පසුගිය ජුනි 4 වැනිදා කොළඹ සිට මොරටුව දක්වා වූ මුහුදු කලාපයේ ඉතාමත් පහළින් පියාසර කළ ගුවන් යානයක් පිළිබඳ බොහෝ දෙනෙක් කතා බහ කරනු අසන්නට ලැබුණු අතර එහි ඡායාරූප ද සමාජ මාධ්‍ය තුළ සංසරණය වනු දකින්නට හැකි විය. පසුව සොයා බලද්දී දැනගන්නට ලැබුණේ එය ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් කර ගැනීමට නියමිත නවතම ගුවන් යානය බවය.
පුළුල් බඳ සහිත (Wide-body) A330-200 වර්ගයේ එයාර් බස් යානයක් වන මෙය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබෑමට පෙර මෙසේ ප්‍රදර්ශනාත්මක ගුවන් ගමනක යෙදී තිබේ.
4R-ALT ලෙස ලියාපදිංචි කොට ඇති මෙය වසර 7 ක කාලයකට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් කර ගත් ප්‍රථම එයාර් බස් යානය වේ.
මේ නව එයාර් බස් යානය wet leases නමින් හඳුන්වනු ලබන කල්බදු ක්‍රමය යටතේ ලබා ගෙන ඇති අතර එහිදී නියමුවන්, කැබින් කාර්ය මණ්ඩලය, නඩත්තු සහ රක්ෂණය මුල් සමාගම මගින් මේ අනුව හිමි වේ. මේ නව එයාර් බස් යානය ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා මිලදී ගන්නා අවස්ථාව වන විට එම සමාගම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ණය බරකින් පීඩා විඳියි. මෙය කෙතරම් ප්රමාණයක්දැයි අවබෝධ කර ගැනීමට නිදසුන් කිහිපයක් ඉදිරිපත් කල හැකිය. මෙවැනි මුදලකින් යහන් සියයකින් සමන්විත සාමාන්‍ය පහසුකම්වලින් යුක්ත රෝහල් 50ක් හෝ සාමාන්‍ය පහසුකම්වලින් යුක්ත පාසල් 400 ක් හෝ මධ්‍යම ප්‍රමාණයේ නැව් 12 – 24ක් අතර ප්‍රමාණයක් හෝ A330-200 වර්ගයේ නවතම එයාර් බස් යානා 5 ක් මිල දී ගත හැකිය.
2011 වසරේ නිෂ්පාදනය කොට ඇති අතර ඉන්ධන සකසුරුමට සහ අවම ශබ්ද නිකුත්වීම වෙනුවෙන් නමක් දිනා ගත් රොල්ස්-රොයිස් ට්‍රෙන්ට් 700 එංජින් දෙකක් සහිත මේ පුළුල් බඳ ගුවන් යානය ගමන් කළ හැකි දුර, විශ්වසනීය බව සහ මගී සුවපහසුව යනාදියට ප්‍රසිද්ධියක් උසුලයි. මෙහි ව්‍යාපාරික පංති ආසන 18 ක් සහ සාමාන්‍ය පංති ආසන 240 කින් සමන්විත වේ. මෙයට ඇත්තේ කීර්තිමත් ගුවන් ගමන් ඉතිහාසයක් බව පැවසේ. මෙයට පෙර HL8512 ලෙස ලියාපදිංචි කොට තිබූ මෙය එතිහාඩ්, ඉන්දුනීසියාවේ ගරුඩා, ප්‍රංශයේ කෝසෙයාර්, එයාර් සෙනෙගාල් සහ දකුණු කොරියාවේ ෆ්ලයි ගැංවොං යන සේවාවන් තුළ සේවයේ යෙදී තිබේ. කොරියානු ගුවන් සේවයෙන් පසු 2023 මැයි 19 වැනිදා ඔවුන් එය නැවත මුල් සමාගම වෙත ලබා දෙන ලදී.
