එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අවසන් එක්දින තරගය අද

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තීරණාත්මක අවසන් එක්දින තරගය අද (27) පැවැත්වීමට නියමිතයි.කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

දෙරට අතර පැවති පළමු එක්දින තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කළ අතර දෙවන තරගය එංගලන්ත කණ්ඩායම ජයග්‍රහණය කරනලදි.ඒ අනුව මෙම තරගාවලියේ ජය ලබා ගැනීම වෙනුවෙන් අද පැවැත්වෙන තරගයේ ජය ලබා ගැනීමට කණ්ඩායම් දෙකටම අත්‍යාවශ්‍ය වෙයි.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට එංගලන්ත කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් ජයග්‍රහණය කළේ 2014 වසරේදීයි.ඒ අනුව අද තරගය ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළහොත් එංගලන්තයට එරෙහිව වසර 12කට පසු එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත් වෙයි.

 

කාලීන පුවත්