පසුගිය සතියට සාපේක්ෂව ඊයේ (29) එළවළු තොග මිල සියයට හැටකින් ( 60% )පමණ පහත වැටී ඇති බව දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ තොග වෙළෙන්දෝ පවසති.
මේ හේතුවෙන් එළවළු සඳහා නිසි මිලක් නොලැබෙන බවට ගොවීහු මැසිවිලි නගති.
දඹුල්ල විශේෂිත ආර්ථික වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ අනුශාසක ශාන්ත ඒකනායක පැවසුවේ, දෛනික තොග සැපයුම කිලෝග්‍රෑම් ලක්ෂ 15 – 20ක් දක්වා ඉහළ යාම මෙලෙස මිල අස්ථාවර වීමට ප්‍රධාන හේතුව වී ඇති බවයි.
තොග වෙළෙන්දන් සඳහන් කළේ එළවළු තොග සැපයුම සියයට 50කින් පමණ ඉහළ ගොස් තිබෙන බවත් එම අධික සැපයුම පහතරට හා උඩරට එළවළු මිල කඩා වැටීමට සෘජුවම බලපා ඇති බවත්ය.