
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝග යටතේ ඇමරිකානු හමුදා වෙනිසියුලාව තුළ මෙහෙයුමක් දියත් කළා සේම ළඟදීම ඉරානයටත් ප්‍රහාරයක් එල්ල කරයි ද යන සැකය මේ වනවිට වඩාත් තීව්‍ර වෙමින් තිබෙනු දැකිය හැකි වේ. එවැනි තත්වයක් ඇතිව තිබෙන්නේ ඉරානයේ දැන් දින කිහිපයක සිට පැතිරෙමින් ඇති ජනතා විරෝධතා ඉතා දරුණු මට්ටමකට ළඟා වීමත් සමග ය.
ඉරාන රජයට එරෙහිව පසුගිය දෙසැම්බර් 28 වැනි දින ඇරඹුණු විරෝධතාවලට මේ වෙද්දී සති දෙකක කාලයක් ගත වී තිබේ.
විරෝධතා මර්ධනය කිරීම සඳහා රජය මහත් උත්සාහයක් ගනිමින් සිටින ආකාරයක් ද දැකගත හැකිය.
ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ විරෝධතාකරුවන් 500 ක් පමණ මියගොස් ඇති බව යි. තුවාල ලැබූවන්ගෙන් රෝහල් පිරෙමින් ඇති බවක් ද ඇතැම් මාධ්‍ය වාර්තාවල සඳහන් වන අතර දහස් ගණනක් අත් අඩංගුවට ගෙන ඇති බව ද වාර්තා වේ.
ඉරානයේ විරෝධතාවලට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ජනතාව පෙළමින් ඇති ආර්ථික ප්‍රශ්න යි. ජීවන වියදම වේගයෙන් ඉහළ යමින් ඇති අතර ඉරාන මුදල් ඒකකය වන රියාල් හි අගය විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා වේ. මෙම තත්වය තුළ ජීවත් වීම සඳහා ජනතාවට විශාල අරගලයක් කිරීමට සිදුව ඇති බව සඳහන් ය. “අප කැරළි ගසන්නේ කුසගින්න නිසා යි” වැනි පාඨ රැගත් පුවරු ද විරෝධතා අතර ප්‍රදර්ශණය වනු දැකිය හැකි විය.
මිය ගිය අය අතර විරෝධතාකරුවන් මෙන්ම ආරක්ෂක අංශ සාමාජිකයන් ද සිටින බවත්, කුඩා දරුවන් පවා මියගොස් ඇති බවත් පැවසේ.
ඉරානයේ විරෝධතාවලට ප්‍රධාන වශයෙන්ම හේතු වී ඇත්තේ ජනතාව පෙළමින් ඇති ආර්ථික ප්‍රශ්න යි. ජීවන වියදම වේගයෙන් ඉහළ යමින් ඇති අතර ඉරාන මුදල් ඒකකය වන රියාල් හි අගය විශාල වශයෙන් පහත වැටී ඇති බව වාර්තා වේ. මෙම තත්වය තුළ ජීවත් වීම සඳහා ජනතාවට විශාල අරගලයක් කිරීමට සිදුව ඇති බව සඳහන් ය. “අප කැරළි ගසන්නේ කුසගින්න නිසා යි” වැනි පාඨ රැගත් පුවරු ද විරෝධතා අතර ප්‍රදර්ශණය වනු දැකිය හැකි විය.

ජනතාවගේ නිදහස සීමා වී තිබීම වැනි කාරණා ද විරෝධතාවලට හේතු වී ඇතැයි සඳහන් වේ.
ඇමරිකාව සිටින්නේ විරෝධතාකරුවන්ගේ පැත්තේ ය. ඉරාන පාලකයන් විරෝධතාකරුවන් මරා දැමීමට දිගින් දිගටම ක්‍රියා කළහොත් ඇමරිකාව මැදිහත් වන බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
“ඔබලා වෙඩි තැබීමෙන් වැළකී සිටියොත් හොඳයි. එහෙම නොවුණොත් අපිත් වෙඩි තියන්න පටන් ගන්නවා” යයි පසුගිය දිනෙක ඔහු ඉරාන පාලකයන්ට අනතුරු අඟවා තිබිණි.
මේ අතර ඉරානයේ නායකයන් පවසන්නේ විරෝධතා උත්සන්න වීම පිටුපස ඉරානයේ සතුරන්ගේ කුමන්ත්‍රණයක් පවතින බව ය. ඇමරිකාව , ඊශ්‍රායලය වැනි රටවලට ඔවුන්ගේ චෝදනා එල්ල වනු දැකිය හැකි වේ.
නවසිය හැත්තෑ ගණන්වල සිදු වූ ඉරාන විප්ලවයෙන් පසු එරට පාලනය කරනු ලබන්නේ දැඩි ඇමරිකානු විරෝධී නායකයන් විසිනි. මේ නිසා ඉරානය තුළ රෙජීම වෙනසක් සිදුවෙනවාට ඇමරිකාව කැමති ය.
