ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැඩි අපහසුතාවට පත් කරන ආකාරයේ තීන්දුවක් එරට අධිකරණයක් ලබා දී තිබේ. මෙම තීන්දුව ලබා දී ඇත්තේ අපේ රටට ද බලපාන කාරණාවකට අදාලව ය.
විවිධ රටවලින් ඇමරිකාවට ගෙන්වනු ලබන භාණ්ඩ වෙනුවෙන් ඉහළ තීරු බදු අය කිරීමට ට්‍රම්ප් විසින් ගන්නා ලද තීරණය පසුගිය කාලයේ ලොව පුරා විශාල ආන්දෝලනයක් ඇති කළ කාරණයක් විය. මෙය බොහෝ රටවල ආර්ථිකයන්ට දැඩි බලපෑමක් ඇති කළ පියවරක් වූයේය. ශ්‍රී ලංකාව ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩ සඳහා ද ඔහු මුලින් සියයට 44 ක ඉතා ඉහළ තීරු බද්දක් ප්‍රකාශයට පත් කළේය. කෙසේ හෝ වේවා, පසුව එය සියයට 30 දක්වා ද, අවසානයේ සියයට 20 දක්වා ද අඩු කර ගන්නට මෙරට රජයට හැකි විය.
ට්‍රම්ප් කම්පනයට පත් කරන ආකාරයේ තීන්දුවක් පසුගිය සිකුරාදා ඇමරිකාවේ අභියාචනාධිකරණයක් විසින් ලබා දෙන ලදී. මෙම තීන්දුවෙන් පැවසුණේ ට්‍රම්ප් විසින් පනවනු ලැබූ බොහෝ තීරු බදු නීති විරෝධී බව යි. මෙම බදු පැනවීමේ දී ජනාධිපතිවරයා ඔහුගේ බලතල ඉක්මවා කටයුතු කර ඇති බව අධිකරණය තීන්දු කර තිබේ.
බදු ප්‍රතිශතය අඩු කළත් මෙයින් අපේ රටේ අපනයන ආදායමට, ආර්ථිකයට, ඇතැමුන්ගේ රැකියාවලට යම් බලපෑමක් සිදුවනු ඇති බව අමුතුවෙන් කිව යුතු නොවේ. ශ්‍රී ලංකාවට මෙන්ම ලෝකයේ රටවල් රැසකට ට්‍රම්ප් ගේ තීරුබදු නිසා බොහෝ අපහසුතාවන්ට මුහුණ දෙන්නට සිදු වී ඇත.
කෙසේ හෝ වේවා, ට්‍රම්ප් කම්පනයට පත් කරන ආකාරයේ තීන්දුවක් පසුගිය සිකුරාදා ඇමරිකාවේ අභියාචනාධිකරණයක් විසින් ලබා දෙන ලදී. මෙම තීන්දුවෙන් පැවසුණේ ට්‍රම්ප් විසින් පනවනු ලැබූ බොහෝ තීරු බදු නීති විරෝධී බව යි. මෙම බදු පැනවීමේ දී ජනාධිපතිවරයා ඔහුගේ බලතල ඉක්මවා කටයුතු කර ඇති බව අධිකරණය තීන්දු කර තිබේ.
මෙයට පෙර පසුගිය මැයි මාසයේ ද මෙයට සමාන තීන්දුවක් එරට ජාත්‍යන්තර වෙළෙඳාම පිලිබඳ අධිකරණය විසින් ද ලබා දී තිබිණි. දැන් අභියාචනාධිකරණයක් ද එම තීන්දුව තහවුරු කර තිබේ.
ට්‍රම්ප් මෙම තීරු බදු පැනවීමේ දී උපයෝගී කරගත්තේ ජාත්‍යන්තර හදිසි ආර්ථික බලතල පිළිබඳ පනත නම් පනතකි. කෙසේ නමුත් අභියාචනාධිකරණය පවසන්නේ තීරු බදු පැනවීම සඳහා බලයක් මේ තුළින් ජනාධිපතිවරයාට නොලැබෙන බව යි. එම බලය ඇත්තේ ඇමරිකානු කොංග්‍රසයට බවට ද පිලිගැනීමක් තිබේ.
මෙම තත්වය තුළ මෙම ආන්දෝලනාත්මක තීරු බදු ආපසු හරවා ගැනීමට ට්‍රම්ප් පරිපාලනයට සිදු වේවි ද යන කුතුහලය බොහෝ දෙනා තුළ ඇති වී තිබෙනු දැක ගත හැකි වේ. කෙසේ හෝ වේවා, අධිකරණය දී ඇති තීන්දුව ට්‍රම්ප්ගේ බදු නිසා අපහසුතාවට පත් අප වැනි රටවල් තුළ යම් බලාපොරොත්තුවක් ඇති කරන්නක් බව අමුතුවෙන් කිව යුතු නැත.
ට්‍රම්ප් ගේ තීරු බදු නීති විරෝධී බව අභියාචනාධිකරණය තීන්දු කර ඇතත් මෙම තීරු බදු ක්‍රියාත්මක වීම ක්ෂණිකව නතර කිරීමට නියෝග කර නැත. මෙම තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට යාමට ට්‍රම්ප් පරිපාලනයට අවශ්‍ය නම් ඒ සඳහා යම් කාලයක් ලබා දී තිබේ. ඒ, ලබන ඔක්තෝබර් 14 වැනි දින දක්වා ය.
