කෘෂිකාර්මික සමාජ අක් මුල් සිඳී බටහිරකරණය වූ වත්මන් බක් මහ සැනකෙළි


සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය යනු හුදෙක් චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් පමණක් නොව, මානව සබඳතා සහ විනෝදාස්වාදය මුල් කරගත් සංස්කෘතික සැනකෙළියකි. එම බව ඉදිරි දිනවල ගමක් ගමක් පාසා ‘බක් මහ සැනකෙළි’ නමින් සංවිධානය වන අලුත් අවුරුදු උත්සවවලින් සනාථ වනු ඇත. එමෙන්ම මෙහි ප්‍රබල සමාජයීය යටගියාවක් ද තිබේ. විශේෂයෙන් වර්ෂයේ ප්‍රධානතම වගා කන්නය වන මාස් කන්නයෙන් පසු ලබාගන්නා අස්වැන්න ගෙට ගැනීමෙන් පසු අතීත ගැමියන්ගේ සිත් තුළට දැනුණු සතුට, සැනසීම සහ ප්‍රබෝධය වත්මන් සිංහල අලුත් අවුරුදු කෙළි සෙල්ලම් දාමයේ ‘තිඹිරිගෙය’ වන්නට ඇතැයි මට සිතේ.

අතීත ගැමියා තමන්ට නිරුපද්‍රිතව අස්වනු ගෙට ගැනීමට උපකාරී වූ සහ පුද්ගල, පවුල්, ප්‍රජා වශයෙන් තම යහපැවැත්ම තහවුරු කළ බවක් විශ්වාස කළ දෙවි දේවතාවුන් හට දක්වන පුද පූජා වශයෙන් සේම, තම මානසික සැහැල්ලුව සහ සමාජ ඒකාබද්ධතාව සුරැකීම උදෙසා මෙලෙස පොර පොල් ගැසීම, අං ඇදීම ආදී ප්‍රාථමික සිංහල අලුත් අවුරුදු කෙළි සෙල්ලම්වල යෙදුණු බව පෙනෙයි. ඒ කෙසේ හෝ මීට දශක පහ, හයක් දක්වා සිංහල අලුත් අවුරුදු සමයේ අප රටේ කමත්වල දක්නට ලැබුණු ගරායකු ශාන්ති කර්මය, සොකරි ආදී නර්තනාංග දැන් දක්නට නැත. එමෙන්ම පංචි කෙළිය, ඔළිඳ කෙළිය ආදී ගෘහස්ථ ක්‍රීඩා ද ශීඝ්‍රයෙන් අභාවයට යමින් පවතී. ඒ හැරුණු කොට මේවර කෙළිය, එළුකොටු බැඳීම, ඉනිවැට පෙරළීම, කොපර කොපර පිපිඤ්ඤා, ඔන්චිලි පැදීම, චක්ගුඩු පැනීම ආදී පාරම්පරික සාමූහික ජන ක්‍රීඩා (Folks Plays) ද අප ජන සමාජයෙන් ශීඝ්‍රයෙන් ඉවත් වෙමින් පවතී.

ඒ අනුව අතීත ගැමියා තමන්ට නිරුපද්‍රිතව අස්වනු ගෙට ගැනීමට උපකාරී වූ සහ පුද්ගල, පවුල්, ප්‍රජා වශයෙන් තම යහපැවැත්ම තහවුරු කළ බවක් විශ්වාස කළ දෙවි දේවතාවුන් හට දක්වන පුද පූජා වශයෙන් සේම, තම මානසික සැහැල්ලුව සහ සමාජ ඒකාබද්ධතාව සුරැකීම උදෙසා මෙලෙස පොර පොල් ගැසීම, අං ඇදීම ආදී ප්‍රාථමික සිංහල අලුත් අවුරුදු කෙළි සෙල්ලම්වල යෙදුණු බව පෙනෙයි. ඒ කෙසේ හෝ මීට දශක පහ, හයක් දක්වා සිංහල අලුත් අවුරුදු සමයේ අප රටේ කමත්වල දක්නට ලැබුණු ගරායකු ශාන්ති කර්මය, සොකරි ආදී නර්තනාංග දැන් දක්නට නැත. එමෙන්ම පංචි කෙළිය, ඔළිඳ කෙළිය ආදී ගෘහස්ථ ක්‍රීඩා ද ශීඝ්‍රයෙන් අභාවයට යමින් පවතී. ඒ හැරුණු කොට මේවර කෙළිය, එළුකොටු බැඳීම, ඉනිවැට පෙරළීම, කොපර කොපර පිපිඤ්ඤා, ඔන්චිලි පැදීම, චක්ගුඩු පැනීම ආදී පාරම්පරික සාමූහික ජන ක්‍රීඩා (Folks Plays) ද අප ජන සමාජයෙන් ශීඝ්‍රයෙන් ඉවත් වෙමින් පවතී.

