
ලොව ගුවන් අනතුරු ඉතිහාසයේ ලොකුම අබිරහස ලෙස සැලකෙන්නේ මෙයට වසර 11 කට පෙර සිදු වූ සිද්ධියක්. එහි දී සිදු වූයේ මගීන් සහ කාර්ය මණ්ඩලයේ 239 දෙනෙකු රැගෙන පියාසර කරමින් තිබූ ගුවන් යානයක් කිසිදු ලකුණක් ඉතිරි නොකර, සිතා ගැනීමටත් නොහැකි ආකාරයෙන් අන්තර්ධාන වීම යි.
මෙම සිද්ධිය සිදුවූයේ 2014 වසරේ මාර්තු 8 වැනි දින යි. එයට මුහුණ දුන් මැලේසියානු ගුවන් යානය එදින දහවල් 12.40 ට පමණ එරට අගනුවර වන ක්වාලා ලම්පූර් හි ගුවන්තොටුපලෙන් අහසට නැංගේ චීනයේ බීජිං ගුවන්තොටුපල බලා ගමන් කිරීම සඳහා යි. ඒ වනවිට එහි මගීන් 227 දෙනෙකුත්, කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකුත් ගමන් කරමින් සිටියා.
කෙසේ හෝ වේවා යානය ගමන් ආරම්භ කර විනාඩි 38 කට පසු එය සහ ගුවන් ගමන් පාලන මැදිරිය අතර තිබූ සබඳතා එකවරම නතර වුණා. එයින් පසු රේඩාර් සංඥාවලින් පෙන්නුම් කළේ යානය එය ගමන් කිරීමට නියමිත වූ මාර්ගයෙන් ඉවත්ව වෙනත් මාර්ගයක ගමන් කරමින් සිටින බව යි. එය මැලේ අර්ධද්වීපයට සහ අන්දමන් මුහුදට ඉහළින් ගමන් කරන ආකාරයක් ද දැකගන්නට ලැබී තිබුණා. අවසානයේ පෙනැංග් නැමැති දූපතට කි.මී. 370 ක් පමණ වයඹ දෙසින් ගමන් කරමින් තිබිය දී යානය රේඩාර් තිරවලින් ද අතුරුදන් වුණා. ඒ එය ගුවන් ගත වී පැයකුත් විනාඩි හතළිස් පහකට පමණ පසුව යි.
මෙම සිද්ධිය සිදු වී මේ වනවිට වසර 11 ක් ගත වී ඇතත් මෙම යානයට සිදු වූයේ කුමක්ද යන්න තවමත් නොවිසඳුනු අබිරහසක්. යානයට අයත් යයි විශ්වාස කෙරුනු සුන්බුන් ඉතා සුළු ප්‍රමාණයක් පමණක් පසු කාලයේ ආසියාවේ සහ අප්‍රිකාවේ ඇතැම් වෙරළ තීරවලට ගොඩ ගසා තිබිය දී සොයා ගැනුණා. නමුත් යානයේ ප්‍රධාන කොටස්වත්, මගීන්ගේ සිරුරුවත් සොයාගන්නට ලැබුණේ නැහැ. එය ඉහත කී ආකාරයෙන් නියමිත ගමන් මාර්ගයෙන් ඉවතට ගමන් කිරීමට හේතුවත් නිශ්චිත වශයෙන් සොයා ගැණුනේ නැහැ.
කෙසේ හෝ වේවා මෙම සිද්ධිය ගැන මේ දිනවල නැවතත් අලුතෙන් අවධානයක් යොමුවෙමින් තිබෙනවා. එයට හේතුව නම් මෙහි සුන්බුන් සොයා ගැනීමේ මෙහෙයුමක් නැවත ආරම්භ කිරීමට මැලේසියානු රජය සූදානම් වීම යි. මෙම මෙහෙයුම දෙසැම්බර් 30 වැනි දින ආරම්භ වීමට නියමිතව ඇති බවත් වාර්තා වෙනවා. මෙය දින 55 ක මෙහෙයුමක් වනු ඇති බවත් සඳහන්.
සැබැවින්ම මෙම අලුත් මෙහෙයුම ආරම්භ කිරීමට මුලින් යොදාගෙන තිබුණේ පසුගිය මාර්තු මාසයේ යි. එකල එය ආරම්භ කළත් අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් එය පවත්වාගෙන යාමට හැකිවුණේ නැහැ. දින කිහිපයකින් මෙහෙයුම අත්හැර දමන්නට සිදු වුණා.
මේ ආකාරයෙන් අතුරුදහන් වුණේ බොයිං වර්ගයේ ගුවන් යානයක්. එය අතුරුදන් වූ කාලයේ මේ ගැන විවිධ අදහස් ඉදිරිපත් වුණා. එවැනි එක් අදහසක් වුයේ නියමුවකු වුවමනාවෙන්ම යානය අනතුරට ලක් කරන්නට ඇති බව යි. දිවි නසා ගැනීම සඳහා ඇතැම් අවස්ථාවල ගුවන් නියමුවන් මෙවැනි දේ කරන බව විශ්වාස කෙරෙනවා. කිසියම් පාර්ශ්වයක් යානය පැහැරගෙන යන්නට ඇති බවටත් අදහස් ඉදිරිපත් වුණා.යානය එහි නියමිත ගමන් මාර්ගයෙන් ඉවත් කර වෙනත් දිශාවකට පියාසර කරවීම සඳහා කිසිවෙකු එහි පරිගණක ප්‍රෝග්‍රෑම වෙනස් කළා ද යන සැකයකුත් සමහරුන් තුළ මතු වී තිබුණා.