ඇමරිකාව දැන් කාලයක සිටම ඉරානයට එරෙහිව දැඩි සම්බාධක ද ක්‍රියාත්මක කරමින් සිටින අතර ඉරානයේ ආර්ථික ප්‍රශ්නවලට එය ද ප්‍රධාන හේතුවකි. ඊට අමතරව ආර්ථික සැලසුම්වල අඩුපාඩු ද, කළමනාකරණ දුර්වලතා සහ වංචා දූෂණ ද ඊට බලපා ඇති බව පෙනී යයි.
පසුගිය 28 වැනි දින ඉරානයේ අගනුවර වන ටෙහෙරාන් නුවරින් ආරම්භ වූ විරෝධතා මේ වනවිට රට පුරාම පැතිරී ඇති බව මාධ්‍ය වාර්තා කර තිබේ.
මේ තත්වය තුළ රජය විශාල ගැටලුවකට මුහුණ දී සිටිනු දැකිය හැකි වේ.
ඇමරිකාව මේ තත්වයට මැදිහත් වීමේ අනතුර ද ඉහළ යමින් ඇත.
මේ අතර පසුගිය ඉරිදා ට්‍රම්ප් කර තිබූ ප්‍රකාශයක් ද විශාල අවධානයක් දිනාගෙන තිබිණි. ඔහු පවසා තිබුණේ මේ වනවිට ඉරාන නායකයන් ඇමරිකාව සමග සාකච්ඡා කිරීමට කැමැත්ත දක්වා ඇති බව යි. මේ පිලිබඳව ඔවුන් ඇමරිකානු නිලධාරීන්ට දන්වා ඇතැයි ද ජනාධිපතිවරයා සඳහන් කර තිබේ. එසේ වුවත් එවැනි සාකච්ඡාවක් කිරීමට පෙර යම් මැදිහත් වීමක් කිරීමට සිදුවිය හැකි බවක් ද ට්‍රම්ප් ප්‍රකාශ කර තිබිණි.

ඔහු තවදුරටත් සඳහන් කර තිබුණේ හමුදාව ද ඉරානයේ තත්වය සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බවකි.
ඇමරිකාවෙන් එල්ල වී ඇති තර්ජනයට අදාලව ඉරාන විදේශ ඇමැතිවරයා වන අබ්බාස් අරාග්චි ද ප්‍රකාශයක් කර තිබිණි. ඔහු පවසා තිබුණේ ඇමරිකාවෙන් ප්‍රහාරයක් එල්ල වුවහොත් ඉරානය ද යුද වැදීමට සූදානම් බව යි.
පසුගිය ජුනි මාසයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12 ක අවි ගැටුමක් ඇති විය. එම අවස්ථාවේ තිබූ සූදානමටත් වඩා හොඳ සූදානමක් මේ වනවිට හමුදාව තුළ පවතින බව ඇමැතිවරයා තවදුරටත් පවසා තිබිණි.සාමකාමී විරෝධතා මේ වෙද්දී ත්‍රස්තවාදී මෙහෙයුමක් බවට පරිවර්තනය වී ඇති බවට ද ඔහු චෝදනා කරයි. මේ තත්වය පිටුපස ඉරානයට සතුරු බලවේග සිටින බව පෙන්වා දීමට එරට නායකයන් කටයුතු කරමින් සිටිනු දැකිය හැකි වේ.
පසුගිය ජුනි මාසයේ ඉරානය සහ ඊශ්‍රායලය අතර දින 12 ක අවි ගැටුමක් ඇති විය. එම අවස්ථාවේ තිබූ සූදානමටත් වඩා හොඳ සූදානමක් මේ වනවිට හමුදාව තුළ පවතින බව ඇමැතිවරයා තවදුරටත් පවසා තිබිණි.
සාමකාමී විරෝධතා මේ වෙද්දී ත්‍රස්තවාදී මෙහෙයුමක් බවට පරිවර්තනය වී ඇති බවට ද ඔහු චෝදනා කරයි. මේ තත්වය පිටුපස ඉරානයට සතුරු බලවේග සිටින බව පෙන්වා දීමට එරට නායකයන් කටයුතු කරමින් සිටිනු දැකිය හැකි වේ.
1978-79 කාලයේ සිදු වූ ඉරාන විප්ලවයට පෙර එරට පාලනය කළේ රජ පවුල් ය. නැවත රටේ පාලනය රජ පවුල්වල සාමාජිකයන්ට පැවරීමේ සූදානමක් ඇතැමුන් තුළ ඇති බවක් ද දැකිය හැකි වේ.
විප්ලවයට පෙර අවසන් රජු වූ මොහොමඩ් රේසා පහ්ලවි ගේ වැඩිමල් පුත්‍රයා වන රේසා පහ්ලවිට සහය දක්වන පිරිස් ද විරෝධතාකරුවන් අතර දක්නට ලැබුණු බව මාධ්‍ය වාර්තා කර තිබිණි.
රේසා පහ්ලවි මේ වනවිට වාසය කරන්නේ ඇමරිකාවේ යි.
ජනතාව විරෝධතා සඳහා කැඳවමින් ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ නිකුත් කරමින් සිටිනු ද දැකිය හැකි වේ.
ඉරානය තුළ මැදිහත් වීමක් කරන මෙන් පහ්ලවි ජනාධිපති ට්‍රම්ප්ගෙන් ඉල්ලීමක් ද කර තිබිණ.
නිහාල් පීරිස්