එමෙන්ම පසුකාලීනව අපගේ සාම්ප්‍රදායික ජන ක්‍රීඩාවලට එක් වූ ‘කොපර කොපර පිපිඤ්ඤා’ වැනි ක්‍රීඩාවන් අප රට ආක්‍රමණය කළ පෘතුගීසි හමුදාවන්ගේ සෙබළුන් කළ ක්‍රීඩා ඇසුරින් අප ජන සමාජයට අවශෝෂණය වූ ඒවා බවට සාධාරණ ලෙස අනුමාන කළ හැක. තත්ත්වය මෙසේ තිබියදී අප සමාජයේ දක්නට ලැබෙන වර්තමාන සිංහල අලුත් අවුරුදු උළෙලක ආකෘතිය විමසා බැලීම ද වැදගත් වනු ඇත. වත්මන් සිංහල අලුත් අවුරුදු උළෙලක හා අතීත අලුත් අවුරුදු උළෙලක පවතින ප්‍රධාන වෙනස නම්, අතීත අලුත් අවුරුදු උත්සවවල තිබූ ආධ්‍යාත්මික පක්ෂය වර්තමානයේ දක්නට නොමැති වීමය.

ඒ අනුව වර්තමාන සිංහල අලුත් අවුරුදු උළෙලක පවතින විවිධ ක්‍රීඩා ඉසව් දෙස බලන විට, ප්ලේ (Play – විනෝද ක්‍රීඩාව), ගේම් (Game – සෙල්ලම) සහ ස්පෝර්ට් (Sport – ක්‍රීඩාව) යන තෙවැදෑරුම් ව්‍යුහයම මනාව හඳුනාගත හැකිය. නූතන අවුරුදු උත්සවයකදී වඩාත් නිදහස් හා ස්වයංසිද්ධව සිදුවන ‘සෙල්ලම්’ (Play) අපට දැකගත හැකිය. නිදසුනක් ලෙස, අවුරුදු පිටියේ රංචු ගැසී සිටින කුඩා දරුවන් තමන්ට රිසි පරිදි දුව පැන ඇවිදීම, කිසිදු පූර්ව සැලසුමකින් තොරව සිදුකරන කවටකම් සහ ඔන්චිලි පැදීමේදී ගායනා කරන වාරම් හරහා ඇතිවන ආනන්දය මෙම ගණයට අයත් වේ. එහිදී ජයග්‍රහණයකට වඩා පුද්ගල මනසට ලැබෙන නිදහස් වින්දනය ප්‍රමුඛ වේ.

අනෙක් අතට, අවුරුදු උත්සවයක බහුලවම දක්නට ලැබෙන්නේ ‘තරඟකාරී සෙල්ලම්’ හෙවත් ගේම්ස් (Games) ය. කණාමුට්ටිය බිඳීම, අලියාට ඇස තැබීම, කොට්ටා පොරය වැනි ඉසව් මීට කදිම නිදසුන් වේ. මේවායෙහි නීති රීති පවතින නමුත්, ඒවා ප්‍රදේශයෙන් ප්‍රදේශයට හෝ සංවිධායක මණ්ඩලයේ තීරණ අනුව නම්‍යශීලී වන අතර පොදු තරඟ නීති මාලාවක් නොමැති වීම මත මේවා පාරම්පරික නොවූ ජන ක්‍රීඩා ලෙස හඳුනා ගත හැක. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ සහභාගී වන්නන් මෙන්ම නරඹන්නන් ද එකසේ විනෝදයට පත්කිරීමයි.

කෙසේ වෙතත්, නූතන සිංහල අවුරුදු උත්සව ව්‍යුහය තුළ ස්පෝර්ට් (Sport) හෙවත් විධිමත් ‘ක්‍රීඩාව’ සඳහා ද විශේෂ ඉඩක් වෙන්වී ඇත. වර්තමානයේ අවුරුදු සැනකෙළි අවසානයේ පවත්වනු ලබන මැරතන් ධාවන තරඟ, බයිසිකල් තරඟ සහ කඹ ඇදීම වැනි ඉසව් දැන් ජාතික මට්ටමේ නීති රීති සහ විනිසුරු මඩුල්ලක අධීක්ෂණය යටතේ සිදුකෙරේ. මෙමඟින් නූතන සිංහල අලුත් අවුරුදු උත්සවය යනු හුදෙක් සම්ප්‍රදායික උළෙලක් පමණක් නොව, මානව ක්‍රීඩා ලැදියාවේ විවිධ අවස්ථා එකම උළෙලකදී හමුවන සුවිශේෂී ව්‍යුහයක් බව නිගමනය කළ හැකිය.

සිංහල අලුත් අවුරුදු උත්සව සම්ප්‍රදාය තුළ වර්තමානයේ දක්නට ලැබෙන ප්‍රධානතම අංගයක් වන “අවුරුදු කුමරිය” තේරීමේ තරඟය, 1940 දශකයෙන් පසුව එම උත්සව මාලාවට එක් වූ සාපේක්ෂව නවීන අංගයකි. මෙය මූලික වශයෙන් බටහිර ලෝකයේ ජනප්‍රිය වූ “රූප රාජිනී” (Beauty Pageant) තරඟ ආකෘතියේ දේශීය මුහුණුවරක් ලෙස හඳුනාගත හැකිය. විශේෂයෙන්ම, මෙරට පුවත්පත් කලාවේ සුවිශේෂී සලකුණක් වූ ඩී. බී. ධනපාලයන්ගේ මැදිහත් වීමෙන් එවකට ටයිම්ස් ආයතනයෙන් මුද්‍රණය වූ “ලංකාදීප” පුවත්පත හරහා මෙම තරඟ රටාව දීපව්‍යාප්ත මට්ටමින් ප්‍රචලිත විය. මුල් යුගයේදී මෙය පුවත්පත් අලෙවිය ඉහළ නැංවීමේ සූක්ෂ්ම ප්‍රවර්ධන උපාය මාර්ගයක් (Circulation Strategy) ලෙස භාවිත විය.

