කොළඹ සුපිරි ​වෙළෙඳසල් ඇතුළු ආයතන රැසකට නඩු

පාලන මිල ඉක්මවා සහ කල් ඉකුත් වූ ආහාර අලෙවි කිරීමේ ​චෝදනා මත කොළඹ නගරයේ පිහිටි ඇතැම් ප්‍රධාන පෙළේ සුපිරි වෙළෙඳසල් ඇතුළු ආයතන රැසකට එරෙහිව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය, කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු 51ක් ඊයේ (30 වැනිදා) පවරන ලදී.

​බොරැල්ල, නාරහේන්පිට, වේල්ලවීදිය, අංගොඩ, මුල්ලේරියාව, දෙමටගොඩ පිහිටි වෙළෙඳසල් කිහිපයකට සහ කොළඹ 5 වන හරස් වීදිය, බංගසාලවීදිය ඇතුළු ප්‍රදේශවල පිහිටි සුපිරි වෙළෙඳසල් ඇතුළු ආයතන 51කට එරෙහිව එලෙස නඩු පවරා තිබිණි.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ රංජිත් වීරවර්ධන සහ අවිශ්කා විරාජිනි විසින් එම නඩු කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පවරා තිබිණි. කල්ඉකුත් වූ සැමන්, සිසිල් බීම, ආයුර්වේද ඖෂධ, දන්තාලේප අලෙවි කිරීම, ආනයනයකරුවන්ගේ තොරතුරු රහිත ආලේපන විකිණීමට ප්‍රදර්ශනය කිරීම, පාලන මිල ඉක්මවා පානීය ජල ​බෝතල් සහ කීරි සම්බා අලෙවි කිරීම, මිල ප්‍රදර්ශනය නොකර බී ලූනු අලෙවි කිරීම ඇතුළු චෝදනා රැසක් යටතේ එම නඩු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමු​වේ පවරා තිබිණි.

කාලීන පුවත්