මෙරට ඇතැම් ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ‘IQAir’ වෙබ් අඩවියට අනුව ඊයේ (15 ) ‘සෞඛ්‍යයට අහිතකර’ මට්ටමේ පැවතිණි.
වායු තත්ත්ව දර්ශකය නිරන්තරයෙන් යාවත්කාලීන කරන ‘IQAir’ වෙබ් අඩවියට අනුව යහපත් මට්ටමේ වායු තත්ත්ව දර්ශක කොළ පැහැයෙන්ද, මධ්‍යස්ථ මට්ටමේ වායු තත්ත්ව දර්ශක කහ පැහැයෙන්ද, සංවේදී කණ්ඩායම් සඳහා අහිතකර මට්ටමේ වායු තත්ත්ව දර්ශකය තැඹිලි පැහැයෙන් ද දක්වා ඇත. සෞඛ්‍යයට අහිතකර මට්ටම රතු පැහැයෙන් සහ ඉතා සෞඛ්‍ය සම්පන්න නොවේ යන මට්ටම දම් පැහැයෙන්ද පෙන්නුම් කරයි.
එම වෙබ් අඩවියට අනුව ඊයේ (15) පෙරවරුව වන විට මෙරට අහිතකරම වායු තත්ත්ව දර්ශකය යාපනයෙන් පෙන්නුම් කළ අතර එහි අගය 153ක් විය. එය රතු පැහැයෙන් පෙන්නුම් කර තිබිණි.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වායු තත්ත්ව දර්ශකය ඊයේ දිනයේ තැඹිලි පැහැයෙන් පෙන්නුම් කෙරිණි. කොළඹ ආශ්‍රිතව වායු තත්ත්ව දර්ශකයෙහි අගය බත්තරමුල්ල 112ක්, මාලිගාවත්ත 105ක්, මිරිහාන 114ක් ලෙස සඳහන් කර තිබිණි. අනුරාධපුර 104ක්, කිලිනොච්චිය 117ක්, මුල්ලියාවේලි 110ක්, ත්‍රිකුණාමලය 142ක් හා හලාවත 105ක් ලෙස දක්වා තිබිණි.