අද වන විට මෙය පුවත්පත්වලින් ඔබ්බට ගොස් රූපවාහිනී නාලිකා සහ වාණිජ වෙළඳ නාම (Brands) වල ප්‍රධානතම ප්‍රවර්ධන මෙවලමක් බවට පත්ව තිබේ. අවුරුදු කුමාරිය තේරීමේ තරඟය ද හුදෙක් බටහිර රූපරාජිනී තරඟයන්හි අනුකරණයකි. එම තරඟාවලියක ආරම්භයේ සිට අවසන් වටය (Grand Finale) හා අවුරුදු කුමාරියට ජයග්‍රාහී පළඳනාව (Sash) පැළඳවීම දක්වා සියලුම අංග ඔස්සේ බටහිර රූ රැජින තරඟයක අංග මනාව විදහා දැක්වේ.

නූතන සිංහල අලුත් අවුරුදු උත්සවවල ජනප්‍රිය තරඟ ඉසව්වක් වන ගම හරහා දිවීම, දහනව වන සියවසේ එංගලන්තයේ ඇරඹි රට හරහා දිවීම (Cross Country Running) නම් පාසල් ධාවන තරඟයකින් ආරම්භ වූවකි. පාපැදි ධාවන තරඟ ද යුරෝපාකරයේ පවත්නා මාර්ග පාපැදි තරඟ (Road Bicycle Racing) ඇසුරින් අප ජන සමාජයට එක් වූවකි. සංගීත පුටු තරඟය ද බටහිර රටවල සිදුකරන මියුසිකල් චෙයාර්ස් (Musical Chairs) ක්‍රීඩාව එලෙසින්ම මෙහි ක්‍රියාත්මක කිරීමකි. කඹ ඇදීම (Tug of War) සහ අලියාට ඇස තැබීම ද බටහිර රටවල ප්‍රචලිත වූ බූරුවාට වලිගය තැබීම (Tail the Donkey) තරඟවල දේශීය ආරෝපණයක් බව පෙනේ. මින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ වත්මන් සිංහල අලුත් අවුරුදු උත්සව සැනකෙළි අතීත කෘෂිකාර්මික සමාජයීය මූල රූපයන්ගෙන් ගිලිහී බටහිරකරණය වී ඇති බවක් නොවෙද?

එමෙන්ම නූතන සිංහල අලුත් අවුරුදු උත්සවවල ජනප්‍රිය තරඟ ඉසව්වක් වන ගම හරහා දිවීම, දහනව වන සියවසේ එංගලන්තයේ ඇරඹි රට හරහා දිවීම (Cross Country Running) නම් පාසල් ධාවන තරඟයකින් ආරම්භ වූවකි. පාපැදි ධාවන තරඟ ද යුරෝපාකරයේ පවත්නා මාර්ග පාපැදි තරඟ (Road Bicycle Racing) ඇසුරින් අප ජන සමාජයට එක් වූවකි. සංගීත පුටු තරඟය ද බටහිර රටවල සිදුකරන මියුසිකල් චෙයාර්ස් (Musical Chairs) ක්‍රීඩාව එලෙසින්ම මෙහි ක්‍රියාත්මක කිරීමකි. කඹ ඇදීම (Tug of War) සහ අලියාට ඇස තැබීම ද බටහිර රටවල ප්‍රචලිත වූ බූරුවාට වලිගය තැබීම (Tail the Donkey) තරඟවල දේශීය ආරෝපණයක් බව පෙනේ. මින් ඉතා පැහැදිලිව පෙනෙන්නේ වත්මන් සිංහල අලුත් අවුරුදු උත්සව සැනකෙළි අතීත කෘෂිකාර්මික සමාජයීය මූල රූපයන්ගෙන් ගිලිහී බටහිරකරණය වී ඇති බවක් නොවෙද?

නමුත් වත්මන් සිංහල අලුත් අවුරුදු උත්සව සැනකෙළි හා සබැඳි මේ කවර අංගයක් වුව විචාරශීලීව පවත්වා ගෙන යාමටත් ප්‍රවර්ධනය කිරීමටත් අප ක්‍රියා කළ යුතුය. නොඑසේ නම් ඉහත සඳහන් අලි ඇස කෙසේ වෙතත්, ජාතියක් ලෙස අප අපටම බූරු වලිගය තබා ගත යුතු තැනටම කටයුතු යෙදෙනු නියතය.

තිලක් සේනාසිංහ

එතෙර - මෙතෙර