කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (30) ඉන්දියාවේ ගුවහාටි හිදී ඇරැඹෙන අතර පළමු තරගය සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වීමට නියමිතයි.
තරගාවලිය සඳහා කණ්ඩායම් 8ක් තරගවදින අතර මූලික වටය සඳහා තරග 28ක් ඇතුළත් වේ. පාකිස්තාන කණ්ඩායම ඉන්දියාව තුළ තරග ක්‍රීඩා කිරීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් පාකිස්තාන කණ්ඩායමේ සියලු තරග ද ඇතුළුව මූලික වටයේ තරග 11ක් මෙරට ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීම විශේෂත්වයකි. මෙවර මූලික වටය තුළ කණ්ඩායම් කාණ්ඩ කර නොමැති අතර කණ්ඩායමක් සියලුම ප්‍රතිවාදීන් සමගින් තරගය බැගින් ක්‍රීඩා කිරීමට නියමිතයි.
අද තරගය මෙරට වේලාවෙන් පස්වරු 3ට ආරම්භ කිරීමට නියමිතයි.