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන තාක්ෂණ නිලධාරී කපිතාන් පැට්රික් ප්‍රනාන්දු පවසන අන්දමට නව ගුවන් යානයත් සමග මේ වන විට ඔවුන් සතුව පුළුල් බඳ සහිත ගුවන් යානා 10 ක් පවතින අතර පටු බඳ (Narrow-body) සහිත ගුවන් යානා 13 ක් පවතී. ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇති ඉල්ලුම වර්ධනය වෙමින් පවතින බවත්, එයට සාපේක්ෂව තම සේවාවන් පුළුල් කිරීමට සැලසුම් කරගෙන යන බවත් සමාගමේ සභාපති සරත් ගනේගොඩ පැවසුවේය.
මේ නව එයාර් බස් යානය wet leases නමින් හඳුන්වනු ලබන කල්බදු ක්‍රමය යටතේ ලබා ගෙන ඇති අතර එහිදී නියමුවන්, කැබින් කාර්ය මණ්ඩලය, නඩත්තු සහ රක්ෂණය මුල් සමාගම මගින් මේ අනුව හිමි වේ. මේ නව එයාර් බස් යානය ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා මිලදී ගන්නා අවස්ථාව වන විට එම සමාගම ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 1.2 ක ණය බරකින් පීඩා විඳියි. මෙය කෙතරම් ප්රමාණයක්දැයි අවබෝධ කර ගැනීමට නිදසුන් කිහිපයක් ඉදිරිපත් කල හැකිය. මෙවැනි මුදලකින් යහන් සියයකින් සමන්විත සාමාන්‍ය පහසුකම්වලින් යුක්ත රෝහල් 50ක් හෝ සාමාන්‍ය පහසුකම්වලින් යුක්ත පාසල් 400 ක් හෝ මධ්‍යම ප්‍රමාණයේ නැව් 12 – 24ක් අතර ප්‍රමාණයක් හෝ A330-200 වර්ගයේ නවතම එයාර් බස් යානා 5 ක් මිල දී ගත හැකිය. මේ ණය ප්‍රමාණය කෙතරම්දැයි දැන් ඔබට අවබෝධ වන්නට ඇත. එවැනි තත්ත්වයක් යටතේ මේ නව ගුවන් යානයෙන් පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගොඩ ගත හැකි යැයි යමෙක් සිතන්නේ නම් එය සිහිනයක් පමණි. ඔහු පොළොවේ පය ගසා සිටින්නකු නොවිය යුතුය. එබැවින් මේ නව ගුවන් යානය ශ්‍රී ලංකන් ගුවන් සේවයට එක් කර ගැනීම අපට මහත් සේ සතුටු විය හැකි කාරණාවක් වන්නේ නැත. මෙය කිරිබත් කා සතුටු විය යුතු අවස්ථාවක් යැයි ආණ්ඩුවේ ඇමතිවරයකු පැවසුව ද මෙය එවැනි අවස්ථාවක් නොවේ. තවත් ඇමතිවරයකු පවසා තිබුණේ මිනිසුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට ඇති ආදරය දැක තමාගේ දෑස්වලට කඳුළු නැගුණු බවය. මේ නව එයාර් බස් යානය ගොඩ බෑමට පෙර ප්‍රදර්ශනාත්මක ගුවන් ගමනක නිරත වීම මිනිසුන් බලන්නට උත්සුක වීමෙන්, ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයට දැඩි ආදරයක් දක්වන බවක් කියැවෙන්නේ නැත. ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දැන් පවතින තත්ත්වය පිළිබඳ සැබෑ අවබෝධයකින් සිටින පුරවැසියකු මේ නව එයාර් බස් යානය එක් කර ගැනීම දැකිය යුත්තේ තවත් අවදානමක් ලෙසින් පමණි.
