අයහපත් කාලගුණය සහ යල කන්නයේ වගා කටයුතු අවසන් වීමත් සමග එළවළු මිල යළි ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු සඳහන් කරයි.
බෝංචි කිලෝවක තොග මිල රුපියල් 280ත් 300ත් අතර මිලක් දක්වාද, කැරට් කිලෝවක තොග මිල රුපියල් 110ක් දක්වාද, අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල් 300ක් දක්වාද ආදී ලෙස එළවළු මිල ගණන් ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව ආර්ථික මධ්‍යස්ථාන තොරතුරු පවසයි.
සෑම වසරකම මේ කාලයේ පවතින අයහපත් කාලගුණය සමග එළවළු නාස්තියක් සිදුවීම, යල කන්නයේ වගා කටයුතු අවසන් වී නැවත වගා කටයුතු ආරම්භ කිරීම යනාදී කාරණා මත දෙසැම්බර්, ජනවාරි මාසවලදී එළවළු මිල ගණන් ඉහළ යෑම සිදුවන බව ආර්ථික මධ්‍යස්ථාන බලධාරීහු කියා සිටිති.
පසුගිය දිනවල දෙහි කිලෝවක තොග මිල රුපියල් 2,000ක් දක්වා ඉහළ යාම නිසා ඉල්ලුම අඩුවීම හේතුවෙන් මේ වනවිට දෙහි කිලෝවක තොග මිල රුපියල් 1,300ක් දක්වා පහත වැටී තිබේ.