ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ගණන් ඉහළට

ආහාර ද්‍රව්‍යවල මිල ගණන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නංවන බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසයි.

ඔවුන් සඳහන් කළේ ගෑස් මිල ඉහළයාමත් සමඟ මෙසේ මිල ගණන් ඉහළ දැමීමට තීරණය කළ බවයි.

ඒ අනුව තේ කෝප්පයක් රුපියල් 5කින්, කිරි තේ කෝප්පයක් රුපියල් 10කින්, කෙටි කෑම රුපියල් 10කින් මෙන්ම බත් සහ කොත්තු රුපියල් 25කින් ඉහළ නංවා තිබේ.

කාලීන පුවත්