මේ පවතින ණය තත්ත්වය යටතේ නිසි කළමනාකාරිත්වයකින් වැඩ කටයුතු නොකළ හොත් කෙමෙන් පාඩු වන මට්ටම අවම කරගනිමින් මෙය ඉදිරියට පවත්වාගෙන යාමට හැකියාවක් ලැබෙන්නේ නැත. යම් හෙයකින් ගුවන් සේවය තව තවත් පාඩු ලබන්නට පටන් ගතහොත් එය පවත්වාගෙන යන්නට මුදල් ලබා දිය යුතු වන්නේ මූලික වශයෙන් රජයට සහ රාජ්‍ය මූල්‍ය ආයතනවලටය. දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනුවෙන් අති විශාල මුදල් කන්දරාවක් ලබා දී ඇත්තේ ලංකා බැංකුව බව සැලකේ. ජනතා සුබසිද්ධිය වෙනුවෙන් ආයෝජනය කළ හැකි මුදල් කන්දරාවක් කිසිසේත් ගොඩ ගැනීමට හැකියාවක් නොපෙනෙන කාර්යයකට ලබා දීමෙන් අවසන් වශයෙන් බර අදින්නට සිදුවන්නේ ද පොදු ජනතාවටමය.
ජාතියක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා නොකර සිටින්නට අපට හේතුවක් නැත. නමුත් මේ එයාර් බස් යානයෙන් එය සාක්ෂාත් කර ගත හැකි යැයි සීතීම තේරුමක් ඇති දෙයක් නොවේ. නිසි කළමනාකාරීත්වයකින් තොරව, හුදෙක් ජනතාව සතුටු කරවන ආකාරයේ තාවකාලික ප්‍රදර්ශනයන් කළහොත් සිදුවන්නේ මෙය තවත් වල පල්ලට යාම පමණි. මේ තව අවබෝධ කරගනිමින් වැඩකටයුතු කළ හොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය දෙසට සුළු හෝ සහන එළියක් පතිත වනු ඇත.
මෙයට පෙර පැවති රජයයන් ද විවිධ ව්‍යාපෘති සම්බන්ධයෙන් පුරසාරම් දොඩමින් වැඩ වරද්දා ගත් අතීතය අමතක කළ නොහැකිය. පවතින රජය ද ක්ලීන් ශ්‍රී ලංකා, බස් රථවල කොටස් ගැලවීම, රිළා – වඳුරු ගැටලු විසඳීම වැනි ප්‍රයෝගික නොවන ව්‍යාපෘති ආරම්භ කොට ඒවා අසමත් වූ ආකාරය පැහැදිලිව පෙනෙන්නට ඇති කාරණයකි. එබැවින් එයට වඩා බරපතළ තත්ත්වයක පවතින, අතිමහත් ණය කන්දරාවකට යට වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව එයාර් බස් යානයක් ගෙනා පමණින් පුරසාරම් දෙඩීමට යාම නුවණට හුරු කාරණයක් නොවන බව පැවසිය යුතුය.
කෙසේ නමුත් ජාතියක් ලෙස ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සුබ සිද්ධිය ප්‍රාර්ථනා නොකර සිටින්නට අපට හේතුවක් නැත. නමුත් මේ එයාර් බස් යානයෙන් එය සාක්ෂාත් කර ගත හැකි යැයි සීතීම තේරුමක් ඇති දෙයක් නොවේ. නිසි කළමනාකාරීත්වයකින් තොරව, හුදෙක් ජනතාව සතුටු කරවන ආකාරයේ තාවකාලික ප්‍රදර්ශනයන් කළහොත් සිදුවන්නේ මෙය තවත් වල පල්ලට යාම පමණි. මේ තව අවබෝධ කරගනිමින් වැඩකටයුතු කළ හොත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනාගතය දෙසට සුළු හෝ සහන එළියක් පතිත වනු ඇත.
නිරංජන් චාමින්ද කරුණාතිලක