බැංකු ගිණුම් වෙත හදිසි මූල්‍ය ආධාර ලබා දීම මෙම වෙබ් අඩවිය හරහා සිදු කළ හැකියි.
මෙහිදී යොමු කෙරෙන සියලු මූල්‍ය දායකත්වයන් ආරක්ෂිතව හා විනිවිදභාවයෙන් යුක්තව ලබා දීමේ ක්‍රමවේද මෙම නිල වෙබ් අඩවියේ පවතින අතර, සියලුම මූල්‍යමය පරිත්‍යාගයන් පිළිබඳ නිවැරදි තොරතුරු ඇතුළත් ගිණුම් විස්තර වෙබ් අඩවියට පිවිස දැන ගැනීමේ හැකියාව ද පවතියි.
මෙම මූල්‍ය දායකත්වයන්ගෙන් 100%ක්ම පහත සඳහන් රජයේ හදිසි සහන මෙහෙයුම් සඳහා සෘජුවම යොමු කෙරෙන බවයි එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.
අවතැන් වූ පවුල් සඳහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබා දීම.
රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව.
තුවාල ලැබූවන් සහ අවදානමට ලක් වූ ජනතාව සඳහා හදිසි වෛද්‍ය ආධාර.
සියල්ල අහිමි වූවන් සඳහා තාවකාලික නවාතැන් සහ සහන කට්ටල ලබා දීම.