2014 වසරේ යානය අතුරුදන් වූ කාලයේත් එය සොයා ගැනීම සඳහා දැවැන්ත මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. එවැනි එක් මෙහෙයුමක් සඳහා රටවල් 26 ක් සම්බන්ධ වූ අතර නැව් 60 ක් ද, ගුවන් යානා 50 ක් එහි දී යොදා ගනු ලැබුවා.
ඉන්දියානු සාගර කලාපයේත් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. මෙතරම් දැවැන්ත මෙහෙයුම්වලින් පසුව පවා කිසිවක් සොයා ගැනීමට හැකි වුණේ නැහැ.
මේ ආකාරයෙන් අතුරුදහන් වුණේ බොයිං වර්ගයේ ගුවන් යානයක්. එය අතුරුදන් වූ කාලයේ මේ ගැන විවිධ අදහස් ඉදිරිපත් වුණා. එවැනි එක් අදහසක් වුයේ නියමුවකු වුවමනාවෙන්ම යානය අනතුරට ලක් කරන්නට ඇති බව යි. දිවි නසා ගැනීම සඳහා ඇතැම් අවස්ථාවල ගුවන් නියමුවන් මෙවැනි දේ කරන බව විශ්වාස කෙරෙනවා. කිසියම් පාර්ශ්වයක් යානය පැහැරගෙන යන්නට ඇති බවටත් අදහස් ඉදිරිපත් වුණා.
යානය එහි නියමිත ගමන් මාර්ගයෙන් ඉවත් කර වෙනත් දිශාවකට පියාසර කරවීම සඳහා කිසිවෙකු එහි පරිගණක ප්‍රෝග්‍රෑම වෙනස් කළා ද යන සැකයකුත් සමහරුන් තුළ මතු වී තිබුණා.
මෙම අබිරහස සම්බන්ධයෙන් කළ විමර්ශණවල දී යානයේ නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පෞද්ගලික ජීවිත සම්බන්ධයෙන් පවා විමර්ශණ කරනු ලැබුවා. ඔවුන්ගේ කායික මානසික සෞඛ්‍යය, ඔවුන්ගේ ආර්ථික තත්වය ආදිය පිලිබඳව සොයා බලන ලද අතර ඔවුන්ගේ සමීපතමයන්ගෙන් ප්‍රශ්න කිරීමටත් කටයුතු කළා.
ගුවන් තොටුපලේ සීසීටීවී කැමරාවල වූ දර්ශණ ද පරීක්ෂාවට ලක් කරන ලද බව පැවසෙනවා. ඒ, ගුවන් නියමුවන්ගේ සහ කාර්ය මණ්ඩලයේ අයගේ හැසිරීම් ආදියේ යම් අසාමාන්‍ය බවක් තිබුණා ද යන්න තහවුරු කර ගැනීමට යි.
කෙසේ නමුත්, නියමුවන් සම්බන්ධයෙන්වත්, කාර්ය මණ්ඩල සාමාජිකයන් සම්බන්ධයෙන්වත් කිසිදු අසාමාන්‍ය තත්වයක් ගැන මෙම විමර්ශණවල දී අනාවරණය වී තිබුණේ නැහැ.
යානය පිලිබඳ අබිරහස විසඳීම අරමුණු කරගෙන දෙසැම්බර් 30 වැනි දින ආරම්භ වන මෙහෙයුම ඉන්දියානු සාගර කලාපය කේන්ද්‍ර කරගත් මෙහෙයුමක්. මෙහිදී වර්ග කි.මී 15,000 ක පමණ ප්‍රදේශයක් ආවරණය කිරීමට නියමිත යි.
මෙම යානයේ ගමන් කළ මගීන් අතර විවිධ ජාතීන්ට අයත් මගීන් සිටි අතර වැඩි දෙනා චීන ජාතිකයන්. මගීන් 227 දෙනාගෙන් 153 දෙනෙකුම චීන ජාතිකයින් වූ බවයි වාර්තා වුණේ.
යානයට හෝ මගීන්ට හෝ සිදු වූයේ කුමක්ද යන්න අනාවරණය නොවීම මෙම මගීන්ගේ ඥාති හිතවතුන් ගේ කම්පනය වඩාත් තීව්ර කිරීමට හේතු වුණා. යානය අතුරුදන් වී වසර 11 කට පසු එය සොයා ගැනීම සඳහා නැවතත් මෙහෙයුමක් දියත් කෙරෙන්නේ එම කාරණය ද සැලකිල්ලට ගනිමිනු යි.
නිහාල් පීරිස්