ජාතික බදු සතිය අදින් (02) ආරම්භ වෙයි. ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක උත්සවය ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්වීමට නියමිතයි.
“බදු ශක්ති” නමින් එම බදු සතිය ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති අතර අද සිට ලබන 07වනදා දක්වා වු සතිය තුළ බදු ගෙවීම් සම්බන්ධයෙන් ජනතාව දැනුම්වත් කිරීමට අපේක්ෂා කරන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් පී.කේ.එස් ශාන්ත මහතා සඳහන් කරයි.