ටිකල් පාරේ ගමනාගමනයට තවදුරටත් බාධා

බොරැල්ල පොලිස් වසමේ මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ කොළඹ දෙසට පිවිසෙන මංතීරුවේ ගිලා බැසීමක් සිදුවිය.ඒ ඊයේ (21) උදෑසන කාලයේදීයි.

එම මංතීරුවේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම නවතා දැමීමට පොලීසිය කටයුතු කරනලදි.එහි ප්‍රතිසංස්කරණ කටයුතු ඊයේ (21) පස්වරුවේ ආරම්භ කළද තවමත් එය අවසන් වී නොමැති බවයි වාර්තා වෙයි.

එමනිසා අද (22) උදෑසන කාලයේදී මොඩල්ෆාම් හන්දිය අසල සිට ඩී. එස් සේනානායක හන්දිය දක්වා වූ ටිකල් පාරේ එක් මංතීරුවක් පමණක් භාවිතා කරමින් ගමනාගමන කටයුතු සිදු කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.

කාලීන පුවත්