2025 අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වෙන දිනයන් ගැන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
විභාග කොමසාරිස් ජනරාල් ඒ. කේ. එස්. ඉන්දිකා කුමාරි සඳහන් කළේ අ.පො.ස. උසස් පෙළ විභාගය නොවැම්බර් 10 සිට දෙසැම්බර් 5 දක්වා පැවැත්වෙන බවයි.
එමෙන්ම 2025 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය 2026 පෙබරවාරි 17 සිට පෙබරවාරි 26 දක්වා පැවැත්වීමට නියමිත බවද ඇය වැඩිදුරටත් සඳහන් කරයි.