තමුන් මේ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බවක් ට්‍රම්ප් අඟවා තිබේ. ඒ අනුව ඔහුගේ තීරු බදුවල අනාගතය තීරණය වනු ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවකින් පසුව බව පෙනේ.
අභියාචනාධිකරණය සිකුරාදා දුන් තීන්දුව ජනාධිපති ට්‍රම්ප් ගේ දැඩි නොසතුටට හේතු වී තිබූ අතර ඔහු එම තීන්දුව විවේචනය කර තිබෙනු ද දැකිය හැකි විය. සිය Truth Social සමාජ මාධ්‍ය පිටුවේ මේ ගැන සටහනක් තබමින් ඔහු පවසා තිබුණේ මෙම තීන්දුව ක්‍රියාත්මක වුවහොත් එය ඇමරිකාවට විනාශය කැඳවන්නක් වනු ඇති බව යි.
ට්‍රම්ප් මෙම තීරු බදු පැනවූයේ ඇමරිකාවට පාඩු සහගත ආකාරයේ වෙළෙඳ සබඳතා පවත්වනු ලබන රටවලට එරෙහිව යි. ඇතැම් රටවල් ඇමරිකාවට විශාල වශයෙන් භාණ්ඩ අලෙවි කළත් ඇමරිකාවෙන් මිල දී ගන්නේ ඊට වඩා බොහෝ අඩුවෙනි. එනම් මෙවැනි රටවල් ඇමරිකාවෙන් ආනයනය කරන භාණ්ඩවල වටිනාකම ඇමරිකාවට අපනයනය කරන භාණ්ඩවල වටිනාකමට වඩා බෙහෙවින් අඩු ය. මෙය ඇමරිකාවට පාඩුදායක තත්වයකි.
අභියාචනාධිකරණය දුන් තීන්දුව ඇමරිකානු ආර්ථිකය මත යම් ක්ෂණික බලපෑමක් ඇති කිරීමට පිලිවන. ඇතැම් ආර්ථික විශේෂඥයන් පවසන්නේ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරු බදු සම්බන්ධයෙන් කවර තීන්දුවක් ලබා දෙනු ඇත්ද යන්න ගැන බොහෝ රටවලට අවිනිශ්චිතතාවක් ඇති වනු ඇති බවත්, ඒ නිසා ඇමරිකාව සමග කරන වෙළෙඳ ගණුදෙනු යම් තරමක් පසුවට කල් තැබීමට ඔවුන් කටයුතු කරනු ඇති බවත් ය. මේ හේතුවෙන් ඇමරිකාවේ ආර්ථික කටයුතුවල යම් පසුබෑමක් ඇති විය හැකිය යන්න ඔවුන්ගේ අදහස යි.
ට්‍රම්ප් ඉහත කී තීරු බදු පැනවූයේ මෙම පාඩු සහගත තත්වය විසඳා ගැනීම සඳහා ය. ඉහළ තීරු බදු හරහා ඉහත කී රටවල් මත බලපෑමක් ඇති කර ඒ තුළින් ඇමරිකාවට වඩාත් වාසිදායක වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීමට ට්‍රම්ප් උත්සාහ ගත්තේය.
අභියාචනාධිකරණය දුන් තීන්දුව ඇමරිකානු ආර්ථිකය මත යම් ක්ෂණික බලපෑමක් ඇති කිරීමට පිලිවන. ඇතැම් ආර්ථික විශේෂඥයන් පවසන්නේ ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තීරු බදු සම්බන්ධයෙන් කවර තීන්දුවක් ලබා දෙනු ඇත්ද යන්න ගැන බොහෝ රටවලට අවිනිශ්චිතතාවක් ඇති වනු ඇති බවත්, ඒ නිසා ඇමරිකාව සමග කරන වෙළෙඳ ගණුදෙනු යම් තරමක් පසුවට කල් තැබීමට ඔවුන් කටයුතු කරනු ඇති බවත් ය. මේ හේතුවෙන් ඇමරිකාවේ ආර්ථික කටයුතුවල යම් පසුබෑමක් ඇති විය හැකිය යන්න ඔවුන්ගේ අදහස යි.
අභියාචනාධිකරණය දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ආපසු හරවන්නට ඉඩ ඇති බවට ද අදහස් පළ වේ. එයට හේතුව ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් නව දෙනාගෙන් සය දෙනෙකුම ට්‍රම්ප් අයත් රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපතිවරුන් විසින් පත් කරනු ලැබූවන් වීම ය. ඒ සය දෙනා අතරින් තුන් දෙනෙකු පත් කරන ලද්දේ ට්‍රම්ප් විසිනි. තීරු බදු සම්බන්ධ කාරණයේ දී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් බහුතරයක් ජනාධිපතිවරයාගේ දැක්ම පිලිගැනීමට වැඩි ඉඩක් ඇති බව ඇතැම් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
නිහාල් පීරිස්