ඉරාන ප්‍රහාර ඉන්දියන් සාගරයටත්‍

ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය ගැටුම් මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ගොස්, ඉන්දීය සාගරය දක්වා වර්ධනය වීමේ අවධානමක් පෙන්නුම් කර ඇත. ඒ, ඉරාන විප්ලවීය හමුදාව ඉන්දීය සාගරයේ පිහිටි අතිශය වැදගත් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා මධ්‍යස්ථානයක් වන ‘දියේගෝ ගාසියා’ (Diego Garcia) කඳවුර ඉලක්ක කර ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කිරීමත් සමගයි.

කෙසේ නමුත් මෙම මිසයිලවලට නිවැරදි ඉලක්කවලට ලගා වීමට නොහැකි වූ බව ඇමෙරිකන් හමුදාව පවසයි. එක් මිසයිලයක් ගුවනේදී අක්‍රීය වී කඩා වැටී ඇති අතර, අනෙක් මිසයිලය අමෙරිකානු යුද නෞකාවකින් නිකුත් කළ ප්‍රති-මිසයිල පද්ධතියක් මගින් විනාශ කෙරුනු බව පැවැසෙයි.

ඉරානයේ සිට දියේගෝ ගාසියා දූපත පිහිටන්නේ කිලෝමීටර් 4,000ක් දුරිනි. ඒ අනුව ඉරානයට කිලෝමීටර් 4,000ක් දුර විදිය හැකි මිසයිල ඇති බව තහවුරු වී තිබේ. මීට පෙර ඇමෙරිකාව පැවැසුවේ ඉරානය සතුව ඇත්තේ කිලෝමීටර් 2,000 ක දුරකට විදිය හැකි මිසයිල පමණක් බවයි.

කාලීන පුවත්