ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කර ඇති අතර කිසිදු බාධාවක් මේ වන විට පැමිණ නැති බවයි.
මේ වන විට මැදපෙරදිග රටවල පවතින යුද ගැටුම් හමුවේ මධ්‍යස්ථව කටයුතු කරමින් සිටින බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.