59 වැනි වරටත් පැවැත්වෙන ජාතික අලුත් සහල් මංගල්‍යය අද (08) සහ හෙට (09) දෙදින අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අබියසදී පැවැත්වෙයි.
දිවයිනේ දිස්ත්‍රික්ක 25 නියෝජනය වන පරිදි ගොවි ජනතාවගේ සහභාගීත්වයෙන් ජාතික අලුත් සහල් මංගල්‍යය සංවිධානය කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.අටමස්ථානාධිපති, නුවරකලාවිය ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම හේමරතන නාහිමියන්ගේ අනුශාසනා පරිදි ආගමික වතාවත් සිදුකෙරෙයි.
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශය ප්‍රධාන ආයතන සහ සංවිධාන ගණනාවක් උලෙළේ සංවිධාන කටයුතු සිදුකරයි.මහා සංඝරත්නය ප්‍රධානව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල් කාන්ත, නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ගොවි ජනතාව ඇතුළු පිරිසක් මෙම අවස්ථාව හා එක්වීමට නියමිතයි.