එංගලන්තයට එරෙහි පළමු එක් දින ක්රිකට් තරගය ශ්රී ලංකාව ලකුණු 19කින් ඊයේ(22) ජය ගත්තේ ය.
ලකුණු 272ක ඉලක්කයක් හඹා ගිය එංලන්තයට සියලු දෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 252 ක් පමණයි.තරගයේ කාසියේ වාසිය හිමිකර ගත් ශ්රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහර දීමටයි.
ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේදී කඩුලු 6කට ලකුණු 271 රැස් කළේ ය.එංගලන්ත පිළිතුරු ඉනිම ආරම්භ කළේ සැක් ක්රෝලි සහ බෙන් ඩකට්.බෙන් ඩකට් ලකුණු 62යි,ජෝ රූට් ලකුණු 61යි.
කෙසේ වෙතත් එංගලන්ත ඉනිම ලකුණු 252කට සීමා කිරීමට ශ්රී ලංකා පන්දු යවන්නන් සමත් විය.ඒ අනුව තරගය අවසන් වූයේ ශ්රී ලංකා කණ්ඩායමට ලකුණු 19ක ජයක් සනිටුහන් කරමින්.
මෙලොවින් සමුගත් ප්රවීණ ක්රිකට් ක්රීඩක නෝමන් ගිෆර්ඩ්ට උපහාර දැක්වීම පිණිස එංගලන්ත ක්රිකට් කණ්ඩායම කළු පිට පැළැඳ තරග කරනු දැකගත හැකි විය.