පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ලකුණු කිරීම පමණක් කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවසීය.
හිස් කොටුවේ තනි කතිරකින් පමණක් ඡන්දය ප්‍රකාශ කළ යුතු බවත් ඡන්ද පත්‍රිකාවේ යමක් ලිවීම, ඇදීම, නමක් ලිවීම, කුරුටුගෑම හෝ වෙනත් කිසිඳු ආකාරයේ සටහන් දැමීම ඡන්දය ප්‍රතික්ෂේප වන බවත් ඒ මහතා පවසන ලදි.
මෙවර මැතිවරණයේදී එක් එක් පළාත් පාලන ආයතනය වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කර ඇති බව කී ඒ මහතා මැතිවරණ රාජකාරිය අත්‍යවශ්‍ය රාජකාරියක් වීම නිසා නියමිත නිලධාරීන්ට, නියමිත ස්ථානයට වාර්තා කිරීම අත්‍යවශ්‍ය බව ද සඳහන් කරයි.