නොවිධිමත් මානව ක්‍රියාකාරකම් හේතුවෙන් කැළණි ගඟට ජනතාව බැහැර කරන නොයෙකුත් අපද්‍රව්‍ය හේතුවෙන් එහි ජලය බරපතල අයුරින් දූෂිත වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධාකාරී එල් බී ඒ පී පෙරේරා මහතා පවසයි.ඒ මහතා මේ බව සඳහන් කළේ කොළඹ දිස්ත්‍රික් කමිටු රැස්විමේ දීය.කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රදීප් උදුගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැති අතර කොළඹ දිසා ලේකම් ප්‍රදීප් යසරත්න මහතා ද ඊට එක්ව සිටියේ ය.